ශ්‍රී ලංකාවේ පළමු වරට සම්පත් බැංකුවේ ‘ කලිං කෑෂ්’වල සල්ලි දාන කොයි කාටත් සල්ලි දාපු ගමන් පොලිය අතට !

Sampath Bank (LBN)

 



 

 

2023 මැයි …, කොළඹ – සම්පත් බැංකුව, ශ්‍රී ලාංකේය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ නව්‍යකරණ සේවා සපයන්නා බවට නැවත නැවතත් තහවුරු කරමින් වඩාත් කතා බහට ලක්වූ සම්පත් ‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතු සේවාව සිය ගනුදෙනුකරුවන් වෙත නැවත වරක් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතුව කල් පිරෙන තෙක් රැඳී නොසිට තැන්පතුව ආරම්භ කරන අවස්ථාවේදීම ඒ සඳහා වන පොලී මුදල ලබා ගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවන් වෙත උදා වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වීමද විශේෂත්වයකි.

සාම්ප්‍රදායික ස්ථාවර තැන්පතු ක්‍රමය උඩු යටිකුරු කරමින් ස්ථාවර තැන්පතු පොලිය කල් පිරෙනතුරු නොසිට තැන්පතුව ආරම්භ කරන අවස්ථාවේදීම පොලිය ලබා ගැනීමේ පහසුකම මේ තුළින් උදා කර දී ඇත. මෙමඟින් තමන්ගේ ‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතුව විවෘත කළ මොහොතේ සිටම තැන්පතුවේ ප්‍රතිලාභ විඳීමේ දුර්ලභ අවස්ථාව ගනුදෙනුකරුවන්ට හිමි වන අතරම ආයෝජනයන් තූලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඔවුන් දිරිමත් කරනු ඇත.

පොළිය ඒ මොහොතේදීම ලබා දීමෙන් නොනැවතී සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අනුව ආකර්ෂණීය විශේෂාංග රැසක්ද ගනුදෙනුකරුවන් වෙත තිළිණ කරන සම්පත් ‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතු ගිණුමක මාස 3, 6, හෝ 12 වශයෙන් කැමති කාල පරිච්ඡේදයක් යටතේ ආයෝජනය කිරීමේ පහසුවද ගනුදෙනුකරුවන් වෙත උදා කර දී ඇත. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සම්පත් බැංකුවේ සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකි අවම තැන්පතුවක් තුළින් මෙම සුවිශේෂී සම්පත් කලිං කෑෂ් ස්ථාවර තැන්පතු ගිණුමද විවෘත කිරීමට හැකි වීමයි.

ගනුදෙනුකරුවන්ගේ කැමැත්ත අනුව කල් පිරීමේදී ලැබීමට නියමිත පොලිය ආරම්භයේදී ලබා ගැනීමට අවස්ථාව ලබා දීම තුළින් ඉතුරුම් සඳහා ගනුදෙනුකරුවන් උනන්දු කරවීමටත් ඔවුන්ගේ ආයෝජනයන්හි ප්‍රතිලාභ ඔවුන් වෙත සැණෙකින් ලබා දීමටත් සම්පත් ‘කලිං කෑෂ්’ කටයුතු කරනු ලබයි. සුවිශේෂී ක්‍රමය Cash-in, Interest-out යටතේ මෙම නවතම සේවාව තුළින් ක්ෂණික ප්‍රතිලාභ සහ වටිනාකම් තමන් සතු කර ගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන් වෙත ලබා දීම නව්‍යකරණ බැංකු සේවාවේ තවත් සුවිශේෂී පෙරලියක් සනිටුහන් කරනු නිසැකය.

තවද සම්පත් ‘කලිං කෑෂ්’ තූලින් තැන්පතුව ආරම්භයේදීම ගනුදෙනුකරු වෙත හිමි කර දෙන අදාළ පොලී මුදල ගනුදෙනුකරුගේ ඉතුරුම් ගිණුමට හෝ ජංගම ගිණුමට බැර කර ගැනීමේ පහසුවද මෙහි තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය. නිරන්තරයෙන් ගනුදෙනුකරුවන්ට සුවපහසු බැංකු සේවාවක් සැලසීම වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරන සම්පත් බැංකුව මේ තුළින් කරදරයකින් තොර බැංකු අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත ලබා දෙන්නේ සිය බැංකු සේවාවේ අසමසම වෙනසද ගෙන හැර දක්වමිනි.

සෑම විටම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් නව්‍යකරණ බැංකු සේවාවන් පිළිබඳ විශ්වාසය තබා සිටින සම්පත් බැංකුව විසින් වත්මන් ආර්ථික රටාව තුළ ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස් වන මූල්‍ය අවශ්‍යතාවන් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කලින් කෑෂ් ස්ථාවර තැන්පතු ගිණුම නැවත විවෘත කිරීමට කටයුතු කරන ලදී. සිය පාරිභෝගිකයින් වෙනුවෙන් නැවත ආරම්භ කරන ලද සම්පත් ‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතුව  හා සම්පත් බැංකුවේ අනෙකුත් සියලු මූල්‍ය විසඳුම් පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීමට www.sampathbank.lk වෙත පිවිසෙන්න. නැත්නම් 1332 අමතන්න.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව