Westbury Residencies – Colombo 10 ඉහළ අලෙවියක් වාර්තා කරයි

Westbury Residencies

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස අවශ්‍යතාව අඛණ්ඩව ඉහළ යාමට ප්‍රතිචාරයක් ලෙස Westbury Suites ඉදි කළ නවතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 හි ඒකක 35න් 20ක් ඉතා කෙටි කාලයකින් අලෙවි වී තිබේ. මෙම වේගවත් අලෙවිය ඔවුන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව එම සමාගම සඳහන් කළේය. Campbell Avenueහි පිහිටා ඇති Westbury Residencies – Colombo 10 නවීන ගෘහ නිර්මාණ ශිල්පය, සියුම් නිර්මාණාත්මක බව සහ සුවපහසු බව කැටි කර ගත් නිවාස සංකීර්ණයකි. එය ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු සහ මූල්‍ය ආයතන ආදියට ඉතා ආසන්නව පිහිටා තිබීම මෙම කැපී පෙනෙන අලෙවියට ප්‍රධාන හේතුවක් විය.

 



 

මේ පිළිබඳව අදහස් දක්වමින් ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහෙස් පැවසුවේ සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කරමින් සැළසුම් කිරීම, උසස් ඉදි කිරීම් ප්‍රමිතිවලට අනුගත වීම සහ ඉලක්කගත වෙළෙඳපොළ උපක්‍රම හරහා මෙම සාර්ථකත්වය ලැබූ බවයි. “දේශීය වෙළෙඳපොළේ අවශ්‍යතා සහ අභිරුචි නිවැරැදිව හඳුනා ගැනීමෙන් විවිධ පාරිභෝගිකයන්ට ගැළපෙන නිවසක් නිර්මාණය කරන්න අපට හැකි වුණා. ව්‍යාපෘතියේ ගුණාත්මක බව, සෑම අංශයක් පිළිබඳවම යොමු කර ඇති ඉහළ මට්ටමේ අවධානය සහ වටිනාකම් එකතු කිරීම ගැන පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ඉතාමත් ධනාත්මකයි. විශ්වාසනීය බව සහ විනිවිදභාවය වැනි කරුණු නිසා ඔවුන් මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක මිල දී ගන්න යොමු වුණා කියලා බොහෝ පාරිභෝගිකයන් සඳහන් කළා.” ඔහු පැවසීය. “වර්තමාන වෙළෙඳපොළ තත්ත්ව තුළ Westbury Residencies – Colombo 10 අභියෝගවලට මුහුණ දෙමින් වර්ධනය ළඟා කර ගත් දේපොළ වෙළෙඳාම් ව්‍යාපෘති සඳහා විශිෂ්ටම උදාහරණයක්. දැනටමත් නිවාස ඒකක 20ක් අලෙවි වෙලා තිබෙනවා. ඉතිරි නිවාස ඒකක මිල දී ගැනීම පිළිබඳවත් බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා. මේ සියල්ල සමඟ Westbury Residencies – Colombo 10 සුඛෝපභෝගී නිවාස ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් ඇති කරන්න සූදානම්.” මුහෙස් පැවසීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව