Alumex පාරිභෝගික පහසුව සඳහා නව වෙබ් අඩවියක් සහ බෙදා හැරීමේ සේවාවක් දියත් කරයි

Image 01 (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ විශාලතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Alumex, දිවයින පුරා ඇලූමිනියම් නිෂ්පාදන සහ උපකරණ බෙදාහැරීමේ සේවාවන් සඳහා www.alumexstore.com නමින් නව වෙබ් අඩවියක් දියත් කළේය.
www.alumexstore.com වෙබ් අඩවිය මෙරට ඇලූමිනියම් නිෂ්පාදකයෙකු විසින් ඇලූමිනියම් නිෂ්පාදන සහ උපකරණ බෙදාහැරීමේ සේවාවන් සඳහා ස්ථාපිත කරන ලද ප‍්‍රථම වෙබ් අඩවියයි. එමඟින් පාරිභෝගිකයින්ට උසස් තත්වයේ ඇලූමිනියම් නිෂ්පාදන අන්තර්ජාලය හරහා මිලදී ගෙන ඒවා ඔවුන්ගේ දොරකඩටම ගෙන්වා ගැනීමට මෙන්ම Alumex ප‍්‍රාදේශීය ගබඩාවලින් සෘජුවම ලබා ගැනීමට ද හැකියාව ඇත.
”ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇලූමිනියම් නිෂ්පාදකයා සහ අපනයනකරු ලෙස අපි දිවයින පුරා විසිරී සිටින අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ස්මාර්ට් ක‍්‍රමෝපායන් හදුන්වාදෙමින් මාර්ගගත වේදිකාවක් දියත් කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. අපගේ සේවාවන් අවශ්‍ය සෑම කෙනෙකුටම මෙම කාර්යක්ෂම බෙදා හැරීමේ පද්ධතිය හරහා සේවාවන් ලබා ගැනීම වඩාත් පහසු වන අතර ගනුදෙනුකරුවන්ට මෙම නව වෙබ් අඩවිය හරහා ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සෘජුවම අප හා සම්බන්ධ විය හැකියි.” යනුවෙන් Alumex කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවෙල මහතා පැවසුවේය.
මෙහිදී පාරිභෝගිකයින්ගේ බිල්පත් සහ බෙදා හැරීම් පිළිබඳ දත්ත වල සුරක්ෂිත බව සහතික කරන බැවින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුම් වෙබ් අඩවිය තුළ ආරක්ෂිතව තබාගත හැකිය. එපමණක් නොව අන්තර්ජාලය හරහා පරිශීලකයින්ට නිෂ්පාදන එකිනෙක සමඟ සංසන්දනය කර තමන්ට සුදුසුම දේ කුමක්ද යන්න පිළිබඳව හොද අවබෝධයක් ලබාගත හැකි අතරම විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන්, ෆ්ලෑෂ් විකුණුම් සහ ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතා පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගත හැකිය.
මෙම නව බෙදා හැරීමේ සේවාව භුක්ති විදීමේදී අත්පිට මුදල් ගෙවීම් (cash on delivery) සහ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඞ් ගෙවීම් ඇතුළුව බහුවිධ ගෙවීම් ක‍්‍රම භාවිතා කළ හැකි වීම විශේෂත්වයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව