සන්ෂයින් හෝල්ඩිංග්ස් ‘SUN සම්මාන’ උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සේවක සේවිකාවන් ඇගයීමට ලක් කරයි

SUN AWARDS Collage (LBN)

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් විසින් සංවිධානය කළ වාර්ෂික සම්මාන උළෙලේදී 2023/24 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සේවක සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කරන ලදී. ‘Ignite the Future’ තේමාව යටතේ සිය සෞඛ්‍ය සේවා, පාරිභෝගික සේවා සහ කෘෂි ව්‍යාපාර යන ව්‍යාපාරික අංශයන්හි සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබිණ.

කුසලතා, විශිෂ්ටතා හා සභාපති සම්මාන 156ක් විශිෂ්ටයින් වෙත තිළිණ කළ මෙම සම්මාන උළෙල සඳහා සන්ෂයින් හෝල්ඩිංග්ස්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්, උප සභාපති විශ් ගෝවින්දසාමි, ප්‍රධාන විධායක කමිටු සාමාජිකයින්, සම්භාවනීය අමුත්තන් හා සේවක සේවිකාවන් එක්ව සිටියහ.

 



 

මීට අමතරව වසර 10 සිට 20 දක්වා දීර්ඝ කාලයක් සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ සේවක සේවිකාවන්ගේ පක්ෂපාතීත්වය අගයමින් දිගුකාලීන සේවා සම්මාන 89ක්ද මෙහිදී පිරිනමන ලදී. එසේම සේවා ස්ථාන විශේෂ දායකත්වයන් වෙනුවෙන් වූ සම්මාන 13ක් ද මෙහිදී ප්‍රදානය කෙරිණ. 3000කට අධික සේවක සේවිකාවන් පිරිසකගෙන් සමන්විත සන්ෂයින් හෝල්ඩිංග්ස්හි සාර්ථකත්වය වෙනුවෙන් කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළ සේවක සේවිකාවන් වෙත මෙම සම්මානයන් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් සන්ෂයින් හෝල්ඩිංග්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් ෂතාසිවම් මහතා සඳහන් කර සිටියේ “අප ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ සියලු දෙනා දක්වන දායකත්වය වෙනුවෙන් පළමුව මාගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. එසේම අද දවසේ සම්මාන දිනාගත් සියලු දෙනාට මාගේ සුභ පැතුම් එක් කිරීමටත් මෙය අවස්ථාවක් කොට ගන්නවා. අපගේ එක් එක් ව්‍යාපාර අංශයන් තුළ තමන්ගේ වගකීම මනාව හඳුනාගෙන සිටින  සියලු දෙනා ආයතනයේ කාර්යසාධනය වෙනුවෙන් එම වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේදී ඉතා අභියෝගාත්මක කාලයකට මුහුණ දුන් අපට  ඉදිරියේදීත් එවන් අභියෝගාත්මක තත්වයන් වෙත මුහුණ දීමට සිදු විය හැකියි. ඒ සෑම විටම අභියෝග මධ්‍යයේ නවෝත්පාදන හඳුන්වා දෙමින් කැපවීමෙන් හා වගකීමෙන් යුතුව නොසැලී ඉදිරියට යාමට සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහයට හැකියාව උදා වූ බව සතුටින් මතක් කළ යුතුයි. අපගේ සාර්ථකත්වයේ ශක්තිය වන්නේ අපගේ මානව සම්පතයි. ඔවුන්ගේ ශක්තිය මතින් පසුගිය මූල්‍ය වර්ෂයේදී සමාගමට සුවිසල් සාර්ථකත්වයක් අත් කර ගැනීමට හැකි වූ බවත් මෙහිදී සඳහන් කළ යුතුයි”. යනුවෙනි.

සන්ෂයින් හෝල්ඩිංග්ස් SUN සම්මාන උළෙල එහි සේවක සේවිකාවන්ගේ කලා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටද කදිම අවස්ථාවක් විය. එහිදී ගායන හා නර්තන හැකියාවන් තුළින් සම්මාන වේදිකාව රසවත් කිරීමට සන්ෂයින් සේවක සේවිකාවන් කටයුතු කරනු ලැබුවේ කලා හැකියාවන් තුළද ඔවුන් සතු ප්‍රතිභාව වේදිකාව මත ප්‍රදර්ශනය කරමිනි.

2024 මාර්තු 31න් අවසන් වූ වර්ෂය සඳහා රුපියල් බිලියන 55.5ක ඒකාබද්ධ සමූහ ආදායමක් වාර්තා කිරීමට සන්ෂයින් සමත් වූයේ පෙර වසරට වඩා 7%ක වර්ධනයක් සනිටුහන් කරමිනි. සමාලෝචිත කාලය තුළ බදු පසු ලාභය රු. බිලියන 6ක් බවට පත් වූයේ 66.4%කින් වර්ධනයක් සමඟිනි. පෙර වසර හා සැසඳීමේදී 27.6%ක වර්ධනයක් සමඟින් දළ ලාභය රු.3.7ක් දක්වා ශක්තිමත් අගයක පවත්වා ගැනීමටද සන්ෂයින් හෝල්ඩිංග්ස් හි සෞඛ්‍ය සේවා සහ පාරිභෝගික අංශයන්හි දායකත්වය වඩාත් ඉවහල් විය.  අදාල කාල පරිච්ඡේදයේදී දළ ලාභ ආන්තිකය 31%ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව පදනම් ලකුණු 500කින් සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරන ලදී. සමාගමේ ආදායම වෙනුවෙන් විශාලතම දායකත්වය දැක්වීමට සන්ෂයින් හෙල්ත්කෙයාර් අංශය සමත් වූ අතර එය සමස්ත ආදායමෙන් 50%ක කොටසක් ලෙස දැක්විය හැකිය. පාරිභෝගික භාණ්ඩ අංශය 34.8%ක් ද කෘෂි ව්‍යාපාර අංශය 15%ක්ද වශයෙන් එයට දායක වී ඇත.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් “ජාතිය ගොඩනැගීමට” දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.

වසර 57 කට පෙර 1967 දී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 2,000 කට අධික සංඛ්‍යාවකින් සහ FY23 සඳහා රු. බිලියන 55ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee Confectionary සහ Healthguard Pharmacy වැනි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන 2023 දී ද  “Great Place to Work” සහතිකය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව