දිවයින පුරා විසිරී සිටින බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දැනුම හා ප්‍රවීණත්වය මගින් ජාතික මට්ටමේ දායකත්වයක් ලබාදීම අරමුණු කරමින් බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා මූලික පුහුණු වැඩසටහනක් පසුගියදා නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සංවිධායකත්වයෙන් එම දෙදින වැඩසටහන පැවැත්විණි.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සභාපති හා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති බුද්ධික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩසටහන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ අධ්‍යාපනවේදීන් වන විමල් කොතලාවල හා සුසන්ත තිලකරත්න මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබූහ.
නැඟෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් අලියාර් ෆයිසර් මහතා ද මේ අවස්ථාවට එක් වූ අතර, Mcfoil, Mobil, Li-Ning සහ 3M අනුග්‍රාහකත්වයෙන් යුතුව වැඩසටහන පැවැත්විණි.