මූල්‍ය ආයතන සඳහා වන CT සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ ලෙස ජයග්‍රහණය කරයි

CT Awards 2023 (LBN)

 



 

 

ආසියාවේ භාණ්ඩාගාර කණ්ඩායම් හා ප්‍රධාන මූල්‍ය නිළධාරීන් සඳහා වෙන් වූ මුද්‍රණ ප්‍රකාශනය වන Corporate Treasurer විසින් පිරිනමනු ලබන 2023 CT සම්මාන උළෙලේදී මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී.

කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – භාණ්ඩාගාර අසේල විජේසිරිවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “බැංකුවේ සුවිශේෂී කාර්යසාධනය පිටුපස ඇත්තේ විවිධ මානයන් ඔස්සේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් භාණ්ඩාගාර අංශයේ නොසැලෙන කැපවීමයි. මෙය ද්‍රවශීලතා කළමනාකරණයේ සිට වෙළඳපළ අවධානම් අඩු කිරීම දක්වා පරාසයක විහිදේ. අපගේ බංග්ලාදේශ මෙහෙයුම් සහ මාලදිවයිනේ අනුබද්ධිත භාණ්ඩාගාර ඒකක ද කළමනාකරණය කරන අතරම භාණ්ඩාගාර අංශය උපාය මාර්ගික මුලපිරීම්, නවෝත්පාදක ආයෝජන හා පාරිභෝගික සේවය කෙරෙහි ඇති තිර අවධානය මගින් බැංකුවේ මූල්‍ය ශක්තියට සහ නියාමනවලට ඇති අනුකූලතාවන්ට විශාල දායකත්වයක් සපයන ආදර්ශමත් ප්‍රතිඵල නිරන්තරයෙන් ලබා දෙයි.”

ද්‍රවශීලතා කළමනාකරණය හා මෑත කාලීන විදේශ විනිමය හිඟය පිළිබඳව කටයුතු කිරීම, උපායමාර්ගික ආයෝජන තීරණ, ගනුදෙනුකරුවන්ගේ බැඳීම ඉහළ මට්ටමක පැවතීම, ලාභ අරමුණුවලින් ඔබ්බට ගිය බැංකුවේ කාර්යභාරය, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, විදේශ විනිමය ගනුදෙනු හා විදේශ මුදල් අනුපාත අවදානම් කළමනාකරණය සඳහා නවෝත්පාදක  ක්‍රම ඔස්සේ තාක්ෂණය යෙදවීම සහ පිරිවැය කාර්යක්ෂමතාව හා පිරිවැය ඉතිරිකිරීම් උත්පාදනය කිරීම යන සියල්ල තුළ කොමර්ෂල් බැංකුවේ භාණ්ඩාගාර අංශය ලැබූ සාර්ථකත්වය මෙම CT සම්මානයෙන් පිළිබිඹු වේ.

විශේෂයෙන්ම, සම්මානය සඳහා තක්සේරු කරන ලද කාලසීමාව තුළදී භාණ්ඩාගාර අංශය විසින් බැංකුවේ ලාභයෙන් 32% කටත් වඩා වැඩි දායකත්වයක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව