DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් කාඩ්පත් හිමියන්ට වැඩි මූල්‍යමය නිදහසක් සමඟ නම්‍යශීලීත්වය ගෙනෙන ප්‍රතිලාභ රැසක්

DFCC Bank English Logo

 



 

 

DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට වැඩි මූල්‍යමය නිදහසක් හා නම්‍යශීලීත්වයක් හිමි වන ආකාරයට තම ක්‍රෙඩිට් කාඩ්පත් හරහා පිරිනමන ප්‍රතිලාභ තවදුරටත් වැඩිදියුණු කර තිබේ. ඒ අනුව Gold, Platinum, Signature, Infinite, World MasterCard සහ අනෙකුත් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම සහ කාඩ්පත් මත පිරිනමන ණය වැනි සේවාවන් සඳහා වඩාත් හොඳ සේවාවක් සමග ඉහළ නම්‍යශීලීත්වයක් අත්විඳීමට හැකි වනු ඇත.

වෙනත් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් හිමි ගනුදෙනුකරුවන්ටද, එම කාඩ්පත්වල ශේෂය DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් වෙත මාරු කිරීම මගින් මෙම ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ. මෙම ක්‍රමය යටතේ ඔවුන්ට වඩාත් හොඳ සේවාවක්, සහනදායී පොලී අනුපාත සමග වැඩි ඉතිරියක්ද හිමි වනු ඇත.

DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලබාදෙන පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගනුදෙනුකරුවන්ට රු. 10,000/- කට වැඩි ගනුදෙනු සඳහා මාස 60 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හිමි වන අතර, ඒ සඳහා අයකෙරෙනුයේ මූලික ගාස්තුවක් හා සේවා ගාස්තුවක් පමණි. මේ නිසා මෙම සේවාව, වර්තමානයේ ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි වඩාත්ම සහනදායී පහසු ගෙවීමේ ක්‍රම අතරින් එකක් ලෙස සැලකෙන අතර, මෙමගින් ඔවුන්ට කරදරයකින් තොරව රිසි සේ තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට හැකියාව ලැබේ.

DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් මත ණය ලබාදීමේ සේවාව මගින් කාඩ්පත් හිමියන්ට තම ණය සීමාවෙන් 75% ක් දක්වා ක්ෂණික ණයක් ලබාගත හැකි අතර, ක්ෂේත්‍රයේ අවම පොලී අනුපාත යටතේ එම මුදල ආපසු ගෙවීම සඳහා ඔවුන්ට මාස 60 ක් දක්වා කාලය හිමි වේ. මෙය කාඩ්පත් හිමියන්ට අනපේක්ෂිත වියදම් හෝ හදිසි මුදල් අවශ්‍යතා හමුවේ ලැබෙන සුවිශාල සහනයකි.

“’කාටත් ගැළපෙන බැංකුව’ ලෙස හැඳින්වෙන DFCC බැංකුව, මෙරට බැංකු ක්ෂේත්‍රයේ වසර 65 කට වැඩි උරුමයක් සහිත බැංකුවක්. ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාව සහ මිලදී ගැනීමේ හැකියාව වැඩිදියුණු කරන සහ මූල්‍ය පිරිවැය අවම කරන නව්‍ය සහ පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීමට අප කැප වී සිටිනවා. මේ ආකාරයට ක්‍රෙඩිට් කාඩ්පත් මගින් හිමිවන ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම, මෙම උත්සාහයේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම සියලුම නිෂ්පාදන හා සේවාවන් සඳහා වෙළඳපොළේ හොඳම පොලී අනුපාත සමගින් සෑම ගනුදෙනුවක් සඳහාම 1% ක CashBack දීමනාවක් ලබා දීම මගින් අපගේ ගනුදෙනුකරුවන්ට විශේෂයෙන් වර්තමාන ආර්ථික තත්ත්වයන් තුළ වැඩි මූල්‍ය නම්‍යශීලීත්වයක් සමග, මූල්‍ය කළමනාකරණය කාර්යක්ෂමව සිදුකිරීම සඳහා විකල්ප රාශියක්ද හිමිවනවා.” DFCC බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව