Noyon Lanka වෙතින් හඳුන්වා දුන් 100% ස්වභාවික වර්ණකයක් වන Planetones, Control Union සහතිකයෙන් පිදුම් ලබයි

Image 3 (LBN Fill)

 



 

 

සිය වටිනාකම් දාමය තුළ වගකීම් සහගත ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට කැපවන Noyon Lanka (Pvt) Ltd (Noyon) විසින් කෘත‍්‍රිම ලේස් සඳහා 100% ස්වභාවික වර්ණකයක් වන Planetones හඳුන්වා දී ඇත. ස්භාවික වර්ණකයක් ක්‍දබඑරදක ඹබසදබ විසින් සහතික කළ පළමු අවස්ථාව මෙයයි.

ප‍්‍රමුඛ යුරෝපීය විලාසිතා සන්නාම දෙකක් සඳහා දැනටමත් විකුණා ඇති භදහදබ හි Planetones ස්වභාවික වර්ණකය, වර්ණක වල බහුලව දක්නට ලැබෙන උදාසීන වර්ණයන්ගෙන් ඔබ්බට විහිදෙන වර්ණ 32 ක පුළුල් වර්ණ මාලාවක් ඉදිරිපත් කරන අතර Cranberry සහ achiote වැනි ස්වභාවික වර්ණ ප‍්‍රභවයන් භාවිතා කරමින් මෙම වර්ණකය නිෂ්පාදනය කරයි.

Eco Dye Standard ලෙස හඳුන්වන Control Union හි සහතිකයට අමතරව වර්ණකය අන්තරායකර රසායන ද්‍රව්‍ය (ZDHC)නිෂ්පාදන සීමා කරන ලද ද්‍රව්‍ය ලැයිස්තුවෙහි ^MRSL& ඉහළම මට්ටමට අදාල ප‍්‍රමිතීන්ට ද අනුකූල වේ. සැලකිය යුතු කරුණක් වන්නේ Control Union වෙතින් Eco Dye Standard සහතිකය ලබාගත් පළමු ආයතනය භදහදබ වීමයි.

Noyon Lanka යනු MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය 2003 වසරේදී පිහිටුවන ලදී. මෙම විසඳුම පිළිබඳව අදහස් දක්වමින් Noyon හි ප‍්‍රධාන විධායක නිලධාරී Ashiq Lafir මහතා ප‍්‍රකාශ කළේ, ”අපගේ උසස් පර්යේෂණ, සංවර්ධන සහ තාක්ෂණික හැකියාවන් උපයෝගී කරගනිමින් Noyon විසින් නව්‍ය සහ තිරසාර විසඳුම් කිහිපයක් නිර්මාණය කර තිබෙනවා. අපගේ පාරිභෝගිකයින්ගේ සියලූම ප‍්‍රධාන කාර්ය සාධනය සහ ප‍්‍රමිතීන් සපුරාලන අතරම අපගේ නිෂ්පාදනවල සෘණාත්මක පාරිසරික බලපෑම් අවම කිරීමට හැකියාව තිබෙනවා. මෙම නවතම නිෂ්පාදනය මෙම ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. එය තිරසාර ඇඟලූම් නිෂ්පාදන ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය ඉහළ නංවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. නුදුරු අනාගතයේ දී ස්භාවික වර්ණකය භාවිතයෙන් පමණක් වර්ණ ගැන්වූ ඇඳුමක් නිෂ්පාදනය කිරීමට අපගේ උත්සාහය යොමු වී තිබෙනවා.” යනුවෙනි.

ජලය අපවිත‍්‍රවීම සඳහා 20% ක පමණ දායකත්වයක් ලබාදෙන්නේ රෙදි සායම් කිරීමේ සහ පිරිපහදු කිරීමේ කි‍්‍රයාවලිය බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ^UNEP& සහ Ellen MacArthur පදනම ඇස්තමේන්තු කර ඇත. කෘතිම වර්ණක වර්ගයක් සමඟ සසඳන විට, Planetones ස්වභාවික වර්ණ ගැනීමේ ක‍්‍රියාවලියේදී රෙදි සෝදීම අඩු කිරීම හරහා ඇස්තමේන්තුගත ජලය සහ බලශක්ති පිළිවෙලින් 30% සහ 15% ක ඉතිරියක් සපයයි. ස්වාභාවික සංඝටක ජෛව හායනයට ලක් වීම තුළින් ජලයට රසායනික ද්‍රව්‍ය එකතු වීම අවම කරයි.

Planetones ස්වභාවික වර්ණකය 85% සිට 95% දක්වා වර්ණ ගැළපීමක් සහිතව තීරණාත්මක කාර්ය සාධනය සහ ප‍්‍රමිතීන් පවත්වා ගනිමින් තිරසාරත්වය සහතික කිරීම වෙනුවෙන් ඇගයීම් රැසකට පාත‍්‍ර වී ඇත.

‘Planetones’ සහ එහි බුද්ධිමය දේපළ (IP) ශ‍්‍රී ලංකාවේ අනෙකුත් සැපයුම් දාම හවුල්කරුවන් වෙත ද බෙදාහරින අතර සහතික කළ ස්වභාවිකව වර්ණ ගන්වන ලද ඉලාස්ටික්, රෙදි සහ අනෙකුත් උපාංග නිමැවීමට ඔවුන්ට මේ මගින් හැකි වේ.

මෙම ස්වාභාවික වර්ණකය නිෂ්පාදනය කිරීම තිරසාරත්වය සඳහා Noyon හි සමස්ත කැපවීමේ කොටසකි. ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලිතීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් භාවිතයෙන් සාදන ලද ද්‍රව්‍ය ඇතුළුව ජෛව හායනයට ලක්විය හැකි සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද ද්‍රව්‍ය භාවිතා කර නිමැවූ නිෂ්පාදන Noyon හි පවතින පාරිසරික පිරිනැමීම් කට්ටලයේ දක්නට ලැබේ.

තවද 2019 මට්ටමට සාපේක්ෂව Noyon 2021 දී සිය නිරපේක්ෂ විමෝචනය සියයට 8.4 කින් අඩු කර ඇති අතර 2022 දී සියයට 12.6 දක්වා අඩු කිරීමට උත්සාහ කරයි. සමාගම දැනට එහි අන්තරායකර නොවන අපද්‍රව්‍යවලින් 50% ක අගය ඉහළ නැංවීමේ කි‍්‍රයාවලියක නිරත වෙමින් චක‍්‍රීයකරණයට සහ නැවත භාවිතයට සහය දක්වයි. සමාගම විසින් භාවිතා කරන වර්ණක සහ රසායනික ද්‍රව්‍යවලින් 100%ක්ම Bluesign අනුමත කර ඇත.

Planetones’ දියත් කිරීම හා සමගාමීව Noyon සිංහරාජ වනාන්තරය තුළ ඇති අලූත් ශාක සහ සත්ව විශේෂ හඳුනාගැනීමේ ප‍්‍රජා පාදක සංරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය සමඟ හවුල් විය. අලූතින් හඳුනාගත් සෑම විශේෂයක් නමින්ම තිරසාර ස්වභාවික සායම් වර්ණාවලියක් නිර්මාණය කිරීම Noyon හි අරමුණ වන අතර ස්වභාවික වර්ණකයෙන් ලැබෙන ආදායමෙන් 1%ක් මෙම වැඩසටහන සඳහා පරිත්‍යාග කරනු ඇත.

2004 වසරේ දී පිහිටුවන ලද Noyon Lanka (Pvt) Ltd යනු MAS සමාගම් සමූහයේ කොටසකි. එහි ආරම්භයේ සිටම Noyon සමීපතම ඇඟලූම්, රාත‍්‍රී ඇඳුම් සහ කී‍්‍රඩා ඇඟලූම් සන්නාම සමඟ කටයුතු කරන අතර එහි අසමසම නිෂ්පාදන ගුණාත්මකභාවය සහ තිරසාර ජයග‍්‍රහණ වෙනුවෙන් සහතික සහ ඇගයුම් රැසක් ලබා ගෙන ඇත. දැනට Noyon සමාගමට අයත් නිෂ්පාදන කර්මාන්තශාලා ශ‍්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ චීනය යන රටවල පිහිටා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව