DB Automation තෙවැනි වරටත් Zebra ISC Partner සමුළුවේදී Partner of the Year සම්මානයෙන් පිදුම් ලබයි

DB Automation (LBN)

 



 

 

සිය විශිෂ්ටත්වය යළි තහවුරු කරමින් DB Automation පෞද්ගලික සමාගම ඉන්දියාවේ ජායිපූර්හි පැවති Zebra ISC Partner සමුළුවේදී Partner of the year සම්මානයෙන් අඛණ්ඩව තෙවැනි වරටත් පිදුම් ලැබීය. නවෝත්පාදනය, නිරවද්‍යතාව සහ පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම සඳහා වන නොසැළෙන කැපවීම සමගින් Zebra Technologies සඳහා ප්‍රමුඛතම විසඳුම් සහකරුවෙකු වීමට DB Automation සමාගමට හැකි වී ඇත. DB Automationහි පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන අතර බාර්කෝඩ් ස්කෑනර්, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, හැඳුනුම්පත් මුද්‍රණ යන්ත්‍ර, RFID උපාංග, ජංගම පරිගණක සහ තවත් නවීන නිෂ්පාදන රැසක් වේ. නව තාක්ෂණයට අනුව සිය නිෂ්පාදනවල ගුණාත්මක බව අඛණ්ඩව ඉහළ නංවන DB Automation ඉහළ පෙළේ දෙස් විදෙස් සමාගම් රැසක තාක්ෂණික හවුල්කරු බවට පත්ව තිබේ.

DB Automation වර්තමානයේදී සිය නිෂ්පාදන පෙළ Total POS Solutions දක්වා පුළුල් කර ඇත. එමඟින් සිය අලෙවි කටයුතු වර්ධනය කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාරවලට ඵලදායි වේදිකාවක් සැකසීමට DB Automation කටයුතු කරයි. දෘඪාංග සහ මෘදුකාංග විශේෂඥතාව ඒකාබද්ධ කිරීමෙන් ඉහළ කාර්යක්ෂමතාවක් සහ පාරිභෝගික තෘප්තියක් අත් කර ගැනීම සඳහා ව්‍යාපාර බල ගැන්වීමට DB Automation ඉටු කරන මෙහෙවර ප්‍රශංසනීය වේ. නවීන යන්ත්‍රෝපකරණවලින් සමන්විත කර්මාන්තශාලාවකට හිමිකම් කියන DB Automation, Avery Dennison වෙතින් එන ගුණාත්මක බවින් ඉහළ ලේබල් නිෂ්පාදනය සහ ඩයි-කට් කිරීම සම්බන්ධයෙන් විශේෂඥතාවක් දක්වයි. මෙම ලේබල් කර්මාන්ත ක්ෂේත්‍ර රැසකට අයත් ව්‍යාපාර ගණනාවක ලේබල් සහ ඇසුරුම් අවශ්‍යතා සපුරන අතර නිෂ්පාදනය කරන සෑම ලේබලයකින්ම DB Automation සිය විශිෂ්ටත්වය පිළිබිඹු කරයි. “උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට පිරිනමන්න අප තුළ ඇති කැපවීම වගේම හවුල්කරුවන් අප පිළිබඳව තබා ඇති විශ්වාසය මේ ජයග්‍රහණයෙන් තහවුරු වෙනවා. ඉදිරියටත් පාරිභෝගිකයන්ට උසස් නිෂ්පාදන පිරිනැමීමට සහ හවුල්කරුවන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” DB Automation අධ්‍යක්ෂ ෆාමින් නජීබ් මහතා පැවැසුවේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව