Ex-Pack සමාගම, Inspire Inclusion වැඩසටහන සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

1- Ex-pack women (LBN)

ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, මාර්තු 8 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මේ වසරේ ජගත් කාන්තා දින ගෝලීය තේමාව අනුව යමින්, “Inspire Inclusion” යනුවෙන් නම් කරන ලද මෙම වැඩසටහන හරහා කාන්තා සවිබලගැන්වීම වෙනුවෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම අවධාරණය කෙරුණි.

 


 

වැඩසටහනෙහි ප්‍රධානම අංගය වූයේ ප්‍රකට වෘත්තීය සහ පුද්ගල සංවර්ධන පුහුණු උපදේශකවරියක වන දීප්ති පෙරේරා පැවැත්වූ සැසියයි. වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීම සහ කාන්තා සවිබලගැන්වීම ගැන අවධානය යොමු කෙරුණු එම සැසිය තුළදී පෞද්ගලික ජීවිතයේ පූර්ණත්වය ළඟා කරගන්නා අතරතුර වෘත්තීය සාර්ථකත්වය ලබාගැනීමට අනුගමනය කළ හැකි විධික්‍රම පිළිබඳව ද සහභාගීවූවන් දැනුවත් කෙරුණි. තම කුසලතා භාවිත කරමින් ජීවිතයේ සෑම අංශයකදීම සමානාත්මතාව ළඟාකරගැනීමට Ex-Pack කාර්යමණ්ඩල සාමාජිකාවන් දිරිමත් කිරීම එහි අරමුණ විය.

වර්තමානය වනවිට කාන්තාවන් ශ්‍රම බලකායට එක්වීම වේගවත් වී තිබේ. විශේෂයෙන්ම නිර්මාණශීලීත්වය, ප්‍රජාව සහ ආර්ථිකය යන අංශවලට ඔවුන්ගෙන් සුවිශේෂී දායකත්වයක් හිමිවේ. කෙසේ නමුත් මෙම ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගැනීමට නම් කාන්තාවන් එකිනෙකාගෙන් ආදර්ශ ලබාගනිමින් එකට එක්වී කටයුතු කළ යුතුව තිබේ. මේ වසරේ කාන්තා දිනයේ පණිවුඩය වන්නේ ද ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව ළඟාකරගැනීමට නම් සියලුදෙනාගේ සහභාගීත්වයෙන් අත්‍යවශ්‍ය බවයි.

ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තය යනු සාමාන්‍යයෙන් පිරිමි සේවකයින් වැඩි වශයෙන් රැඳී සිටිනා ක්ෂේත්‍රයක් වුව ද, Ex-Pack සමාගමට මෙන්ම කර්මාන්තයටත් කාර්යමණ්ඩල සාමාජිකාවන්ගෙන් ලැබෙන දායකත්වය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කිරීමට ද Ex-Pack සමාගම මෙය අවස්ථාවක් කර ගනී. සෑම සේවකයෙකුගේම වටිනාකම අවබෝධ කරගනිමින්, ඔවුන්ගේ උපරිමයට ළඟාවීමට ඔවුන් සවිබලගන්වන, මිත්‍රශීලී ආයතනික පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් Ex-Pack සමාගම අනුගමනය කරනු ලබන පුළුල් ක්‍රමෝපායෙහි අංගයක් ලෙස මෙම කාන්තා දින වැඩසටහන හැඳින්විය හැක.

විශේෂයෙන්ම කාන්තාවන් සවිබලගැන්වීම යනු හුදෙක් ආචාර ධාර්මික කරුණකින් ඔබ්බට ගිය ක්‍රමෝපායික වැදගත්කමකින් යුතු තීරණයක් බව Ex-Pack කළමනාකාරීත්වයේ විශ්වාසය යි. සමාගම සතු විවිධත්ව, සමානාත්මතා සහ අන්තර්කරණ (DEI) ප්‍රතිපත්ති සහ භාවිතාවන් හරහා ද සියලු ආකාරයේ විවිධත්වය, විවෘත සන්නිවේදනයක් පවත්වාගැනීම, සහකම්පන සංස්කෘතිය, ලැදියාවන් සහ වෙනස්කොට සැලකීමෙන් වැළකීම ආදී ආයතනික ගුණාංග ප්‍රවර්ධනය කෙරේ. මේ සියලු පියවර හරහා විවිධ මානයන් වැළඳගැනීමටත්, නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීමටත්, 300 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කාර්යමණ්ඩල තුළ ස්වකීයත්වය (sense of belonging) වර්ධනය කිරීමටත් සමාගමට හැකිවී තිබේ.

මුළු මහත් ලෝකයම ‘Inspire Inclusion තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මේ අවස්ථාවේදී, Ex-Pack සමාගමේ තීරණ සහ භාවිතාවන් ද එම ගෝලීය අරමුණු හා සමපාත වීම විශේෂත්වයකි. කාන්තාවන් සවිබලගැන්වීම සහ අන්තර්කරණ ප්‍රවර්ධනය වෙනුවෙන් සමාගම ගනු ලබන පියවර හරහා වඩාත් යහපත්, සමානාත්මතාවයෙන් යුත් ආයතනික සංස්කෘතියක් සියලුම සේවකයින් වෙනුවෙන් උරුම කරදීම අරමුණු කෙරේ.

Ex-Pack Corrugated Cartons PLC සමාගම, ශ්‍රී ලංකාව තුළ මෙන්ම ආසියාවේ ද සේවය සඳහා සුදුසුම ආයතනයක් ලෙස දිගින් දිගටම ශ්‍රේණිගත වී තිබේ.  එමෙන්ම ISO 9001-2015, ISO 14001-2015, FSC COC, WRAP වැනි සහතික හිමිකරගෙන සිටින සමාගම, කාබන් ශූන්‍යකරණ සහතිකය ද, NCE අපනයන සම්මාන, CNCI සම්මාන, Lanka Star සම්මාන, NBE සම්මාන, Lanka CSR සම්මාන සහ හරිත සම්මාන ආදියෙන් ද පිදුම් ලබා තිබේ.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව