කොමර්ෂල් බැංකුවට 2023 Daraz ගෙවීම් සහකරු සම්මාන උළෙලේදී ඉහළ සම්මාන දෙකක්

Daraz Payment Partner Awards 2023 (LBN)

 



 

 

දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් කාඩ්පත් පදනම ලෙසද ඇගයීමට පත්ව ඇත. මෙම සම්මාන දෙක දිනාගත් එකම බැංකුව කොමර්ෂල් බැංකුව විය.

Daraz ඊ-වාණිජ්‍ය වේදිකාවේ ක්‍රියාකාරීව සිටින වැඩිම ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් බිහි කර ඇති කාඩ්පත් පදනම සඳහා ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ සම්මානය පිරිනමන ලදී. තම ශක්තිමත් පාරිභෝගික සහභාගීත්වය හා Daraz ගනුදෙනුකරුවන් අතර ජනප්‍රියත්වය පෙන්නුම් කරමින් වසර හතරක් පුරා අඛණ්ඩව මෙම සම්මානය දිනාගත් එකම ශ්‍රී ලංකීය බැංකුව කොමර්ෂල් බැංකුවයි. තවද, හොඳම ඩෙබිට් කාඩ්පත් පදනම සඳහා වන සම්මානය හිමිවන්නේ වැඩිම ගෙවීම් පරිමාවක් සහ ගනුදෙනු සංඛ්‍යාවක් ජනනය කළ ඩෙබිට් කාඩ්පත් පදනම සඳහා යි. මාර්ගගත ක්‍රමයට වෙළඳ ගනුදෙනු කිරීමේදී කොමර්ෂල් ඩෙබිට් කාඩ්පත්වලට ඇති දිනෙන් දින ඉහළ යන ජනප්‍රියතාවය සහ ගනුදෙනුකරුවන්ට ලබාදෙන පහසුව හා ආරක්ෂාව පිළිබඳව මෙම සම්මානය සාක්ෂියක් වන බව බැංකුව පවසයි.

බැංකුව දිනාගත් මෙම සම්මාන දෙක පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී, නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය: “Daraz සඳහා වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් හා ගෙවීම් පරිමාවක් උත්පාදනය කිරීම වෙනුවෙන් මෙම වසරේ ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙරට වේගයෙන් ම වර්ධනය වන කාඩ්පත් පදනම වීමට අමතරව, කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් පදනම අතිශයින් ක්‍රියාකාරී වන අතර, එය අපට හා අපගේ කාඩ්පත් හිමියන්ට මෙන්ම හවුල්කාර වෙළෙඳුන්ට යන සියලුම පාර්ශවයන්ට ජයගත හැකි අවස්ථාවක් නියෝජනය කරන බව දැකීම දිරිගන්වන සුළුයි.”

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව