‘සෙලින්කෝ ලයිෆ්’ 2021 වාර්ෂික වාර්තාව CMA විශිෂ්ට සංකලිත වාර්තා 05 අතරට

CMA Integrated Reporting Award 2022 (LBN)

 



 

 

සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැති ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමණාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) 2022 සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, විශිෂ්ට සංකලිත වාර්තා (Integrated Reports <IR>) 05න් එකක් ලෙස සම්මානයට පාත‍්‍ර විය.

ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි නවතම වාර්තාව මගින් සමාගමේ මෙහෙයුම් පරිසරය, උපාය මාර්ග, කාර්ය සාධනය, අගය නිර්මාණය කිරීම, පාලනය, අවදානම් කළමනාකරණය සහ අනාගත දැක්ම පිළිබඳව සංක්‍ෂිප්ත සහ අදාළ වූ විස්තරයක් ඉදිරිපත් කර ඇත. තවත් එක් අභියෝගාත්මක වසරකදී ජාතියේ අවදානම් අවම කිරීමට සමාගම ඉතා ශක්තිමත් අරමුණක් ඇතිව ඉදිරියට ගිය ආකාරය මෙම වාර්තාව මගින් නිරූපණය කර තිබිණි.

2021 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා සමාගමේ මෙහෙයුම් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව මගින් එහි ආයතනික දල විශ්ලේෂණය, අගය නිර්මාණය කිරීම, භාරකාරත්වය, ආයතනික පාලනය සහ මූල්‍ය ප‍්‍රකාශන සඳහා ඒකාබද්ධ උපාය මාර්ග ගෙනහැර දක්වමින් එහි ‘ත‍්‍රිත්ව මූලික ප‍්‍රමුඛතා’ (Triple Bottom Line) මත ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳවද විස්තර කර ඇත.

‘සංකලිත වාර්තාකරණය ව්‍යාපාරයක සෑම අංශයකින්ම විනිවිදභාවය පෙන්වීම සඳහා අත්‍යාවශ්‍ය දෙයක් වී ඇති අතර, සමාගම්වලට අසීමිත අභියෝගවලට ප‍්‍රතිචාර දැක්වීමට සිදුවන මෙවැනි කාල වකවානුවකදී එය විශේෂයෙන් වැදගත් වනවා’ යැයි, සෙලින්කෝ ලයිෆ් විධායක අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරි පාලිත ජයවර්ධන මහතා පැවැසීය. ‘එබැවින් අපගේ වාර්ෂික වාර්තාව, ශ‍්‍රී ලංකාවේ ජාතික වෘත්තීය කළමණාකරණ ගණකාධිකරණ ආයතනය වන CMA හි සූක්‍ෂ්ම දර්ශකය යටතට ගෙන විශිෂ්ට ලෙස සමත් වීම ගැන අපි සතුටු වෙමු’ යැයිද ඔහු පැවසුවේය.

2013 දෙසැම්බර් මස නිකුත් කරන ලද ජාත්‍යන්තර සංකලිත වාර්තාකරණ <IR> නිර්දේශ රාමුවට අදාළ වන මාර්ගෝපදේශ භාවිත කරමින්, වාර්ෂික සංකලිත වාර්තාකරණ සම්මාන තරගාවලියේ 08 වැනි සංස්කරණයට අනුව මෙම වසරේ සලකා බැලූ සංකලිත වාර්තා ඇගයීමට ලක් කරන ලදී. මෙම අගැයීම් ක‍්‍රියාවලිය සඳහා ගිණුම්කරණ සහ මූල්‍ය තොරතුරු පමණක් නොව, <IR> යටතෙහි සපයා තිබෙන මූල්‍ය නොවන තොරතුරුද සැලකිල්ලට ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාවද CMA ආයතනය විසින් විශිෂ්ටතම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක්වූ අතර, රට තුළදී ඉදිරිපත් කෙරෙන හොඳම මූල්‍ය වාර්තා අගැයීමට ලක් කරන ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ (CA Sri Lanka) සම්මාන උළෙලේදීද රක්‍ෂණ සමාගම් කාණ්ඩයේ ඒකාබද්ධ රිදී සම්මානය දිනා ගැනීමටද සමත් විය.

2022 වසරේ දී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ්, 2021 වසරේ අඛණ්ඩව තෙවැනි වරටත් ශී‍්‍ර ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ^Great Workplace& ලෙසද, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ^SLIM& විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසද, SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසද, නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව ^ICCSL& සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ^BFSI& ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇත.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව