Nokia G11 Plus සහ C21 Plus, දැන් ශ්‍රී ලංකාවේ

Image 1 - Nokia C21 Plus (LBN Fill)

 



 

 

2022 සැප්තැම්බර් 15, කොළඹදී: HMD Global විසින් විශේෂාංග රැසක් සමගින් නවතම මාදිලියේ Nokia G11 Plus සහ Nokia C21 Plus මෙරට දී මිල දී ගත හැකි බව නිවේදනය කරයි. Fingerprint access සහ AI face unlock තාක්ෂණය ඇතුළු සුවිශේෂී අංග රැසක් සමඟ වසර දෙකක security updates සමඟින් හඳුන්වාදෙන Nokia G11 Plus සහ Nokia C21 Plus ස්මාට්ෆෝන් ද්ත්වය අනුපිළිවෙළින් Android 12 සහ Android 11 (Go edition™) මඟින් බලගැන්වේ.

Nokia G11 Plus

නවීනතම පෙනුමකින් හදුන්වාදෙන Nokia G11 Plus බාධාවකින් තොරව තම කටයුතු පහසුවෙන් කරගැනීමට හැකි වෙන පරිදි දින 3 ක බැටරි  ආයු කාලයකින් සමන්විත වේ. 6.5” HD+ පුළුල් තිරයක් සහිත Nokia G11 Plus හි super night විශේෂාංගය සමඟ පැහැදිලි, AI තාක්ෂණයෙන් සමන්විත ඡායාරූප ගැනීමට හැකි 50MP කැමරාවක් ද ඇත. සිහින් හැඩයකින් යුත්, Nokia G11 Plus පොලිකාබනේට් කවරයකින් නිපදවා ඇති අතර දිගු කාලයක් භාවිතා කිරීමට හැකියාවක් ඇත.

Nokia C21 Plus

6.5” HD+ පුළුල් තිරයක්  සහ HDR තාක්‍ෂණය සහිත Nokia Plus C21  හි 13MP ද්විත්ව කැමරාවක් ඇති අතර Portrait, Panorama සහ Beautification වැනි විශේෂාංග භාවිතා කර  වෘත්තීයමය පෙනුමක් සහිත ඡායාරූප ගැනීමට හැකියාවක් ඇත. Nokia C21 Plus, 4000 mAh සහ 5050 mAh යන  බැටරි ප්‍රමාණ දෙකකින් පැමිණෙන අතර එය දින දෙක තුනක් සදහා තම කටයුතු කිරීමට ප්‍රමාණවත් වේ. තවද Nokia දුරකථන වල පමණක් අඩංගු Super Battery Saver තුලින් බැටරි ආයු කාලය කළමනාකිරීම සඳහා උපකාරී වේ. විධිවත් නිෂ්පාදන ප්‍රමිතියක් අනුගමනය කරමින්, IP52 ශ්‍රේණිගත කර ඇති Nokia C21 Plus හි ඇතුලත ලෝහ චැසියකින් සහ තද Glass කවරයකින් සමන්විත අතර ඉන් වැඩි ආරක්ෂාවක් ලබා දේ.

 

මිල සහ අනෙකුත් විශේෂාංග 

Nokia G11 Plus, Lake Blue සහ Charcoal Grey යන වර්ණ දෙකකින් පැමිණෙන අතර  රු. 67,450 ට වඩා අඩු මිලකට මිලදී ගත හැකි වේ. Nokia C21 Plus, Dark Cyan සහ Warm Grey යන වර්ණ දෙකකින් ලබා ගත හැකි අතර   රු. 56,700 ට වඩා අඩු මිලකට වෙළදපොලෙන් මිලදී ගත හැකි වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව