කොමර්ෂල් බැංකුව රට පුරා විසිරී සිටින තම කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ කාන්තා දිනය සමරයි

Women's Day 2024 staff event (LBN)

කොමර්ෂල් බැංකුව රටපුරා විසිරී සිටින බැංකුවේ කාන්තා කාර්ය මණ්ඩලය ආවරණය වන ලෙස පැවැත්වූ  “Counting HER in and Investing in HER” වැඩසටහන හරහා දැනුම හුවමාරු කර ගනිමින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබීය.

කොමර්ෂල් බැංකුවේ කාන්තා බැංකුකරණ ඒකකය සහ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන හරහා බලාපොරොත්තු වූයේ කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් සම්බන්ධ කර ගැනීම වැඩිකිරීමත්, ඔවුන්ගේ හැකියාවන් සහ වර්ධනය වැඩිදියුණු කිරීමයි.

 



 

බැංකුවේ ශ්‍රවණගාරයෙහි පැවැත්වුණු වැඩසටහන සඳහා මුළු දිවයින ම ආවරණය කරමින් MS TEAMS හරහා ද සහභාගීත්වය සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා සියලු‍ සාමාජිකයන් සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාන අවස්ථා ලබා දෙන බව අවධාරණය කළේය. එමෙන් ම සියලු‍ සේවකයින්ට සාර්ථකත්වයට පත් විය හැකි දිරිගන්වන පරිසරයක් නිර්මාණය කිරීමට බැංකුව වගකියන බව ඔහු කියා සිටියේය. බැංකුවෙහි සාර්ථකත්වය උදෙසා කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ හැකියාවන් හඳුනා ගැනීම සහ එම හැකියාවන් වර්ධනය කිරීමට ආයෝජනය කිරීම වැදගත් බවත් බැංකුව මේ වනවිටත් කාන්තා කාර්ය මණ්ඩලය වර්ධනය කිරීම සහ සවිබල ගැන්වීම සිදු කරන අතර මෙම වැඩසටහන ඒ සඳහා තවත් දිරිමත් කිරීමක් වන බව මනතුංග මහතා පවසා සිටියේය.

AIA ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිළධාරී/විධායක අධ්‍යක්ෂිකා චතුරි මුනවීර මහත්මිය, ජැට් හෝල්ඩින්ග්ස් සමගමෙහි විධායක නොවන අධ්‍යක්ෂිකා අනීකා විලියම්ස් මහත්මිය සහ Terapy ආයුර්වේද තේ හි නිර්මාතෘ/අධ්‍යක්ෂිකා රුවිනිකා රණසිංහ මහත්මිය ඇතුලු‍ කීර්තිමත් පුද්ලයින්ගෙන් සමන්විත මණ්ඩලයක් ආයතනික වශයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම සහ නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි දර්ශනයක් සපයන ලදි.

ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීම, තෝරා ගත් අංශයක් හෝ ක්ෂේත්‍රයක් තුළ වෘත්තීය ආචාර ධර්ම සමඟ සාර්ථකත්වයට ළඟා වන්නේ කෙසේද, රැකියාවේ නියුතු කාන්තාවක් සහ මවක් වශයෙන් රැකියාවේ සහ ජීවිතයේ සමතුලිතතාවය ළඟා කර ගැනීම, ඉලක්ක කරා ගමන් කිරීමේ වැදගත්කම, වෘත්තීය සුදුසුකම්හි වැදගත්කම සහ අනෙකුත් වෘත්තීන් වල නියැලෙන කාන්තාවන් හට ආදර්ශයක් වන ආකාරය යන මාතෘකා අන්තර්ගත කරමින් වැඩසටහන පැවැතිණි.

සහභාගී වූවන් හට අත්දැකිම් හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා දෙමින් සහ කාන්තා කාර්ය මණඩල සාමාජිකයින් අතර සහයෝගීතාවය වර්ධනය කරමින් ප්‍රශ්නෝත්තර අංගයක්ද පැවැත්විය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව