රිට්ස්බරි අනුග්‍රාහකත්වයෙන් ‘රිට්ස්බරි Tennis Tens සැණකෙළිය’ සාර්ථකව නිමාවට පත් වේ

image 1 (LBN)

 



 

 

මෙරට ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිට්ස්බරි’, අනුග්‍රාහකත්වයෙන් ශ්‍රි ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ලද ‘රිට්ස්බරි Tennis Tens සමස්ත ලංකා අන්තර් පාසල් ටෙනිස් සැණකෙළිය’ පසුගියදා සාර්ථකව නිමාවිය. මෙය ශ්‍රී ලංකාවේ දක්ෂ පා9සල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදීම සඳහා රිට්ස්බරි දරන අඛණ්ඩ උත්සාහයේ තවත් ඉදිරි පියවරක් වශයෙන් හැදින්විය හැක.

පසුගියදා නිම වුණු මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර දෙකක විරාමයකින් අනතුරුව ය. තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ Aggreko ටෙනිස් පිටියේදී පැවැත්විණි.

මේ සඳහා දිවයින පුරා පාසල් 120 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1,300 කට අධික පිරිසක් සහභාගී වූ අතර ඔවුන් වයස අවුරුදු 7, 8 සහ 10 න් පහළ වශයෙන් කාණ්ඩ 3 ක් යටතේ තරග වදින ලදී. මෙම තරගාවලිය ඔවුන්ට අනාගතයේ වෘත්තීය මට්ටමේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත්වීම සඳහා වටිනා අත්දැකීමක් වනු ඇතැයි සමාගම බලාපොරොත්තු වේ.

ඒ  අනුව, තරගාවලියේ Red ball, Orange ball සහ Green ball පිරිමි කාණ්ඩ යටතේ පිරිනමන ලද රන් සම්මාන තුනම දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම් සමත් විය. එසේම, කාන්තා කාණ්ඩ වල Red ball රන් පදක්කම යාපනය හින්දු ප්‍රථමික විද්‍යාලයද, Orange ball රන් පදක්කම කොළඹ කාන්තා විද්‍යාලයද, Green ball රන් පදනක්කම කොළඹ විශාඛා විද්‍යාලයද දිනා ගන්නා ලදී.

මේ පිළිබඳ අදහස් දැක්වූ CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ සාමාන්‍යධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවසුවේ, “රිට්ස්බරි Tennis Tens’ තරගාවලියට අනුග්‍රහය ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්. රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම කුසලතා වැඩිදියුණු කරගැනීමට නිවැරදි අඩිතාලමක් තිබිය යුතු බව අප විශ්වාස කරනවා. ඉදිරියටත් මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට අත්වැලක් වීමට අප සූදානම්.” යනුවෙනි.

තරගාවලියේ සංවිධායකයන් වශයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා පැවසුවේ, “නව පරපුරේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමටත්, රට පුරා ටෙනිස් ක්‍රීඩාව තවදුරටත් ජනප්‍රිය කරවීමටත් මෙවැනි තරගාවලි පැවැත්වීම අත්‍යවශ්‍යයි. මෙම තරගාවලියට රිට්ස්බරි අනුග්‍රහය හිමිවීම, එය සාර්ථක කරගැනීමට විශාල පිටිවහලක් වුණා. එය රටේ ටෙනිස් ක්‍රීඩාවට සිදු වූ විශාල යහපතක් ලෙස මා දකිනවා.” යනුවෙනි.

වසර ගණනාවක් පුරා රිට්ස්බරි මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට අඛණ්ඩව තම අනුග්‍රාහකත්වය ලබා දී ඇති අතර ඉදිරි වසර වලදීත් අනුග්‍රහය ලබාදීමටත් රිට්ස්බරි බලාපොරොත්තු වෙයි. ඒ අනුව, මීට පෙර රිට්ස්බරි ‘සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය, රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබර්ට් මළල ක්‍රීඩා ශූරතාව, විදුදය රිට්ස්බරි පිහිනුම් ශූරතාව සහ රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් (squash) ශුරතාව’ වැනි තරගාවලි රාශියකටද රිට්ස්බරි සිය අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව