Colorup Roof Tile – ශ්‍රී ලංකාවේ විප්ලවීය සෙවිලි නිෂ්පාදන

Image 2 R (LBN)

 



 

 

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පවත්වන ලද ‘Architect 2023’ ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුණු Colorup Roof Tile, සෞන්දර්යාත්මක මෙන් ම නවීන තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති  සෙවිලි නිෂ්පාදනයකි.  Colorup යනු වර්ණ ගැන්වූ සෙවිලි සහ සීලිං නිෂ්පාදන පෙළක් වන අතර, එම නිෂ්පාදන යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත අග්නිදිග ආසියාවේ විශාලතම සහ අති නවීනතම කර්මාන්තශාලාවෙහි නිපදවයි.

Colorup Roof Tile, එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් Colorup හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉන්දික රාජපක්ෂ මහතා පැවසුවේ, “මෙම විප්ලවීය නව සෙවිලි නිෂ්පාදනය මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට  හැකි වීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්.  අපගේ සෙවිලි නිෂ්පාදනවල අද්විතීය ‘S’ හැඩය බොහෝ ප්‍රතිලාභ ලබා දෙන අතර, එය විකල්ප උළු නිෂ්පාදන සෙවිලි කිරීමේ දී පාරිභෝගික ජනතාව සහ ඉදිකිරීම්කරුවන් මුහුණ දෙන අභියෝග රැසකට විසඳුම් ලබා දෙනවා.  වෙළෙඳපොළේ දක්නට ලැබෙන  විකල්ප උළු නිෂ්පාදන හා සසඳන විට Colorup Roof Tile,  ඉතා සැහැල්ලුයි වගේ ම ඉතා ශක්තිමත්. ඒ වගේ ම ඕනෑ ම කාලගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන Colorup නිෂ්පාදන මගින් ශ්‍රී ලාංකේය  පාරිභෝගික ජනතාවට වගේ ම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට නවීන තාක්ෂණයෙන් යුත්, ගෝලීය මට්ටමේ නිෂ්පාදන සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

Colorup Roof Tile, කාලයත් සමඟ අවපැහැ ගැන්වීමෙන් තොර,  පාරජම්බූල කිරණවලට ඔරොත්තු දෙන සුවිශේෂී වර්ණ ස්ථරයකින් සමන්විත වන අතර, ජලයට ඔරොත්තු දෙමින් දිගු කල් පැවැත්මක් සහතික කරයි.  Colorup Roof Tile, හි වර්ණ ආලේපනය සඳහා වසර 5ක වගකීමක් ලබා දෙන අතර, එහි අද්විතීය ‘S’ හැඩය කාර්යක්ෂම අන්තර් සබඳතාවක් ගොඩනංවමින් සත්ව ක්‍රියාකාරකම් සහ තද සුළං හේතුවෙන් සිදු වන  චලනයන් වලක්වමින් කාන්දුවීම් වළක්වයි.  අවම බර, ඉහළ ශක්තිය සහ ආරක්ෂාව සහතික කරන  Colorup Roof Tile,  ගිනි ප්‍රතිරෝධී ගුණයෙන් යුක්ත වන අතර, අවම බර සහ විශාලත්වය නිසා පරාල අවශ්‍යතාව අඩු කරන බැවින්  වහලය සඳහා වන පිරිවැය අවම කරයි. එමෙන් ම Colorup Roof Tile හැසිරවීමට පහසු උළු 5 කින් සමන්විත ඇසුරුම්වල එන නිසා අවම හානියකින් හා අවදානමකින් යුතුව ප්‍රවාහනය කිරීමට සහ ගබඩා කිරීමට  හැකි වීම ද විශේෂත්වයකි.

රයිනෝ රූෆින් සමාගම මගින්  Colorup රැලි සහිත තහඩු 2007 වසරේ දී එළිදක්වන ලද අතර, දැව නිමාවක් සහිත  Colorup Strip Ceiling 2020 වසරේ දී වෙළඳපොළට නිකුත් කෙරිණි. Colorup Strip Ceiling ලී සඳහා කදිම ආදේශකයකි. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිත කර නිපදවන මෙම සෙවිලි  නිෂ්පාදන ගින්නෙන්, ජලයෙන් හා වේයන්ගෙන් ඇති විය හැකි හානිවලට ඔරොත්තු දෙන අතර, සාම්ප්‍රදායික ලී වෙනුවට  තිරසාර බව අරමුණු කර ගනිමින් නිෂ්පාදනය කරයි.  මෙහි ප්‍රතිඵලයක් ලෙස Colorup Strip Ceiling, 2021 වසරේ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය මගින් ගෘහ නිර්මාණ නිෂ්පාදන සඳහා පිරිනැමෙන සම්මානයෙන් පිදුම් ලැබීය. Colorup සෙවිලි නිෂ්පාදන  භාවිත කිරීමට කැමති පාරිභෝගිකයින්ට සහ ඉදිකිරීම්කරුවන්ට www.rhinocolorup.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 5 748 738 අංකය ඇමතීමෙන් මෙම නිෂ්පාදන පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව