Häfele අති නවීන මහනුවර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

Pic#1 - Ms Marie Antonia - Chief Delegate of AHK Sri Lanka (German Chamber Sri Lanka), Mr Frank Schloeder - Managing Director - Häfele South Asia (LBN)

 



 

 

ශතවර්ෂයකට අධික කාලයක් පුරා විහිදුණු කීර්තිමත් උරුමයක් සහිත අභ්‍යන්තර නිර්මාණ විසඳුම් (Interior Solutions) පිළිබඳ ගෝලීය ප්‍රමුඛයෙකු වන Häfele විසින්, අසමසම අභ්‍යන්තර නවෝත්පාදනයන් සිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා වූ කැපවීමෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහනුවර නගරයේදී එහි අති නවීන ප්‍රදර්ශනාගාරය අභිමානවත් අයුරින් විවෘත කරන ලදී.

එහිදී අත්විඳිය හැකි අන්තර්ක්‍රියාකාරී සංදර්ශක (Interactive Displays) නිසා ජාත්‍යන්තර මට්ටටමේ අභ්‍යන්තර නිර්මාණ සඳහා වූ ප්‍රවණතා නව්‍ය ක්‍රියාකාරිත්වය සමග මිශ්‍ර කරමින්, සිය නිර්මාණ සිහින යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමට මෙම වර්ග අඩි 2,000ක සුවිසල් ප්‍රදර්ශනාගාරය තුළදී පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවේ.

විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් සිය ආරම්භය සනිටුහන් කළ Häfele නොසැලෙන කැපවීම නිසාම එහි බෙදාහැරීමේ ජාලයේ වර්ධනයට පියවර තබමින් කොළඹ සහ මොරටුව ප්‍රදේශවල නවීනතම නිර්මාණ ප්‍රදර්ශනාගාර විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය. එහි තවත් දිගුවක් ලෙස ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පරිපාලන අගනුවර වශයෙන්ද, අසල්වැසි ප්‍රදේශ සඳහා මධ්‍යම කේන්ද්‍රස්ථානයක් ලෙසද, දෙස් විදෙස් සංචාරකයන් එකසේ ආකර්ෂණය වන උපාය මාර්ගික සන්ධිස්ථානයක් ලෙසද සැලකෙන මහනුවර නගරය මධ්‍යයේ වඩාත් සුවිශේෂී කේන්ද්‍රස්ථානයක මෙම නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සුවිශේෂී කරුණකි.

නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සම්බන්ධයෙන් Häfele Lanka හි විකුණුම් සහ අලෙවි සාමාන්‍යාධිකාරී පවන් සිං මහතා සිය අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. ”අපගේ නව අභ්‍යන්තර නිර්මාණ ප්‍රදර්ශනාගාරය මහනුවර නගරය වෙත හඳුන්වා දීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ පෙර ප්‍රදර්ශනාගාරය වෙතින්ද වඩාත් හොඳ සේවාවක් සැපයූ නමුත්, මේ අසමසම ප්‍රදර්ශනාගාරය තුළදී අපගේ පුළුල් වන නිෂ්පාදන පරාසය සේම, පාරිභෝගිකයන් වෙත පිරිනමන අපගේ නවීනතම නිර්මාණ හොඳින් ප්‍රදර්ශනය කිරීමට විශාල ඉඩක් අවශ්‍ය වුණා. ඒ අනුව, මේ නව ප්‍රදර්ශනාගාරය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත නවතම නිර්මාණ සහ නවෝත්පාදනයන් ගෙනඒම සඳහා වූ අපගේ කැපවීම යළි යළිත් අවධාරණය කරන අවස්ථාවක් බවට පත්වෙනවා.”

මහනුවරදී විවෘත වූ මෙම නව අභ්‍යන්තර නිර්මාණ ප්‍රදර්ශනාගාරය Häfele හි කැපවීම පිළිබඳ සාක්ෂියකි. ජර්මනියේ කෙන්සින්ගන්හි නිෂ්පාදනය කරන ලද නවීනතම මුළුතැන්ගෙයි පද්ධති, නවීන ගෘහ නිර්මාණ ශිල්පීය සහ ගෘහ භාණ්ඩ ආලෝකකරණ විසඳුම්, උසස් තාක්ෂණයෙන් යුතු ගෘහ උපකරණ මාලාවන්, වඩාත් සෞන්දර්යාත්මක ගෘහ භාණ්ඩ සහ ඇඳුම් අල්මාරි කට්ටල විසඳුම් ඇතුළු තවත් බොහෝ දේ මෙම ප්‍රදර්ශනාගාරය තුළ අන්තර්ගතය.

මහනුවර නගර මධ්‍යයේ පේරාදෙණිය පාරේ අංක 752 හි පිහිටා ඇති මෙම නව ප්‍රදර්ශනාගාරය, ගෘහ නිර්මාණ ශිල්පීන්, නිර්මාණකරුවන්, නාලිකා හවුල්කරුවන්, මුළුතැන්ගේ නිර්මාණකරුවන් සහ අවසාන පාරිභෝගිකයන් සඳහා පරිපූර්ණ ගමනාන්තයක් වන අතර, ඔවුන්ට සැබෑ ජීවිතය තුළම ඔවුන්ගේ ව්‍යාපෘති හෝ නිවාස සඳහා ඉස්තරම්ම පන්තියේ අභ්‍යන්තර නිර්මාණ විසඳුම් පිළිබඳ පළමු අත්දැකීම ලබාදෙනු ඇත. මීට අමතරව, Häfele Häfele Kandy Design Showroom තුළදීම විශේෂඥ නිර්මාණකරුවන් කණ්ඩායමක් විසින් වෙතින් මුළුතැන්ගේ නිර්මාණ සහ ඇඳුම් අල්මාරි නිර්මාණ සඳහා සැලසුම් සේවාවන්ද සපයනු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව