ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් අමානා බැංකුව හඳුන්වා දෙන WhatsApp Banking සේවාව

Arshad Jamaldeen AVP – Deposits and Digital Innovation Amana Bank (LBN)

 



 

 

අමානා බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් සුවිශේෂී පහසුකම් හඳුන්වා දීමේ තවත් පියවරක් වශයෙන් WhatsApp Banking සේවාවක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් අමානා බැංකුවේ ගනුදෙනුකරුවන්ට 070 7756 756 WhatsApp අංකයට ‘Hi’ යනුවෙන් පණිවිඩයක් යොමුකිරීම මගින් තම ගිණුම්වල ශේෂය දැනගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම සේවාව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් ලබාදීමට ද කටයුතු යොදා තිබේ.

ගනුදෙනුකරුවන්ට තම ජංගම දුරකථන අංකයට සම්බන්ධ ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම් සහ කාලීන ආයෝජන ගිණුම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආයතනික ගිණුම් මෙන්ම ජංගම ගිණුම් වල ශේෂයන් මේ ඔස්සේ එසැණින් දැනගත හැකි වේ. මෙය ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය කටයුතු කළමනාකරණය කරගැනීමේදී අතිශයින් වැදගත් වනු ඇත. එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදයක් (OTP) ඇතුළුව ඉහළම ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතා වන නිසා ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව මෙමගින් තහවුරු වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමානා බැංකුවේ සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ෂාඩ් ජමාල්ඩීන් මහතා මෙසේ පැවසී ය. “දිගින් දිගටම ඩිජිටල් නවෝත්පාදන ක්‍රමෝපායන් වෙත යොමුවෙමින් සිටින අපට මේ ආකාරයෙන් අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් WhatsApp Banking සේවාවක් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. එමෙන්ම මෙය සියලු ගනුදෙනුකරුවන්ට ගැළපෙන සහ පහසුවෙන් භාවිතා කළ හැකි බැංකුකරණ පහසුකම් හඳුන්වා දීමට අප දක්වන උනන්දුවට මනා සාක්ෂියක් ලෙසත් හැඳින්විය හැකිය. ඉදිරියේදී අපගේ WhatsApp Banking සේවාවට තවත් අංග කිහිපයක්ම එක්කිරීමට අප සැලසුම් කර තිබෙනවා.”

WhatsApp Banking සේවාවට පිවිසී තම ගිණුම් ශේෂය පරීක්ෂා කිරීම සඳහා ගනුදෙනුකරුවන් අමානා බැංකුවේ WhatsApp අංකය වන 070 7756 756 තම දුරකථනයේ Contacts තුළ Save කරගත යුතු වේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව