AIA ඉන්ෂුවරන්ස් ලංකා පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමට ‘AIA සුව වළං’ වැඩසටහන දියත් කරයි.

PR IMAGE.. (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් වන AIA, මෙරට පළමු  වරට නව්‍ය වූ සංකල්පයක් සහිත  ඩිජිටල් ව්‍යාපෘතියක් හඳුන්වා දෙයි.  “AIA සුව වළං” ලෙස නම්කර ඇති මෙම වැඩසටහන ඔස්සේ විශේෂයෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් සහ සියලුම ජනතාව පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කෙරේ.

 



 

පියයුරු පිළිකාව ලොව පුරාවට වැඩිපුරම රෝග විනිශ්චය වන්නා වූ පිළිකා වර්ගයයි.  ශ්‍රී ලංකාවේ පමණක් කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් 27%ක ප්‍රමාණයක් පියයුරු පිළිකා ගණයට අයත් වෙන අතර දිනපතා අවම වශයෙන් රෝගීන් 14 දෙනෙකු සොයාගන්නා බව වාර්තා වේ.  පියයුරු පිළිකාව ඉතා පහසුවෙන් ප්‍රතිකාර කල හැකි එමෙන්ම සුවකර ගත හැකි පිළිකා වර්ගයක් වන අතර ඒ සඳහා කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.  එහෙත් ශ්‍රී ලාංකීය කාන්තාවන් විවිධ දුර්මත සහ වැරදි වැටහීම් නිසා සිය පියයුරු නිතිපතා පරීක්ෂා කර ගැනීමෙන් වැලකී සිටියි.  එමෙන්ම අධික වියදම් සහ ඒ හා සම්බන්ද වේදනාව නිසා මැමෝග්‍රෑම් වැනි පියයුරු පිළිකා සඳහා ඇති පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට ඔවුන් මැලි කමක් දක්වන අතර පිරිමි වෛද්‍යවරුන් හමුවීමට ඇති අකමැත්ත ද තවත් හේතුවක් වේ.

පියයුරු පිළිකාව සම්බන්දයෙන් ඇති සංස්කෘතිකමය වශයෙන් සංවේදී බවත්, කල්තියා හඳුනාගෙන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කල යුතු රෝගී තත්ත්වයක් නිසාත් ඒ සඳහා දැනුවත්භාවයක් ලබාදීමේ අවශ්‍යතාවය AIA ඉන්ෂුවරන්ස් හි අපි හඳුනා ගත්තෙමු.  ඊට ප්‍රතිචාර වශයෙන්,  ශ්‍රී ලංකා පිළිකා සංගමය හා එක්ව, කාන්තාවන්ට සිය පියයුරු  නිතිපතා ස්වයං පරීක්ෂාව සඳහා උනන්දු කරවීමට  “AIA සුව වළං” දැනුවත් කිරීමේ වැඩසටහන සැලසුම් කරන ලදී.  මෙම අසමසම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික  චිත්‍ර ශිල්පීය ක්‍රමයක් මෙන්ම ශ්‍රී ලාංකීය කාන්තාවන් අතීතයේ සිට භාවිතා කල විශේෂිත ස්වභාවික පුරුද්දක ආභාෂයද එක්කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන් නිවසේ ආහාර පිසීම සඳහා මැටි වළං මිලදී ගනියි.  වලං මිලදී ගැනීමට පෙර ඒවායේ ගුණාත්මක බව සොයා බැලීමට වළඳ වටේට හොඳින් අතගා බලා ඊට තට්ටු කර එහි පිපිරීම්, දුර්වර්ණවීම් සහ ගැටිති ඇතිදැයි පරීක්ෂා කිරීම සැමගේ පුරුද්දකි.  අතීතයේ පටන් පැවත එන මේ පුරුද්ද ස්වයං පියයුරු පරීක්ෂාව හා සමකල හැකි ක්‍රියාවක් ලෙස අප හදුනා ගත්තේ පියයුරු පිළිකා රෝග ලක්ෂණ  සඳහා පරීක්ෂා කල යුතු වන්නේ ද පියයුරෙහි ප්‍රමාණයේ,  හැඩයේ,  වර්ණයේ ඇතිවිය හැකි වෙනස්කම් මෙන්ම ගැටිති ඇති දැයි සොයා බැලීම මගින් බැවිණි.

පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම සඳහා කාන්තාවන්හට නිවසේ දී ස්වයං පරීක්ෂාව ප්‍රවර්ධනය සඳහා වූ මෙවලමක් ලෙස, ගැටිත්තක් සහිතව  විශේෂයෙන් නිමවන ලඳ මැටි බඳුනක් බෙදා හැරීම  “AIA සුව වළං”  ව්‍යාපෘතිය ඔස්සේ සිදු කෙරේ.  ඊට අමතරව  නිවසේ දී ස්වයං පරීක්ෂාව සිදු කිරීම සඳහා වූ  සරල පියවර 5ක් නිරූපණය කරන,  ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ සංස්කෘතික කලාවන්ගෙන් ආභාෂය ලබන කලා ශෛලියකින් ඇඳ ඇති චිත්‍ර ඇතුලත්  රූප සටහන් සෑම  සුව වළං මැටි බඳුනකම ඇතුලත් කර ඇත.

ආකර්ශනීය මාර්ගෝපදේශයන් සමඟින්, කලාත්මකව නිමවා ඇති මෙම මැටි භාජන, ස්වයං-පරීක්ෂා කිරීම ඵලදායී ලෙස සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව කාන්තාවන්ට පහසුවෙන් අනුගමනය කළ හැකි උපදෙස් ලබා දේ.  අතීතයේ සිට පැවත එන හුරුපුරුදු සංස්කෘතික භාවිතයක් සමඟින් සෞඛ්‍ය අධ්‍යාපනය ඒකාබද්ධ කිරීම මගින් ශ්‍රී ලාංකීය කාන්තාවන්ට පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවයට පහසු ප්‍රවේශයක් ලබාදීම AIA ඉන්ෂුවරන්ස් අරමුණු කරයි.

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමඟින් එක්ව කල්තියා පියයුරු පිළිකාව හදුනා ගැනීමේ වැදගත්කම පිළිබඳ  දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් සිටියි.  මෙම වැඩසටහන් තුල පියයුරු පිළිකා පිළිබඳ සවිස්තරාත්මක ආදර්ශන, ස්වයං පරීක්‍ෂා කිරීම් සහ කිසියම් විෂමතාවක් අනාවරණය වුවහොත් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ මග පෙන්වීම් ද  ඇතුළත් වේ.

“AIA සුව වළං” ව්‍යාපෘතිය ඔස්සේ සමාජ මාධ්‍ය සඳහා සකස් කරන ලද වීඩියෝවක් සමඟින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම අන්තර්ජාලය හරහා ද සිදු කරන අතර වීඩියෝවට ලැබෙන shares  ගණන අනුව අවශ්‍යතා ඇති කාන්තාවන් සඳහා පියයුරු පිළිකා පිළිබඳ ශාරීරික පරීක්ෂණ  කිහිපයක් සඳහා ද අනුග්‍රහය දක්වයි.  “AIA සුව වළං” – ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පියයුරු පිළිකා පිළිබඳ සංඛ්‍යාලේඛන සහ රෝග ලක්ෂණ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරගත් ඩිජිටල් පොස්ට් මාලාවක් ද  පළ කෙරෙනු ඇත.  දැනටමත් සමාජ  මාධ්‍ය තුල නිතර සැරිසරන, හැමෝම දන්නා හඳුනන සමාජය වෙත ධනාත්මක බලපෑමක් ඇතිකළ හැකි සුවිශේෂී පුද්ගලයින් විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව පළ කරන ලද වීඩියෝව share කරමින් ඒ පිළිබඳව ධනාත්මක ලෙස කරුණු කියාපෑම විශේෂත්වයකි.

AIA සුව වලන් ව්‍යාපෘතිය ඔස්සේ AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාව තුල වඩාත් සෞඛ්‍ය සම්පන්න මෙන්ම වඩාත් දැනුවත් සමාජයක් ගොඩනැගීම සඳහා ඇති කැපවීම තවදුරටත් පිළිබිඹු වෙයි.  මෙවන් ව්‍යාපෘති ඔස්සේ, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අඛණ්ඩව තමන් සේවය කරන්නා වූ ප්‍රජාවන් සඳහා සිය සම්පත් දායකත්වය සපයමින් ධනාත්මක වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ඇති කැමැත්ත සහ උනන්දුව තහවුරු වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව