නවෝත්පදකයින් සවිබලගන්වමින් SLT-MOBITEL වෙතින් සංවිධානය කරනලද නවෝත්පාදන තරගාවලි ද්විත්වය සාර්ථකව නිමවෙයි

Image 01 (LBN)

 



 

 

ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය නවෝත්පාදන කුසලතා ඔප්නැංවීම සඳහා SLT-MOBITEL සවිබලය ලබා දුන් SLIoT Challenge 2022 සහ IESL Robogames 2022 තරගාවලි පසුගියදා නිමාවට පත්විය.

SLIoT Challenge 2022 තරගාවලියේ උපාධි අපේක්ෂක කාණ්ඩයේ අවසාන වටයට තේරී පත්වූ කණ්ඩායම් අතරින් පිළිවෙලින් Metatron, JuRu සහ Strydo Labs යන කණ්ඩායම් පළමු, දෙවන හා තෙවන ස්ථාන  ද, විවෘත කාණ්ඩය යටතේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් Achievers, UpThrust සහ Indika යන කණ්ඩායම් ද හිමිකර ගත්හ.

IESL Robogames 2022 ශූරතාවලියේ පාසල් කාණ්ඩය යටතේ පළමු ස්ථානය Ralphy කණ්ඩායමට ද, දෙවන ස්ථානය Kada Ozaki කණ්ඩායමට ද, තුන්වන ස්ථානය Mavericks කණ්ඩායමට ද හිමි විය. එම ශූරතාවලියේ උපාධි අපේක්ෂක කාණ්ඩයේ පළමු, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් Trix, Botivity සහ Terminator කණ්ඩායම්වලට හිමි විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නීල් අබේසේකර, තොරතුරු සහ තාක්ෂණ සහ පරිගණක අංශ කමිටුවේ සභාපති ඉංජිනේරු ෂයිඩ් මුස්තයිල්, අභිනව සභාපති මහාචාර්ය රංජිත් දිසානායක යන මහත්වරු ද මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්දන ගමගේ, ආචාර්ය කුටිල ගුණසේකර, ආචාර්ය සුලෝචනා සූරියාරච්චි, ආචාර්ය උදය සංකර් දයාසිවම්  යන මහත්ම මහත්මීහු ද SLT-MOBITEL සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම නවොත්පාදකයින් සහ අනාගත ඉංජිනේරු ශිල්පීන් හට සුබපැතීම සඳහා එක්ව සිටියහ.

නවෝත්පාදනයෙන් සපිරි ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා තරුණ ප්‍රජාව තුළ කුසලතා වර්ධනය කිරීම සඳහා SLT-MOBITEL දක්වන කැපවීම මෙම තරගාවලි ද්විත්වය සංවිධාන කිරීම මගින් මනාව පිළිබිඹු කෙරේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව