අමානා බැංකුවේ ආයතනික බැංකුකරණ කාර්යාලය නව ස්ථානයක ස්ථාපිත කෙරේ

IMG-20230823-WA0036

 



 

 

ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හා වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් අමානා බැංකුව සිය ආයතනික බැංකුකරණ කාර්යාලය නව ස්ථානයක පිහිටුවීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවස්ථාවට අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි, එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, අධ්‍යක්ෂවරුන් වන ඩිල්ශාන් හෙට්ටිආරච්චි, ටිෂාන් සුබසිංහ සහ මොහොමඩ් ඇඩම්අලී, උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ශාඩ් ඉක්බාල් සහ සහකාර උප සභාපති හා ආයතනික බැංකුකරණ ප්‍රධානී රාජේන්ද්‍ර ජයසිංහ යන මහත්වරුන් සහ කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම ආයතනික බැංකුකරණ කාර්යාලය අමානා බැංකුවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ 5 වන සහ 6 වන මහල්වල පිහිටා තිබීම ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් වනු නිසැක ය. පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි  ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීමේ හැකියාව සහිත කාර්යාල පහසුකම් ඇතුළුව, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැලසීමට අවශ්‍ය සියලුම පහසුකම් මෙම ආයතනික බැංකුකරණ පරිශ්‍රය සතුව පවතී.

ජාත්‍යන්තර වෙළඳ කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම කාලීන වශයෙන් වැදගත් වන බැවින්, එම අංශයද අමානා බැංකුවේ ආයතනික බැංකුකරණ කාර්යාල පරිශ්‍රය තුළම පිහිටුවා තිබේ. මෙම ක්‍රමෝපායික තීරණය මගින් ආනයන හා අපනයන කටයුතුවලට අදාළ මූල්‍ය පහසුකම් වඩාත් ඉක්මනින් සැපයීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, ලොව පුරා විසිරුණු 60 කට අධික ජාත්‍යන්තර නියෝජිත බැංකුකරණ සේවා ජාලය මෙම සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීමට දායක වනු ඇත.

අමානා බැංකුවේ ආයතනික බැංකුකරණ කාර්යාලය නව ස්ථානයක ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්, එම බැංකුවේ උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ශාඩ් ඉක්බාල් මහතා මෙසේ තම අදහස් දැක්වී ය. “ ආර්ථික අර්බුදය පැවති කාලසීමාව තුළ සමස්ථ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඖෂධ, ආහාර සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යමින්, රටේ යහපත උදෙසා අපගේ ආයතනික ගනුදෙනුකරුවන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළා. ඒ අනුව අපගේ ඉලක්කය වන්නේ, අපගේ අගයන් ඔස්සේ මෙම ගණුදෙනුකාර සමාගම් හා ආයතනවලට හුදෙක් මූල්‍ය ආයතනයක සීමාවෙන් ඔබ්බට ගිය සේවාවක් ලබාදීමටයි. ඒ ඔස්සේ ඔවුන්ගේ සාර්ථකත්වයට උරදෙන ක්‍රමෝපායික හවුල්කරුවෙකු බවට පත්වීම අපගේ අරමුණ වී තිබෙනවා. මෙම කාර්යාලය මෙලෙස නව ස්ථානයක පිහිටුවීම, ආයතනික ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබා දීමට අප දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්. මැනැවින් පුහුණව ලත් අපගේ පාරිභෝගික සබඳතා නිලධාරීන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමගින්, අපගේ ආයතනික බැංකුකරණ ගනුදෙනුකරුවන්ගේ දියුණුවට මහෝපකාරී වන පහසුකම් හා සේවාවන් සැලසීමට අප සූදානම්.”

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “රටේ ආර්ථිකයේ පුනර්ජීවනය උදෙසා කෘෂිකර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්‍රය සහ වෙළෙඳ ක්ෂේත්‍රය ඇතුළුව ආර්ථිකයේ සෑම අංශයකටම දායක වෙමින්  සමාගම් හා අපගේ ආයතනික ගනුදෙනුකරුවන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනවා. ඒ අතර පුනර්ජනනීය බලශක්තිය වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල ද ප්‍රගතියක් අත්කර ගනිමින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට ද උරදෙන මෙම ප්‍රයත්නවල කොටස්කරුවෙකු වීමට අමානා බැංකුවට හැකි වීම අපට මහත් සතුටක්. මේ වනවිට අපගේ ආයතනික ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, එවැනි පසුබිමක් තුළ ආයතනික බැංකුකරණ කාර්යාලය වැඩි පහසුකම් සහිත ස්ථානයක ස්ථාපිත කිරීම, වඩාත් ආකර්ෂණීය ලෙස අපගේ සේවාවන් ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීම සඳහා අප දරන නිරන්තර උත්සාහයට සාක්ෂි දරනවා.”

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව