සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් සැලෝන් උදානි පිදුම් ලබයි

IMAGE-1 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය ශිල්පිනියක වන සැලෝන් උදානි පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා උදානි සුමුදු මහත්මිය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව සබරගමුව වාණිජ මණ්ඩලය සංවිධානය කළ සබරගමුව කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මනාලියන් හැඩ ගැන්වීම, සියලුම රූපලාවණ්‍ය කටයුතු සදහා ශ්‍රී ලංකාව පුරා ඉහළ කීර්ති නාමයක් දිනා ඇති සැලෝන් උදානි පෞද්ගලික සමාගම අංක 304, දේවාල හංදිය, කොළඹ පාර, අඹේපුස්ස, වරකාපොළ ලිපිනයේ පිහිටා ඇත. ජීවිතයේ සුන්දරම දිනය වන මංගල දිනයට සහ දෙවැනි ගමනට ආකර්ෂණීය ලෙස සැරසීමට කැමති සියලු යුවතියන්ගේ ප්‍රමුඛ තේරීම සැලෝන් උදානි වේ. උඩරට, පහතරට, දමිළ, බටහිර, ඉන්දියානු මෙන්ම තමන් කැමති ඕනෑම සම්ප්‍රදායකට මංගල දිනයට සහ දෙවැනි ගමන යෙදෙන දිනයට සැරසීමට සැලෝන් උදානි වෙත පැමිණෙන යුවතියන්ට අවස්ථාව ලැබේ.

 



 

නවීන තාක්ෂණයෙන් සපිරි රූපලාවණ්‍ය උපකරණ සහ උසස් ප්‍රමිතියෙන් හා ඉහළ ගුණාත්මකභාවයෙන් සපිරි රූපලාවණ්‍ය ද්‍රව්‍ය යොදා ගෙන නවීන විලාසිතා අනුව  මනාලියන් හැඩ ගැන්වීමට උදානි සුමුදු මහත්මිය නිරන්තරයෙන් කටයුතු කරයි. මංගල ඇඳුම්, මංගල ආභරණ, මල් කළඹ ආදී මනාලියකට අවශ්‍ය සියලුම දෑ සැලෝන් උදානි වෙත පැමිණෙන යුවතියන්ට එකම වහලක් යටින් ලබා ගත හැකිය. වසර ගණනාවක් පුරා පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂම දිනය සදානුස්මරණීය දිනයක් බවට පත් කිරීමට උදානි සුමුදු මහත්මිය සහ සැලෝන් උදානි කටයුතු කිරීම ඔවුන්ගේ සාර්ථකත්වයට බල පෑ ප්‍රධාන හේතුවයි. “මෙතෙක් කලක් අප කළ කැපවීමට ලද ඇගැයීමක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකියි. මෙම සම්මානය දිනා ගැනීමට දායකත්වය දැක්වූ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අප කෙරෙහි විශ්වාසය තබා අඛණ්ඩව අප හා රැඳී සිටින පාරිභෝගිකයන්ටත් මාගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා.” උදානි සුමුදු මහත්මිය පැවසීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව