කොමර්ෂල් බැංකුවේ RemitPlus ‘පිට රට වාසි’ ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනින් රුපියල් මිලියන 4ක මුදල් ත්‍යාග

Woman,Using,Smart,Appliances,At,Home,,She,Is,Connecting,The

ඉදිරියට එන සිංහල හා දෙමළ අළුත් අවුරුදු සහ රාමදාන් සමයට සූදානම් වන මේ කාලයේදී, කොමර්ෂල් බැංකුව හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 4ක මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව උදා වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව මගින් රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා පෙබරවාරි මස සිට අප්‍රේල් 9 වනදායින් අවසන් වන සති අටක කාලය තුළදී බැංකුවේ ‘RemitPlus’ විදේශ මුදල් හුවමාරු සේවාව හරහා මුදල් ලබාගන්නන් 160ක් තෝරාගනු ඇත. කොමර්ෂල් බැංකුවේ RemitPlus ‘පිට රට වාසි’ ප්‍රවර්ධන වැඩසටහන මගින් සතියකට වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකුට මෙම ත්‍යාග ප්‍රදානය සිදුකරනු ඇත.

 



 

බැංකුව පැවසුවේ පෙබරවාරි 19 වන දින සිට බැංකුවේ සමාජ මාධ්‍ය නාලිකා හා RemitPlus යෙදවුම හරහා ජයග්‍රාහකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරන බවයි.

කොමර්ෂල් බැංකුවේ RemitPlus යෙදවුම නවීන, වියදම් අඩු, තත්‍ය කාලීන, මාර්ගගත, ප්‍රේෂණ සේවාවකි. එමඟින් විදේශගත වූ ශ්‍රී ලාංකිකයින්ට ලොව පුරා බොහෝ රටවල්වලින් ක්ෂණිකව මුදල් යැවීමට හැකියාව ලැබේ. රටවල් 130කටත් වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සහ ව්‍යාපාරික හවුල්කරුවන්ගෙන් සැදුම් ලත් ජාලයක් හරහා කොමර්ෂල් බැංකුවේ RemitPlus සේවාව මගින් මුදල් ලබාගන්නන්ගේ කොමර්ෂල් බැංකු ගිණුම් වෙත දවසේ ඕනෑම වේලාවක හා වසරේ ඕනෑම දිනක ප්‍රේෂණ මුදල් ක්ෂණිකව බැර කෙරේ.

ගනුදෙනුකරුවන් හට කිසිඳු බාධාවකින් තොරව ප්‍රේෂණ සම්බන්ධයෙන් ඔවුනට අවශ්‍ය සියළුම තොරතුරු ලබා ගැනීම සඳහා කොමර්ෂල් බැංකුවෙන් RemitPlus ජංගම යෙදුමක් ද හඳුන්වා දී ඇත. App Store හෝ Google play store හරහා ඕනෑම කෙනෙකුට RemitPlus ජංගම යෙදවුම බාගත කරගෙන, සම්බන්ධ වීමේ ගාස්තුවක් හෝ වාර්ෂික ගාස්තුවක් හෝ නොමැතිව භාවිතා කළ හැක.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව