මෙරට කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්වෙයි

IMG_4483 sponsorship cheque hand over (LBN)

 



 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කරන  ‘National Talent Pathway’  ජාතික වැඩසටහනට සමගාමීව  සංවිධානය කෙරෙන, වයස අවුරුදු 15 න් පහළ Sri Lanka Youth Leauge (SLYL) අන්තර් දිස්ත්‍රික් හා අන්තර් පළාත් තරඟාවලියේ ප්‍රධාන  අනුග්‍රාහකත්වය ප්‍රීමා සමාගම දක්වයි. මෙම අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් 2022 නොවැම්බර් 21 වැනි දින කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා SLYL 2022 තරඟාවලියේ පන්දුවාර 50 පළාත් තරඟාවලිය දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 21 වන දා ආරම්භ විය. රත්මලාන වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දී හා ජනසතු සේවා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එම තරඟාවලිය ගාල්ල, කොළඹ උතුර, කොළඹ දකුණ, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් පහ අතර වැවැත්වෙන තරඟ 10කින් සමන්විතය. මෙම තරඟාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතය. ජාතික කනිෂ්ඨ තේරීම් කමිටුවේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් විසින් මීට සහභාගි වන ක්‍රීඩකයින් තෝරා ගන්නා ලදී.

පෙර වසරවල ප්‍රීමා චැම්පියන්ස් කුසලානය ලෙසින්  හැඳින් වූ , වත්මන් 15න් පහළ ප්‍රීමා SLYL තරඟාවලියේ නිල අනුග්‍රාහකයා ලෙස ප්‍රීමා සමාගම පසුගිය වසර 12  පුරා අඛණ්ඩව කටයුතු කර ඇති අතර, එමගින් දහස් සංඛ්‍යාත යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම දිස්ත්‍රික්කය හා  පළාත නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී ඇත. ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අතීත හා වර්තමාන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙම තරඟාවලිය මඟින් බිහි වී ඇති බව ද පැවසිය යුතුමය.

මෙම උත්සව සභාව අමතමින්,  සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් (ප්‍රීමා සමාගමේ) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, ” ප්‍රීමා, නැවත වරක් වයස අවුරුදු 15න් පහළ ‘ප්‍රීමා SLYL ක්‍රිකට් තරඟාවලිය’ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගන්නා බව සතුටින් ප්‍රකාශ කිරීමට කැමතියි. ඒ වගේ ම මෙම තරඟාවලිය  ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද එක ම කනිෂ්ඨ ක්‍රිකට් තරගාවලිය විදියට හඳුන්වා දීමට පුළුවන්.” යනුවෙනි.

ඊට අමතරව ගුණරත්න මහතා මේ අයුරින් ද පැවසුවේය. ” වසර දෙකකට පසු, මේ රටේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් දිරි ගැන්වීමේ අරමුණින් නැවතත් පණ ගැන් වූ මෙම තරඟාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. මේ රටේ තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා දියුණු කර ගැනීම සඳහා  ඔවුන් දිරිමත් කිරීම සහ සහයෝගය ලබා දීම අපගේ වගකීමක් බව ප්‍රීමා සමාගමේ අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා.  වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා SLYL තරඟාවලිය තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතය ජාතික මට්ටමට වගේ ම ජාත්‍යන්තර මට්ටම දක්වා ගොඩනංවා ගැනීමට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන බව මම විශ්වාස කරනවා.”

” අපගේ මෙම වටිනා සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව වගේ ම, ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රිකට් නැංවීම වෙනුවෙන් වයස අවුරුදු 15න් පහළ ‘ප්‍රීමා SLYL තරඟාවලිය’ අතිසාර්ථක කරගැනීමට ලබා දුන් සහයෝගය පිළිබඳව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපගේ කෘතඥතාව පුද කිරීමට මම මෙය අවස්ථාව කරගන්නවා.” යනුවෙන් ගුණරත්න මහතා තවදුරටත් පැවසුවේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව