කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල කාන්තා සමිතියට ආහාර විජලන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලද අතර, එය සමාජ ව්‍යවසාය අවකාශය කෙරෙහි බැංකුවේ අවධානය යොමු කිරීමේ කොටසක් ලෙස සිදුකරන ලදී.
මෙම ප්රදානය හිමිවූ ප්‍රතිලාභියා වන ‘සිතමු කාන්තා මහා සංගමය’ විසින් මෙම යන්ත්‍ර භාවිතයට ගනු ලබන අතර, අවාරයේදී භාවිතය සඳහා කොස්, දෙල්, පලතුරු, එළවලු සහ අනෙකුත් කුළුබඩු නිෂ්පාදන තොග වියළීම සඳහා එම යන්ත්‍ර භාවිත කරණු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP), ගෝලීය පාරිසරික පහසුකම් (GEF) සුළු සහනාධාර වැඩසටහන සමග සහයෝගීතාවයෙන් මෙම මුලපිරීම ආරම්භ කරන ලදී. ප්‍රදේශයට ආහාර වියළන තාක්ෂණය හඳුන්වා දීම සහ ආහාර වියළන මධ්‍යස්ථාන පිහිටුවීම ඒ ආශ්රිත සංවර්ධනයට හේතුවන අතර, ගමේ ආර්ථිකය නඟාසිටුවීමට හේතුවන වියළි ආහාර සහ ඇසුරුම්වල අගය එකතු කිරීම් වැනි ව්‍යාපාරික මාර්ග සඳහාද එය ඉවහල් වනු ඇත.
ව්‍යාපාරික ධාරිතා ගොඩනැඟීම මෙන්ම, පුළුල් ව්‍යාපාර සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට UNDP සංවිධානය ප්‍රතිලාභියාට සහාය වන බව බැංකුව ප්‍රකාශ කර සිටියි.
ආහාර විජලනය කිරීමේ පහසුකම් මගින් ගම්වාසීන්ට වසර පුරා තිරසාර ආහාර ප්‍රභවයක් සපයන අතර, අමතර ආදායමක්ද හිමිවනු ඇත.
සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණය හස්රත් මුණසිංහ මහතා, UNDPහි GEF කුඩා සහනාධාර වැඩසටහන සඳහා ජාතික සම්බන්ධීකාරක – තනූජා ධර්මසේන මහත්මිය සහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී තිරසාර, කාන්තා බැංකු කටයුතු සහ සමාජ සත්කාර භාරය, කමලිනී එල්ලාවල මහත්මිය යන අය ආහාර විජලන යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගී වූ අයුරුයි.