නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහනේ ජයග්‍රාහකයින්ට තෑගි පිරිනැමීම ඇරඹේ

Nations Trust Bank’s ‘We Transfer More Than Money’ initiative rewards lucky remittance customers (LBN)

 



 

 

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහන යටතේ පසුගිය අප්‍රේල් මාස ජයග්‍රාහකයින්ට සුපිරි වෙළඳසැල් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා වටිනා තෑගි වවුචර් පිරිනමන ලදී.

විදේශ ප්‍රේෂණ හරහා රටට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරගන්නා අතරම,  ශ්‍රී ලාංකිකයන් සහ එතෙර වෙසෙන ඔවුන්ගේ ආදරණීයයන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙම වැඩසටහන හඳුන්වා දෙන ලදි. මෙරටට මුදල් එවීම සඳහා විශ්වාසනීය හා කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වා දෙන අතරම හුදෙක් සේවාවකට එහා ගිය මෙහෙවරක් ඉටුකිරීම කිරීම සඳහා මෙය “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්”’ ලෙස නම්කර ඇත.

මේ යටතේ, රු. 50,000/- හෝ ඊට වැඩි  වටිනාකමකින් යුත් ඕනෑම විදේශ මුදල් ප්‍රේෂණයක් සඳහා එක් දිනුම් අවස්ථාව බැගින් හිමි වන අතර, වාසනාවන්ත ජයග්‍රාහකයින්ට  සුපිරි වෙළඳසැල් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා වටිනා තෑගි වවුචර් හිමි වේ. මෙම වැඩසටහනට මේ වනවිට රට පුරා ගනුදෙනුකරුවන් විශාල පිරිසකගේ අවධානය දිනාගෙන ඇත.

මහා දිනුම් ඇදීම අවසන් වන තුරු සෑම මසකම සුපිරි වෙළඳසැල් වෙතින් භාණ්ඩ මිලදීගැනීම සඳහා වටිනා තෑගි වවුචර් දිනා ගැනීමට අවස්ථාව  හිමි වේ. වැඩසටහන අවසානයේදී මහා දිනුම් ඇදීම පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහි ජයග්‍රාහකයින්ට එතෙර වෙසෙන තම ආදරණීයයන් බැලීමට යාම සඳහා යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් හිමි වේ.

දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික ගනුදෙනුකරුවන් රාශියකට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව