2023 මාර්තු 24 වැනිදා, කොළඹ– මෙවර පවත්වන ලද Effie Awards Sri Lanka 2022 සම්මාන උළලේදී ‘වසරේ වඩාත් ඵලදායී සන්නාමය’ දිනාගැනීමට CBL Sera සන්නාමයට හැකි වූ අතර එහි නිෂ්පාදන ආයතනය වන Convenience Foods Lanka PLC (CBL සමූහයේ අනුබද්ධිත) ‘වසරේ වඩාත් ඵලදායී අළෙවිකරුවා’ ලෙසින් සම්මානයට පාත්‍ර විය. මෙහිදී, Packaged Food කාණ්ඩයේ රන් සම්මානය, Media Innovation (මාධ්‍ය නව්‍යකරණය) රන් සම්මානය, සමාජ මධ්‍ය සඳහා වූ රිදී සම්මානය සහ යොවුන් නිෂ්පාදන අලෙවිකරණය සඳහා වූ ලෝකඩ සම්මානය දිනාගනිමින් 2022 Effie සම්මාන උළෙලේදී වැඩිම සම්මානලාභී සන්නාමය බවටද CBL Sera පත්විය. ශ්‍රී ලංකාවේ වෙළඳ දැන්වීම් ක්ෂේත්රය අගයමින් සහ එයට පන්නරයක් දෙමින් පවත්වනු ලබන Effie Awards Sri Lanka, මෙවර 13 වැනි වරට පැවැත් වූ අතර අභියෝගාත්මක කාල වකවානුව තුල නිර්මාණශීලි සහ ඵලදායී ලෙසින් සිදුවූ දැන්වීම්කරණ වැඩසටහන් ඔප්නැංවීම සහ දිරිගැන්වීම මෙහි අරමුණු විය.
නව්‍යමය අදහස් තුලින් විශිෂ්ට ප්‍රතිඵල බිහිවන බව ගම්‍ය කරන Effie සම්මානයේ දර්ශණයට, Sera Kottu Kottu, Convenience Foods (Lanka) PLC සමඟ Isobar Sri Lanka සහ Kaali Projects හී නිර්මාණාත්මක සහයෝගීතාව සහ විශේෂඥ දැනුම මුසුවූ ජයග්‍රාහී ප්රචාරක ව්‍යාපෘතිය වන #GrandTheftKottu කදිම ආදර්ශයක් විය. තාරුණ්‍යයේ ආකල්ප සහ අදහස් මැනවින් හඳුනන නව්‍ය සන්නාමයක් වන Sera Kottu Kottu සන්නාමය Isobar Sri Lanka සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ e -ක්‍රීඩා ක්ෂේත්රයට පෙර නොවූ විරූ අත්දැකීම් සමුදායක් එක් කරමින් #GrandTheftKottu සමඟින් online gaming ලෝකයට ප්‍රවේශ විය.
ලෝක ප්‍රකට e – ක්‍රීඩා මාලාවක් වන Grand Theft Auto හරහා “Sera Kottu Kottu” සන්නාමය, ඩිජිටල් වේදිකාවක් තුල නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ අතර ඒ යටතේ GTA 5 ක්‍රීඩාවෙහි පසුබිම ආදර්ශයට ගනිමින් කොළඹ සහ අනෙකුත් සුවිශේෂී ස්ථාන වල අනුරූ නිර්මාණය කිරීමට ද කටයුතු කෙරුණි.
“ව්‍යාපාරයේ සහ එහි සන්නාමයන් හි අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා නිර්මාණශීලීත්වය සහ නව්‍යමය අදහස් උපයෝගී කරගැනීමේ වැදගත්කම පෙන්වාදීම සහ අගය කිරීම Effie හි අරමුණ යි, Sera Kottu Kottu විසින් නිර්මාණය ලද මෙම ව්‍යාපෘතිය ද කැපී පෙනුනේ එම නිසා බව අපි විශ්වාස කරනවා. තරුණ පරම්පරාව ඉලක්ක කරමින් මෙවැනි ව්‍යාපෘතියක් ලංකාවේ නිර්මාණය වූ පළමු වතාව මෙය වන අතර, තරුණ පිරිස අතර ඉතාමත් සාර්ථකව ප්‍රචලිත වීම මඟින් මෙහි සාර්ථකත්වය මනාව පැහැදිලි වේ” යැයි Convenience Foods Lanka PLC අලෙවි කළමණාකරු නුවන් රත්නකීර්ති මහතා අදහස් දැක්විය.
“Effies 2022 සම්මාන උළෙලේදී CBL Sera සම්මාන රැසකින් පිදුම් ලැබීම අප හට මහත් ගෞරවයක්. කොවිඩ් වසංගත තත්වයත් සමඟ හටගත් අභියෝගාත්මක කාලය තුල, සමාජ මාධ්‍ය හරහා විද්‍යුත් අලෙවිකරණ අවස්ථා (e-selling) ඇති කර ගනිමින් ඉතාමත් උනන්දුවකින් හා උද්යෝගයකින් කටයුතු කරමින් අපගේ ඉලක්කගත පාරිභෝගික ප්‍රජාව හට නව්‍යමය සහ උපරිම සේවාවක් ලබා දීමට CBL Sera කණ්ඩායම කටයුතු කළා. ඒ නිසාම CBL Sera කැපීපෙනෙන විශිෂ්ටතම වෙළෙද සන්නාමයක් බවට පත් වූ අතර නව සංකල්පයක් යටතේ නව අත්දැකීම් ගෙන ඒම සඳහා ඇප කැප වූ අලෙවිකරණ කණ්ඩායම වගේම Isobar Sri Lanka හි කැපවීමත් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයේ ගෞරවය ඔවුන්ටත් හිමි වෙනවා’ යැයි මෙහිදී අදහස් දක්වමින් CBL Food Cluster හි අලෙවි සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා කියා සිටියේය.
Dentsu Communications හි උප සභාපති මොහනේෂ් චමිත් බුත්ගමුව සිය අදහස් දක්වමින් ”e – ක්‍රීඩා තුලින් ලබා දෙන නව්‍ය වූ අත්දැකීම් නිසා අලෙවිකරුවන් හට තම සන්නාමයන් කෙරෙහි පාරිභෝගික අවධානය සහ ආකර්ෂණය වඩාත් වැඩියෙන් රඳවා තබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා #GrandTheftKottu කියන්නේ ව්‍යාපාර ක්ෂේත්රයේ නව සංධිස්ථානයක් පමණක්ම නෙමෙයි,එය අලෙවිකරණ ජාලයේ විශිෂ්ඨ ජයග්‍රහණයක් ද වෙනවා” යැයි පැවසීය
Effies විසින් ශ්‍රී ලංකාවේ වඩාත් නිර්මාණශීලී වෙළඳ ප්‍රචාරණ සහ අලෙවිකරණ ව්‍යාපාරයන් ඇගයීම සිදුකරනු ලබයි. අලෙවිකරණ ක්ෂේත්රයේ ඉහළම පිළිගැනීමට ලක්වූ අග්‍රගණ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් Effie Awards Sri Lanka සංවිධානය කරනු ලබයි. නිර්මාණශීලීත්වය සහ ඵලදායීතාව අවධාරණය ගනිමින් අලෙවිකරණ සහ සන්නිවේදන ක්ෂේත්රයේ සියලු අංශවලින් ජයග්‍රාහකයින් ලෙස තෝරා පත් කර ගනු ලබයි.
CBL Sera නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන්නේ CBL සමූහයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Convenience Foods Lanka PLC විසිනි.