සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අගයන්නට SLIM “SME Development Awards” සම්මාන උළෙල අරඹයි

DSC_2331 (LBN)

 



 

 

අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 30 දක්වා 

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අලෙවිකරණ දැනුමෙන් හා කුසලතාවයන්ගෙන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් දියත් කර ඇති ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM විසින් 2022 වසර සඳහා SME Development Awards (SMEDA) සම්මාන උළෙල සඳහා 2022 ඔක්තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා අයදුම්පත් කැඳවා තිබේ. ශ්‍රී ලාංකීය ආර්ථිකයේ ජීව නාලිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ඔවුන් විකුණුම්කරණය, අලෙවිකරණය හා සන්නාමකරණය යන අංශයන් හි දක්වා ඇති කුසලතා අගයමින් පිරිනැමෙන SME Development Awards සම්මාන උළෙල ‘Nation Branding National Initiative’ සන්නාමකරණය පිළිබඳ ජාතික වැඩසටහන හා සමගාමීව දියත් කෙරෙන්නකි.

මෙවර SLIM SME Development Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විවිධ නිර්නායකයන් රැසක් ඔස්සේ අගය කිරීම අරමුණු කරගනිමින් “විශේෂ සම්මාන” සහ “ප‍්‍රමුඛතා සම්මාන” ලෙස ආකාර දෙකකින් සම්මාන පිරිනැමේ. තවද ජූරියේ ඉහළම ප‍්‍රසාද ලකුණු හිමිකරගන්නා ව්‍යවසායකයා වෙත “වසරේ විශිෂ්ඨතම සුළු/මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා” සම්මානයත් තරුණ ව්‍යවසායකයන් දිරිගැන්වීමෙහිලා “වසරේ විශිෂ්ඨතම තරුණ ව්‍යවසායකයා” සම්මානයත් පිරිනැමේ.

SLIM සභාපති නුවන් ගමගේ මහතා සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින් “අපේ රටේ ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් සිදුවන දායකත්වය මෙතෙකැයි කියා කියන්නට බැහැ. වාර්තා අනුව අපේ රටේ 75%  ක ප්‍රතිශතයක් ව්‍යාපාර, ඒ වගේම, අපනයනවලින් 20% කට වඩා, රැකියාවලින් 45% කට සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% කටත් වඩා දායකත්වය සපයන්නේ ඔවුන්. ව්‍යවසායකත්ව කුසලතා පැවතියද, සන්නාමකරණය, අලෙවිකරණ මූලිකාංග, නිෂ්පාදන හා සේවා වාණිජකරණ උපාය මාර්ග පිළිබඳ දැනුම අඩුකමත් ශී‍්‍ර ලාංකීය ආර්ථිකයේ සංවර්ධනයට තමා ලබාදෙන දායකත්වය නිසි ලෙස ඇගයීමකට ලක් නොකිරීමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ඉදිරිගමන වළක්වන සාධක ලෙස අපගේ අනෙකුත් සම්මාන උළෙලවල්  කි‍්‍රයාත්මක කරද්දී අප හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ හරහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින් එන අපනයන ප‍්‍රමාණය 20% වඩා වැඩි කරගැනීමට දිරිගැන්වීමෙන්, එය ගෙවුම් ශේෂ හිඟය අඩුකර ගැනීමට දිගු කාලීන උපාය මාර්ගයක් ලෙස භාවිතා කළ හැක.

ශී‍්‍ර ලංකා ආර්ථිකයේ ජීවනාලිය වැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නූතන අලෙවිකරණ උපාය මාර්ගයන් සමග ඉදිරියට යන්නට අත්වැලක් වෙමින් දිරිගැන්වීම සඳහා SLIM SME Development Awards සම්මාන උළෙල පවත්වනු ලබනවා. ඔවුන් ශක්තිමත් වීම හරහා අපේ රටේ ජාතික ආර්ථිකයත් ශක්තිමත් වෙනවා.” යැයි පැවසීය.

SLIM උප සභාපති ගයාන් පෙරේරා මහතා අදහස් දක්වමින් “සුළු සහ ම මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව, අපේ රටේ ආර්ථිකයේ ජීවනාලිය බඳුය. ඔවුන් සුළු ව්‍යාපාරිකයන් වශයෙන් හැඳින්වුවත්  ඔවුන්ගෙන් අපේ රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය සුළු පටු නොවේ. එමනිසා ආර්ථික දුෂ්කරතා වලින් පිරි මෙවන් කාලයක, ඔවුන් ඇගයීමට සහ දිරිගැන්වීමට සුදුසු වැඩසටහනක් නිර්මාණය කිරීම කාලෝචිත බව ජාතික අලෙවිකරණ ආයතනය ලෙස අපට හැඟී ගොස් තිබෙනවා” යැයි පැවසීය.

SLIM SMEDA සම්මාන උළෙල පිළිබඳ එහි ජූරියේ ප‍්‍රධානී දිනේෂ් නල්ලයියා මහතා අදහස් දක්වමින් “ඔබට පෙර නොවූ ආකාරයේ සාර්ථක ප‍්‍රතිඵල අවශ්‍යය නම් ඔබ මෙයට පෙර කටයුතු කළාට වඩා වෙනස් ආකාරයකින් කටයුතු කළ යුතුයි. SLIM SMEDA සම්මාන උළෙල පැවැත්වීමේ අරමුණ  හුදෙක් සම්මාන ප‍්‍රදානය කිරීම නොවේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තත්ත්වය අවබෝධ කරගැනීමයි. එම ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර ස්වභාවය නූතන තරගකාරී ලෝකයට ගැලපෙන ආකාරයෙන් සකස් කිරීමටත් ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමත් අප මෙයින් අපේක්ෂා කරනවා. බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යයවසායකයන්ට නව අදහස් තිබෙනවා, ඒවා කි‍්‍රයාත්මක කරවීම සඳහා අවශ්‍යය වන මගපෙන්වීම ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

SLIM ව්‍යාපෘති සභාපති මධුරංග වීරතුංග මහතා අදහස් දක්වමින් “SLIM SMEDA සම්මාන උළෙල අප සැලසුම් කළේ වර්තමානයේ අපේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගාමී වූ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමක් ලෙසයි. හුදු සම්මාන උළෙලක් ලෙස නොව SLIM අපගේ වගකීමක් හා යුතුකමක් ලෙස සලකා එම ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ පුළුල් වැඩසටහනක් ලෙසයි කි‍්‍රයාත්මක කරනු ලබන්නේ. “SLIM ප‍්‍රයත්න” නමින් ව්‍යවසායකයන්ගේ ගැටළු විසඳාදෙන නොමිලේ උපදේශ සේවාවක්ද මෙම සම්මාන උළෙලට සමගාමීව අප කි‍්‍රයාත්මක කරනු ලබනවා. ” යැයි පැවසීය.

වාර්ෂික ආදායම රුපියල් මිලියන 16 ත් 250 ත් අතර උපයන දේශීය ව්‍යවසායකයන් හට කුඩා පරිමාණයේ ව්‍යවසායකයෙකු ලෙසත් වාර්ෂික ආදායම රුපියල් මිලියන 750 නොඉක්මවන ව්‍යවසායකයන්ට මධ්‍ය පරිමාණ ව්‍යවසායක කාණ්ඩයෙන් SLIM SME Development Awards වෙත අයදුම් කළ හැකිය. සම්මාන සඳහා අයදුම් කරන සියළු අයදුම්කරුවන් බාහිර විගණන නිලධාරියෙකු හරහා තම ව්‍යාපාරයේ විගණනය කළ අවසන් ගිණුම් වාර්ථාව සහතික කරවාගෙන ඉදිරිපත් කළ යුතුය. වැඩි විස්තර 070 3266 988 අංකයෙන් හෝ gangani.l@slim.lk හරහා ගංගානි අමතන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව