SLT-MOBITEL, ‘7xFun’ Add-on data bundle වෙතින් පවුලේ කාටත් ගැළපෙන ඇදහිය නොහැකි දීමනා රැසක්

SLT Telecom logo (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, SLT-MOBITEL Home Broadband පාරිභෝගිකයන් වෙනුවෙන් ‘7xFun’ Add-on data bundle නමින් විශේෂ ඩේටා එකතුවක් හඳුන්වා දී තිබේ. මෙය තරුණ තරුණියන් ඇතුළුව පවුලේ සැමට YouTube, Viber, WhatsApp, Facebook, IMO, Instagram සහ TikTok වැනි සමාජ මාධ්‍ය සිත් සේ භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙයි.

රු, 195/- ක්  වැනි සහන මිලකට ලබාගත හැකි ‘7xFun’ Add-on data bundle තුළ 20GB ඩේටා අඩංගුවන අතර එය දින 7 ක් දක්වා වලංගු වේ. මූලික බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජයක් ලබාගෙන ඇති ඕනෑම SLT-MOBITEL Home Broadband පාරිභෝගිකයෙකුට ‘7xFun’ Add-on data bundle ලබා ගැනීමේ හැකියාව පවතී.. මෙය නැවත අලුත් කළ යුතු Data add-on ක්‍රමවේදයක්වන අතර, ඕනෑම අවස්ථාවක එය unsubscribe කිරීමේ හැකියාවද පවතී.

ඉතාමත් පහසුවෙන් සක්‍රීය කරගත හැකි ‘7xFun’ Add-on data bundle තරුණ තරුණියන් ඇතුළුව පවුලේ සැමට සමාජ මාධ්‍ය වේදිකා  රිසි සේ භාවිත කිරීමට අවස්ථාව සලසා දෙයි

MySLT App හෝ MySLT Portal ඔස්සේ 7xFun add-on data bundle සක්‍රීය කරගත හැකි වේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 1212 ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ www.sltmobitel.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව