Sun Siyam Pasikudah, පළමු වරට සංචාරක උදාව ප්‍රදර්ශනයට එක්වෙයි

1- Sun Siyam Pasikudah (LBN)

මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය, එළඹෙන මැයි 17 සහ 18 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ  (BMICH) පැවැත්වෙන 2024 සංචාරක උදාව ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිත ය. මාලදිවයිනේ Sun SIyam Resorts හෝටල් ජාලයට අනුබද්ධිත Sun Siyam Pasikudah, සංචාරක උදාව ප්‍රදර්ශනයට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. වාර්ෂිකව දහස් ගණනක් සහභාගීවන සංචාරක උදාව යනු මෙරට සංචාරක කර්මාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන දැවැන්තම ඉසව්ව ලෙස හැඳින්වීම නිවැරදි ය.

 



 

මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය විශාල පිබිදීමකට ලක්ව ඇති අතර, බොහෝ සංචාරකයෝ ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස තෝරාගැනීමට විශාල නැඹුරුවක් දක්වති. මෙම පසුබිම තුළ 2024 සංචාරක උදාව ප්‍රදර්ශනය සංවිධානය කිරීමට ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (Sri Lanka Association of Inbound Tour Operators – SLAITO) පියවර ගෙන තිබේ.

එකොළොස් වැනි වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට සංචාරක කර්මාන්තයේ නියුතු දැවැන්ත සමාගම් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ සේවා සපයන්නන් ද එක්වීම විශේෂත්වයකි. ඊට දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන දක්ෂ ව්‍යවසායකයින් රැසක් ද ඇතුළත් ය. එහිදී ඔවුන්ට තම සංචාරක සේවා ප්‍රදර්ශනය කිරීමටත්, ප්‍රධාන ධාරාවේ සංචාරක කර්මාන්ත පාර්ශ්වකරුවන් සමඟ සබඳතා ගොඩනඟාගැනීමටත් අවකාශ උදා වේ.

Sun Siyam Pasikudah හෝටලය සුඛෝපභෝගී නවාතැන්, ප්‍රනීත ආහාර අත්දැකීම්, සුවදායී සම්බාහන ප්‍රතිකාර ආදී සංචාරකයින්ට අවශ්‍ය සේවා රැසක් සුවිශේෂී ලෙස පිළිගැන්වීමට ක්‍රියාකරන බුටික් හෝටලයකි. තරු පහ ශ්‍රේණියේ මෙම හෝටලය සතුව ඒකවර්ණ සහ රන්වන් පැහැය මුසුවුණු අභ්‍යන්තර වර්ණ අලංකරණයෙන් යුත් Sun Siyam Pasikudah සතුව ඉඩකඩ සහිත නවීන නිදන කාමර එකකින් සහ දෙකකින් යුත් garden හා beach pavilion 34ක් පවතී.

ත්‍රාසජනක බව, සංස්කෘතික පූර්ණත්වය සහ සන්සුන් බව ඇතුළු සියල්ල පරිපූර්ණ වූ සංචාරක අත්දැකීමක් සමීප කරවීමට Sun Siyam Pasikudah කැපවී සිටියි. දිවයිනේ නැගෙනහිර වෙරළ කලාපයටම ආවේණික වූ ආගන්තුක සත්කාරකත්වය මෙහිදී අත්විඳිය හැක.  Infinity පිහිනුම් තටාකයේ නිදහසේ කාලය ගතකිරීමටත්, කැරෝකේ ශාලාවේදී ගී ගයමින් විනෝද වීමටත්, සම්බාහන ප්‍රතිකාර ලබාගනිමින් සුවසේ කල් ගෙවීමටත්, ටෙනිස් හෝ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙමින් ක්‍රියාශීලීත්වය සමීප කරගැනීමටත්, දේශීය සංස්කෘතිකාංග දැකබලා ගැනීමටත්, පාසිකුඩා මුහුදේ යාත්‍රා කිරීමටත් සංචාරකයින්ට ඉඩකඩ හිමිවේ.

යටත් විජිත යුගයට අයත් ආහාර පාන ද මුසු කරගත් ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය උසස් අයුරින් මෙහිදී අත්විඳීමට සංචාරකයින්ට අවස්ථාව උදාවේ. තව ද The Cellar හිදී උසස් තත්ත්වයේ වයින් රස බැලීමට අවස්ථාව උදාවන අතර,  තේ රස බැලීමේ (Tea Tasting) පහසුකම් ද රැගත් Tea House, ක්ෂණික කෙටි ආහාර (පිට්සා සහ වෙනත් ග්‍රිල්ඩ් ආහාර) පිළිගන්වන Slice & Grill සහ කැරිබියානු කලාපයට ආවේණික ස්වරූපයේ, විවිධ බීම වර්ග රැගත් Beach Shack ආදී ආහාරපාන අත්දැකීම් රැසක් හෝටලයට ඇතුළත් ය. එමෙන්ම රාත්‍රී කාලයේදී ගිනි මැලයක් දල්වමින් සියලු සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සුහද කතාබහ හෝරාව ද මෙහිදී පිරිනැමෙන තවත් නැවුම් අත්දැකීමකි.

අසමසම සංචාරක අත්දැකීමක් පිරිනමන Sun Siyam Pasikudah පිළිබඳ තවත් විස්තර දැනගැනීමට මැයි 17 සහ 18 දිනවලදී ප්‍රදර්ශන ශාලාවේ C169 සහ C176 කුටිවලදී හෝටලයේ නියෝජිතයින් මුණගැසීමේ අවස්ථාව හිමිවේ. https://www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවිය හෝ 0652055555 සහ 0702424263 දුරකථන අංක හරහා වැඩිදුර තොරතුරු විමසිය හැක.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව