කොමර්ෂල් බැංකුව කෙටි කාලීන ඉහළ පොලියක් ලබාදෙන ස්ථාවර තැන්පතු එළි දක්වයි

Short term high interest FDs (LBN Fill)

 



 

 

 

කොමර්ෂල් බැංකුව විසින් වාර්ෂිකව 22% ක් දක්වා ඉහළ පොලියක් ලබාදෙන ස්ථාවර තැන්පතු යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙහි අරමුණ වන්නේ කෙටිකාලීන තැන්පතු ධෛර්යමත් කරමින් වසරකට අඩු කාලයකදී බැංකුවේ මුදල් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට අසමසම සුරක්ෂිත ප‍්‍රතිලාභයක් පිරිනැමීමයි.

මෙම විශේෂ යෝජනා ක‍්‍රමය යටතේ කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කළ හැකි අතර ඒ සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 02 ක මුදලක් තැන්පත් කළ යුතුවේ. මෙහිදී, මෙම තැන්පතු දින 100 කට, දින 200 කට හෝ දින 300 කට තැන්පත් කළ හැකි අතර පිළිවෙලින් ඒ සඳහා වාර්ෂිකව 20%, 21% සහ 22% ප‍්‍රතිලාභයක් හිමිවේ.

බැංකුවේ පුද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දෙපාර්ශවය කෙටි කාලීන ස්ථාවර තැන්පතු යෝජනා ක‍්‍රමයෙන් ප‍්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලබයි. එයට තනි කල් පිරීමේ අවස්ථාවක් ලබාදී තිබෙන අතර කල් පිරීමෙන් පසුව ගිණුම නැවත අළුත් කළ නොහැකි බව බැංකුව සඳහන් කරයි. එසේම, පුද්ගලික ගනුදෙනුකරුවන්ට මෙම ගිණුම් ඒකාබද්ධව විවෘත කළ හැකි අතර ඒ සඳහා ප‍්‍රතිලාභියෙකු නම්කළ හැකි වේ.

මෙම නව ස්ථාවර තැන්පතු යෝජනා ක‍්‍රමය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප‍්‍රභාගර් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පොලී අනුපාත වැඩිවන විට ආයෝජකයින් තම ප‍්‍රතිලාභ වැඩිකර ගැනීමට ආයෝජන අවස්ථාවන් හොයනවා. නමුත්, මෙම ආයෝජනවල සුරක්ෂිතතාවය ඉතාමත් වැදගත් වෙනවා. එය වර්තමාන ස්වභාවය නිසා වඩාත් විශේෂයි. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ලාභදායී පුද්ගලික වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව සිය මූල්‍ය ශක්තිය සහ ස්ථායීතාවය තහවුරු කර තිබෙන අතර සිය වසකටත් වඩා කාලයක සිට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් තිබෙන අතර ඉතාමත් ඉහළ තරගකාරීත්වයකින් යුතු ප‍්‍රතිලාභයක් ලබාදෙනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව