AIA ඉන්ෂුවරන්ස් හි විශිෂ්ට අලෙවිකරුවන් පුද්ගල මූල්‍ය කළමනාකරණය පිලිබඳ වෘත්තීය සුදුසුකම් ලබයි

1
2

 



 

 

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, වයඹ විශ්ව විද්‍යාලය සමගින් එක්ව, එහි ව්‍යාපාර අධ්‍යන හා මූල්‍ය පීඨය මගින් පවත්වන ලද පුද්ගල මූල්‍ය කළමනාකරණ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව සම්පූර්ණ කරන ලද නවතම AIA වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙල්ත් ප්ලෑනර් කළමනාකරුවන් කණ්ඩායමට සිය සුබ පැතුම් එක්කර සිටියි.

2009 වසරේ දී ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය සමගින් මෙම පාඨමාලා පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර AIA ඉන්ෂුවරන්ස් වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙලත් ප්ලෑනර්වරුන්ගේ කළමනාකරුවන් වෙනුවෙන් ප්‍රථම වරට රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ඔස්සේ මෙම සුවිශේෂී අධ්‍යන වැඩසටහන දියත් කරන ලදී.  AIA හි වටිනා සේවාලාභීන් වෙත ඉහළ ගුණාත්මක භාවයකින් යුතු සේවාවක් ලබා දීමට අලෙවි බලකා සාමාජිකයින් දැනුමෙන් සහ විශේෂඥ භාවයෙන් සන්නද්ධ කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.  AIA වෙල්ත් ප්ලෑනර්වරුන් මෙසේ නිරතුරුව අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම මගින්,  මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සතුව ඉහල ගුණාත්මක බවින් යුතු අලවි බලකායක් සිටින බව සනාත වේ.

ශ්‍රී ලාංකික ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ තවත් ප්‍රථම මුල් පිරීමක් සනිටුහන් කරමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය සමගින් එක්ව ඔවුනගේ ජයග්‍රාහී උසස් ඩිප්ලෝමාධාරීන් වෙනුවෙන් ව්‍යාපාර මූල්‍යකරණය පිලිබඳ උපාධි පාඨමාලාවක් දියත් කල බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටියි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව