HNB SOLO, QR කේත හරහා සංචාරකයින්ට පහසු ගෙවීම් විකල්ප හඳුන්වා දෙයි

Image 01

ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB ඔවුන්ගේ SOLO පහසුකම තුළින් ඉන්දීය හා චීන සංචාරකයින් සඳහා Lanka QR ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව සහ China UnionPay අනුබද්ධ UnionPay International සමඟ එක් වෙමිනි. සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ මූල්‍ය සම්බන්ධතා ඉහළ නැංවීම, රටවල් හරහා පහසුවෙන් ගනුදෙනු කිරීම සඳහා මෙන්ම මගීන්, ඩයස්පෝරාව හා සංචාරකයින්ට ඉන්දියාව හා චීනය පදනම් කරගත් ජංගම ගෙවීම් යෙදවුම් භාවිත කරමින් සිදු කරන ගෙවීම් ක‍්‍රම නව මානයක් කරා ගෙන යාමට මේ තුළින් හැකියාව උදා වනු ඇත.

 



 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ සමූහය සන්ජේ විජේමාන්න මහතා සඳහන් කර සිටියේ ‘‘ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඒකාබද්ධ QR ක‍්‍රමවේදයක් දියත් කිරීමේදී මෙරට මූල්‍ය අංශයේ නව්‍ය සේවාවන් දිරි ගැන්වීමට කටයුතු කරන HNB ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සඳහා පහසුවක් අත්කරදෙන ඩිජිටල් ගෙවීම් විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. සංචාරකයින්ට ගනුදෙනු කිරීමේදී අසමසම පහසුවක් හා අවස්ථාව ලබා දෙන ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාව ශක්තිමත් කිරීම වෙනුවෙන් සංස්කෘතීන්, ආර්ථිකයන් හා පුද්ගලයන් අතර විධිමත් සබඳතාවක් ඇති කිරීමට මෙම හවුල්කාරීත්වය හේතු වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

LANKAQRඛ්බන්ූඍ සමඟ එක්ව සිටින HNB හි වෙළෙඳ හවුල්කරුවන් විසින් SOLO වෙත QR ඒකාබද්ධ කිරීම දේශීය හා ජාත්‍යන්තර පරිශීලකයින්ට ඩිජිටල් ගෙවීම් විසඳුම් වැඩි දියුණු කිරීම සඳහා වන සුවිසල් කඩයිමක් සනිටුහන් කරනු ලබයි. Unified Payments Interface සහ UnionPay International හරහා ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දීම තුළින් තමන්ගේ දේශීය යෙදවුම් භාවිතයෙන් SOLO හි LANKA QR සමඟ අනුබද්ධිත ඕනෑම අලෙවි සැලකින් පහසුවෙන් භාණ්ඩ හා සේවා ලබා මිලදී ගැනීමේ අවස්ථාව ඉන්දියානු හා චීන යෙදවුම් සහිත සංචාරකයින්ට අවස්ථාව උදා වේ.

සුළු, ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ වෙළෙඳ කුටි, කුඩා අලෙවිසැල් සහ ස්වයං සිල්ලර වෙළෙඳසැල් හිමි කුඩා වෙළෙඳුන්ගේ සුවිසල් වෙළෙඳ ජාලය සවිබල ගැන්වීම මෙම වැඩසටහනෙහි ප‍්‍රමුඛ අරමුණයි. විශේෂයෙන් සංචාරකයින් බහුල ප‍්‍රදේශවල වෙළෙඳුන් හට ඩිජිටල් ගෙවීම් විසඳුම් කිහිපයක් සලසා ගැනීමේ අවස්ථාව ලබා දීම තුළින් මූල්‍ය ගනුදෙනු සඳහා මෙන්ම ව්‍යාපාර සංවර්ධනයටද සහාය වීමට HNB හට හැකි වනු ඇත. තවද කරදරයකින් තොරව, පහසුවෙන් ගෙවීම් ලබා ගැනීමට මේ තුළින් හැකි වන අතරම ඔවුන්ගේ හැකියාවන් වර්ධනය වීම තුළින් මෙරට ආර්ථික සංවර්ධනයටද සුවිසල් දායකත්වයක් දැක්විය හැකි වීමද විශේෂත්වයකි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව