හැටන් නැෂනල් බැංකුවට කොළඹ වරාය නගරයේ මූල්‍ය මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට බලපත‍්‍රයක්

HNB

 



 

 

ශ්‍රී ලංකා ආර්ථිකය පරිවර්තනීය වෙනසකට ලක් කරන ප‍්‍රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ මූල්‍ය මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වෙත පසුගිය දා බලයලත් ආයතනයක් (AP) ලෙස බලපත‍්‍රය ප‍්‍රදානය කරනු ලැබීය.

HNB විශේෂ ආර්ථික කලාපයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා බලපත‍්‍ර ලබා ගත් ප‍්‍රථම බැංකු අතරින් එකකිx ආයෝජකයන්ට මෙන්ම ගනුදෙනුකරුවන්ටත් බැංකු සේවා සපයමින් කොළඹ වරාය නගරය තුළ හා ඉන් පිටතට සේවා ලබා දීම සඳහා HNB වෙත අවස්ථාව ලබා දෙමින් මෙම AP බලපත‍්‍රය කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විසින් බැංකුව වෙත පිරිනමන ලදී.

කොළඹ වරාය නගරය යනු ස්මාර්ට් නගර සංකල්ප සමඟින් නිර්මාණය කර ඇති ඉතා සූක්ෂම සැලසුමක් සහිත නගරයකි. එය උසස්ම තත්වයේ වාණිජ, ජීවනරටා සහ නගරය තුළ ජීවත් වීමට විවිධ හැකියාවන් ලබා දෙමින් කලාපයේ නවීන සේවා මධ්‍යස්ථානය සහ අනාගත මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට නියමිතය. කොළඹ වරාය නගරය මූල්‍ය කලාපය (Financial District), මධ්‍යම උද්‍යාන වාසය (Central Park living), ජාත්‍යන්තර දිවයින (International Island), යාත‍්‍රාංගණය (The Marina) හා දුපත් වාසය (Island living) ලෙස අනුකලාප පහකින් සමන්විත වේ. කොළඹ වරාය නගරය කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් වන අතර හෙක්ටයාර 269 ක භූමි ප‍්‍රමාණයක් එය සතුය. මෙහි අපේක්ෂිත ජනගහනය 273,000 ක් වන අතර, ඇ. ඩො. බිලියන 15 ක අපේක්ෂිත ආයෝජනයක් සමඟින් රැකියා 143,000 ක් උත්පාදනය කිරීමට එමගින් අපේක්ෂා කරයි. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද, වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත වසර 25ක් දක්වා බදු නිදහස් කිරීම් සහිත විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කරයි.

ආසියා පැසිෆික් කලාපය 2023 සඳහා ගෝලීය වර්ධනයට බලපානු ලබන වැදගත් බලවේගයක් ලෙස පවතින අතර, ලෝකයේ සමස්ත වර්ධනයෙන් 2/3 කට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝකය ආසියාව හා සම්බන්ධ කරන තීරණාත්මක මුහුදු මාර්ගවල කේන්ද්‍රස්ථානය වන ශ‍්‍රී ලංකාව උපායමාර්ගික භූගෝලීය පිහිටීම ප‍්‍රධාන තැනක් ගනී. ‘‘කොළඹ වරාය නගරයේ අරමුණ වන්නේ මූල්‍ය, සෞඛ්‍ය, අධ්‍යාපනය, හෝටල් සහ විනෝදාස්වාදය සහ ආගන්තුක සත්කාරය යන ක්ෂේත‍්‍ර ලොව ප‍්‍රමුඛතම සන්නාමයන් සමඟින් ඒකාබද්ධ කරමින් ගෝලීය සේවා අපනයන සඳහා දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානය ස්ථානයක් නිර්මාණය කිරීමයි.

විශේෂ ආර්ථික කලාපයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා බලපත‍්‍ර ලබා ගත් ප‍්‍රථම බැංකු අතරින් එකක් ලෙස තේරීපත් වීම පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේි HNB වැනි බැංකු, කොළඹ වරාය නගරයේ සංවර්ධනය ඉහළම මට්ටමේ සාර්ථකත්වය සහ ඵලදායිතාවය ලබා ගැනීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා. සපයන බව එයින් ගම්‍ය වේ. අපගේ අරමුණ වන්නේ කොළඹ වරාය නගරය තුළ ආයෝජනය කරන සහ ක‍්‍රියාත්මක වන සියලූම ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලන ඉහළ පෙළේ ඒකාබද්ධ බැංකු විසඳුම් ලබා දීමයි.’’ යනුවෙනි.

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව