සෙලින්කෝ ලයිෆ් අලෙවි වෘත්තිකයින්, SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන 13ක් දිනාගනී

SLIM National Sales Awards 2023 (LBN)

 



 

 

සෙලින්කෝ ලයිෆ් විකුණුම් වෘත්තිකයින් පසුගියදා පැවැති SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් වූ අතර, ඔවුන්ගේ කැපී පෙනෙන විකුණුම් කාර්ය සාධනය සහ ඒ ආශ‍්‍රිත ජයග‍්‍රහණයන් වෙනුවෙන් රන් සම්මාන තුනක්, රිදී සම්මාන තුනක් සහ ලෝකඩ සම්මාන හතක්ද ඇතුළුව සම්මාන 13ක් දිනා ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ජාතික විකුණුම් සම්මාන මීට පෙර හැඳින්වූයේ, SLIM – NASCO සම්මාන ලෙසිනි. සම්මාන ප‍්‍රදානයේ නවතම සංස්කරණය, 2021 සහ 2022 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයැදුම් කිරීම් තක්සේරු කිරීම මත පදනම් විය.

සෙලින්කෝ ලයිෆ් විකුණුම් කණ්ඩායම 2020 දී ජීවිත රක්‍ෂණ අංශයේ ඔවුන්ගේ කාර්ය සාධනය වෙනුවෙන් සම්මාන 07ක් දිනා ගත්තේය. මෙහිදී වැල්ලවත්ත ශාඛාවේ කේ. ශ‍්‍රීකරන් මහතා විකුණුම් විධායක කාණ්ඩයෙන්ද, ප‍්‍රධාන කාර්යාලයේ ඒ. එච්. එම්. රිහාම් මහතා විකුණුම් සහායක කාණ්ඩයෙන්ද රන් සම්මාන දෙකක්ද දිනා ගන්නා ලදී. ආණමඩුව ශාඛාවේ ආර්. එම්. බී. එන්. පී. කේ. රත්නමාල මහතා විකුණුම් විධායක කාණ්ඩයෙන් රිදී සම්මානයක්ද, මාතර සහ අකුරැස්ස කලාපයේ ආර්. පී. එල්. ධම්මික මහතා ප‍්‍රාදේශීය විකුණුම් කළමනාකාර අංශයෙන් ලෝකඩ සම්මානයක්ද, පන්නල ශාඛාවේ එස්. ඒ. එස්. ආර්. සේනානායක මහතා ටෙරිටරි මැනේජර් අංශයෙන් ලෝකඩ සම්මානයක්ද දිනා ගත්තේය. මේ අතර පන්නල ශාඛාවේ ඒ. කේ. දේවින්ද මහතා අලෙවි විධායක කාණ්ඩයෙන්ද, නෙල්ලියාඩි ශාඛාවේ කේ. කුරුශාන්ත් මහතා ෆ‍්‍රන්ට්ලයිනර් කාණ්ඩයෙන්ද සම්මාන දිනා ගත්තේය. එසේම සම්මාන දිනාගත් ඒ. එච්. එම්. රිහාම් සහ ආර්. පී. එල්. ධම්මික යන මහත්වරුන් ජීවිත රක්‍ෂණ අංශයෙන් පමණක් නොව, අනෙකුත් අංශයන්ටද අදාලව සම්මාන දිනා ගත්තේය.

2021 වසරේ විකුණුම් කාර්ය සාධනය වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් සම්මාන 06ක් දිනාගත් අතර, විකුණුම් විධායක අංශයෙන් නෙල්ලියාඩි ශාඛාවේ පී. ප‍්‍රතාප් මහතාට රන් සම්මානයක්ද, නෙල්ලියාඩි ශාඛාවේ වී. බාස්කරන් මහතා සහ වැල්ලවත්ත ශාඛාවේ ඒ. ආර්. එෆ්. රිස්නා මහත්මිය ටෙරිටරි මැනේජර් සහ විකුණුම් කාණ්ඩවලින් රිදී සම්මාන දෙකක්ද දිනා ගත්තේය. මේ අතර චෙන්කලාඩි ශාඛාවේ එස්. මතිවන්නන් මහතා සහ පී. මක්ෂාන් මහතා මෙන්ම, වැල්ලවත්ත ශාඛාවේ ටී. ජයන්ති මහත්මියද පිළිවෙලින් ටෙරිටරි මැනේජර්, ෆ‍්‍රන්ට්ලයිනර් සහ විකුණුම් විධායක කාණ්ඩවලට අදාලව ලෝකඩ සම්මානයන්ද හිමිකර ගත්තේය.

සෙලින්කෝ ලයිෆ් 2011 වසරේ සිට SLIM – NASCO සම්මාන සඳහා සහභාගී වී ඇති අතර කොළඹ, අම්බලන්තොට, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, හොරණ, කළුතර, කුරුණෑගල, මාතර, මොරටුව, මීගමුව, නිට්ටඹුව සහ තෙල්දෙණිය යන ප‍්‍රදේශවලින් සෑම අංශයකින්ම ජයග‍්‍රාහකයන් බිහිකර ඇත. මෙම ජයග‍්‍රාහකයින් සෙලින්කෝ ලයිෆ් හි ඉහළ ගෞරවයට පාත‍්‍ර වන අතර, සමාගමේ වාර්ෂික සම්මාන උළෙලේදී විශේෂ උපහාර ලබයි.

සෙලින්කෝ ලයිෆ් විසින් 3,500කට අධික විකුණුම් කණ්ඩායමක් සේවයේ යොදවා ඇති අතර, ශ‍්‍රී ලංකා ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ශාඛා 250කට අධික විශාලතම ජාලයක් ක‍්‍රියාත්මක කරමින් දිස්ත‍්‍රික්ක 24ක ප‍්‍රධාන නගර, උප නගර සහ ගම්මාන 132ක් වෙත භෞතික පැවැත්මක් ලබාදෙයි.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති අතර අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලබා ඇත. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව