හැටන් නැෂනල් බැංකුවේ 135 වසරක අභිමානවත් ගමන්මග සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කරයි

DEE_8159 (LBN)

ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ විශිෂ්ටතම බැංකුවක් ලෙසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැටන් නැෂනල් බැංකුව පසුගියදා තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ වසර 135ක් පුරාවට සිය ගනුදෙනුකාරභවතුන්ට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට ලබා දුන් සහාය සමරනු වස් සමරු මුද්දරයක් නිකුත් කරමින්ය. මෙවැනි සමරු මුද්දරයක් නිකුත් කෙරුණු මෙරට පළමු පෞද්ගලික බැංකුව වන්නේ ද හැටන් නැෂනල් බැංකුවයි.

මෙම ඓතිහාසික අවස්ථාවේදී අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා සඳහන් කළේ ‘’අපේ ආරම්භයේ සිටම අපේ ශක්තිය රඳා පවතින්නේ අපේ මූල්‍යමය ශක්තිය මත පමණක් නොවන බව අපි දන්නවා. මොකද අපේ ලොකුම ශක්තිය වෙන්නේ අපි සේවය කරන වගේම අපිව ආයතනයක් ලෙස විශ්වාස කරන අපේම ජනතාව. නොඑසේ නම් පළමු වරට ඉතිරි කිරීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ගේ සිට දැවැන්ත ව්‍යාපාර බවට පත්වෙලා තියෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනකන්ම විහිදිලා තියෙන අපේම ගනුදෙනුකරුවන්. ‘ගැමි පුබුදුව‘ වැනි වැඩසටහන් හරහා අපට ජනතාව සමඟ ගැඹුරින් සම්බන්ධ වීමට හැකියාව ලැබුණා. ඒ වගේම අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සහ අන්‍යෝන්‍ය සාර්ථකත්වයට ප‍්‍රමුඛත්වය දෙන වෙනත් පාර්ශව සමඟ සම්බන්ධතා වර්ධනය කිරීමට ඇති අපේ කැපවීම පෙන්නුම් කිරීමටත් අපට හැකි වුනා. අපේ ගනුදෙනුකාරභවතුන්ට, ව්‍යායාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට අප ලබා දුන් දිරිගැන්වීම් වගේම ඒ හරහා ඔවුන් විසින් ලබා ගත් සාර්ථකත්වයන් අපේ විශාලතම ජයග‍්‍රහණයන් බව මා මෙහිදී විශේෂයෙන් මතක් කරන්නට කැමතියි. අපගේ අතීත අත්දැකීම්වලින් ශක්තිමත් වී අපි ඔබ හා එක්ව නිර්මාණය කරන ඒ සුන්දර අනාගතය කරා පියමං කරන්න අපි ඉතා උනන්දුවෙන් බලා සිටින වග මතක් කරන්නට කැමතියි.’’ යනුවෙනි.

 



 

හැටන් නැෂනල් බැංකුව වසර 135ක් පුරාවට සිය ඔරොත්තු දීමේ හැකියාව හා නවෝත්පාදනය සඳහා මෙරට කැපී පෙනෙන ආයතනයක් ලෙසින් පරම්පරා ගණනාවකට බැංකුකරණයෙන් එහා ගිය විශිෂ්ට සේවාවක් ලබා දී තිබේ. බැංකුවක් ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිතවල සතුටුදායකම අවස්ථාවලදී ඔවුන් සමඟ සතුට බෙදාහදා ගත්තා මෙන් ජිවිතයේ දුෂ්කර අවස්ථාවලදීත් ඔවුන් සමඟම හිඳිමින් හා රැඳෙමින් ඔවුන්ට සහාය වෙමින් විශ්වාසවන්ත මිතුරෙක් ලෙස වගේම ඔවුන්ගේ ප‍්‍රගතියේ සහකරු ලෙසත් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කිරීමට HNB හට හැකි විය. සීඝ‍්‍රයෙන් වෙනස් වන, අවිනිශ්චිත ආර්ථික පරිසරයට අනුගත වීම සඳහා බැංකුව සහ HNB සන්නාමය නිරන්තරයෙන් සුබවාදීව වෙනස් වී ඇත. මෙම ආර්ථික අස්ථාවරත්වය මධ්‍යයේ වුවද, රටේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන HNB ශක්තිමත් සහ ස්ථාවර ආයතනයක් ලෙස සුබවාදී වෙනසක් ඇති කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත.

පසුගිය වසර දහයේදී බැංකුව සිය පද්ධති වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණය සහ ඩිජිටල්කරණය භාවිතා කරමින් විශාල වෙනසක් සිදු කළේය. මෙය වඩා හොඳ බැංකු සේවාවක් සහ පාරිභෝගික අත්දැකීම් ලබා දීම සඳහා හේතු විය. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතයෙන් පසුව, HNB හි ශක්තිමත් ඩිජිටල් බැංකු හැකියාවන් රටේ ඩිජිටල් සේවා භාවිතය ඉහළ නැංවීය.

මෙම අභියෝග මධ්‍යයේ, HNB සිය පරිපාලන පද්ධති වැඩිදියුණු කිරීම සහ ඔවුන් විසින් පිරිනමනු ලබන නිෂ්පාදන හා සේවා වෙනස් කරමින් පාරිභෝගිකයින්ට ස්ථාවර හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට ප‍්‍රමුඛත්වය දුන්නේය. තවද සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට භාවිතා කළ හැකි ඩිජිටල් ගෙවීම් ක‍්‍රමයක් නිර්මාණය කිරීමට ද HNB කටයුතු කළේය.

වසර 135ක් පුරා දිවෙන HNB සන්නාමය අභියෝග මධ්‍යයේ වුවද අනුවර්තනය වීමට, නව්‍යකරණයට සහ වර්ධනය වීමට බැංකුවට ඇති හැකියාව පෙන්නුම් කරන කදිම සාක්ෂියකි. විශිෂ්ට පාරිභෝගික අත්දැකීම්, තිරසාරභාවය සහ නව තාක්ෂණයට ප‍්‍රමුඛත්වය දෙමින් HNB ශ‍්‍රී ලංකාවේ විශ්වසනීය සහ ඉදිරි දැක්මක් ඇති බැංකුවක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස, රටේ දියුණුව හා අභිවෘද්ධිය උදෙසා ද මේ ආයතනික ගමන පුරාවට HNB කැපවීමෙන් කටයුතු කර තිබේ. එසේ HNB විසින් ලබා ගත් සෑම ජයග‍්‍රහණයක්ම සහ ජයගත් සෑම අභියෝගයක් තුළින්ම බැංකුව සේවය කරන ශ්‍රී ලාංකීය ජනතාව සමඟ තව තවත් ඔවුන්ගේ බැඳීම ශක්තිමත් කර ගැනීමට හැකිව තිබේ. නිරන්තරයෙන් ආයතනික තිරසාරබව, යහපාලනය හා විශිෂ්ටත්වය තුළින් සිය අභිමානය දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් යළිත් තහවුරු කිරීමට සමත්ව ඇති HNB, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙතින් 2022 වසරේ ‘‘හොඳම ආයතනික පුරවැසියා’’ (Best Corporate Citizen) ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය. තවද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 13 වැනි වරටත් HNB ගෝලීය වශයෙන් ඇගයීමට ලක් කර තිබේ. මීට අමතරව HNB Asiamoney සඟරාව විසින් ‘‘හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය (SME) බැංකුව’’ ලෙසත් 2023 වසර සඳහා Business Today සඟරාවේ BT Top 40 හි ඉහළම සමාගම් 5 අතරටත් HNB තේරී පත් වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව