Rakuten Viber විසින් 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සිත් ඇදගන්නා නව Cricket Superbot විශේෂාංගය එක් කරයි

viber

 



 

 

Rakuten Viber විසින් අඛණ්ඩව දෙවන වසරටත් විනෝදයෙන් පිරි ක්‍රීඩා සහ නව Cricket Superbot සමඟ ආකර්ෂණීය ත්‍යාග සහ තවත් බොහෝ දේ සමඟින් ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් මාසයක් පුරාවට පැවැත්වෙන සැමරුම් රැසක් ක්‍රිකට් රසිකයින් වෙත ගෙන එයි. 

Rakuten Viber, පසුගිය වසර දෙක තුළ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අඛණ්ඩව සහය දක්වනු ලැබූ අතර එම සමාගම විසින් මේ වන විට Cricket Fiesta හරහා එම සහයෝගය දෙගුණ කරමින් රසිකයින්ට වඩාත් විනෝදාශ්වාදයෙන් පිරි අත්දැකීම් ලබා දීමට සුදානමින් සිටියි. ඒ අනූව එම වැඩසටහනේ කොටසක් ලෙස බොහේ දෙනා කැමැත්තෙන් බලා සිටි, App එක හරහා එකිනෙකා අතර ක්‍රීඩා කළ හැකි Games ඇතුළත් Cricket Superbot විශේෂාංගය හඳුන්වාදීමට එම සමාගම පියවර ගෙන ඇත. නව Superbot විශේෂාංගය යනු Cricket Vibes Channel හිම කොටසක් වන ස්වයංක්‍රීය විශේෂාංගයක් වන අතර එමගින් ක්‍රිකට් රසිකයින්ට Games වෙත සම්බන්ධ වීමට, සජීවීව තරගවල විස්තර දැනගැනීමට, තරඟ පිළිබඳ අනාවැකි පළ කිරීමට සහ තවත් බොහෝ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

ක්‍රිකට් රසිකයන් ප්‍රිය කරන එක් තරඟ අංගයක් වන්නේ තරඟ පිළිබඳව පුරෝකථනය කිරීමය. එහිදී ඔවුන්ට තරඟයේ කාසියේ වාසිය ලබා ගැනීමේ සිට කණ්ඩායමක් වාර්තාකරණ ලකුණු ප්‍රමාණය සහ ජයග්‍රාහී කණ්ඩායම ඇතුළුව මුළු ක්‍රීඩා තරඟයම කුමන ආකාරයකට සිදුවේද කියා අනුමාන කිරීමට අවස්ථාව හිමි වේ. ක්‍රිකට් තරඟාවලිය අවසන් වන විට ශ්‍රී ලංකාව, නේපාලය, බංගලාදේශය සහ ඉන්දියාව යන රටවල ක්‍රිකට් රසිකයන් අතරින් පුරෝකථනය කිරීම හරහා වැඩිම ලකුණු ලබා ගනු ලබාගන්නා රසිකයින් තිදෙනා සඳහා Viber වෙතින් ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමට ද හැකියාව ලැබේ.

Cricket Vibes නාලිකාව හා එක්වෙමින් දිනපතා විනෝද වීමට, ජයග්‍රහණ ලැබීමට සහ වවුචර දිනා ගැනීමට පරිශීලකයින්ට අවස්ථාව හිමි වේ. ඔවුන්ට මාර්ගගත (virtual) ක්‍රමවේදය හරහා ක්‍රිකට් Games ක්‍රීඩා කළ හැකි අතර ඔවුන්ගේම නිවහන් තුළ රැදෙමින් ලකුණු එක්රැස් කිරීමට ද හැකියාව ඇත. ක්‍රිකට් ලෝක කුසලානයේ මුළු කාල සීමාව පුරාවටම සැබෑ තරගයකදී මෙන්, ඔවුන්ට ඔවුන්ගේම ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස සිතා Cricket Superbot හරහා පන්දුවකට පහර දීමේ අවස්ථාව උදා කරගත හැකිය.

”අපගේ පළමු Cricket Fiesta එක තුළින් අපි කොයිතරම් විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කර ගත්තාද කිව්වොත්, ඒ හරහා දෙවැනි වසරේදී එය දෙගුණ කිරීමට අපට අපහසු කාර්යයක් වුණේ නැහැ. පසුගිය වසරේ නිර්මාණය කළ අවස්ථාවන් රසිකයින් විසින් මහත් උද්යෝගයකින් පිළිගනු ලැබුවා. එම නිසා අපි Cricket Superbot සමඟින් මේ වසරේදී එම අවස්ථාවන් තවත් පුළුල් කිරීමට සහ තවත් හොඳට සිදුකරන්න තීරණය කළා. එය මේ වන විටත් අපගේ තරු පන්තියේ පෙළගැස්ම සඳහා විශිෂ්ඨ වූ එකතුවක් වන අතරම මෙම වසරේ දී සහ ඉදිරි වසරවලදී ද ක්‍රිකට් නාලිකාව සමඟ මෙම උද්යෝගිමත් තරඟාවලිය සැමරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි Rakuten Viber හි ආසියානු ශාන්තිකර කලාපයේ (APAC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පැවසීය.

Viber හි 2022 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රචාරණ වැඩසටහනට ඇතුළත් අනෙකුත් විශේෂාංග සහ අවස්ථාවන් අතර කැමතිම කාච (Custom Lenses), ස්ටිකර් (Sticker Packs), ක්‍රිකට් Vibes නාලිකාවේ ක්‍රිකට් පිළිබඳව විශේෂ වූ Cricket Fixtures සහ ක්‍රිකට් පිළිබඳ කතා බහ (Cricket Talks) වැනි දෑ ඇතුළත් වේ. රසිකයින් හට දැන් Cricket Superbot අත්විඳීමට අවස්ථාව හිමිවී ඇති අතර මෙම වසර පුරා පැවැත්වෙන තරඟාවලි සියල්ලෙහිම එම අත්දැකීම අඛණ්ඩව ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව