සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ධාරිතා සංවර්ධනය සහ උපදේශනය සඳහා HNB, PPOD උපදේශන සමාගම සමඟ අත්වැල් බැඳගනී

Image 01 (LBN Fill)

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමේදී ධාරිතා සංවර්ධනය සහ උපදේශනය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලයන් සහ ක‍්‍රියාවලි තක්සේරු උපදේශන සමාගමක් වන PPOD උපදේශන සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් කළේය.

මෙම සුවිශේෂී හවුල්කාරිත්වය හරහා HNB හි SME ගනුදෙනුකරුවන්ට ගිණුම්කරණය, මූල්‍ය, බදු, තොරතුරු තාක්ෂණ, වටිනාකම් දාම සංවර්ධනය, මානව සම්පත් සහ එක් එක් කර්මාන්තයට අදාළ වෙනත් විශේෂිත හැකියාවන් යන ක්ෂේත‍්‍රවල ඉතා වැදගත් කරුණු වෙත ප‍්‍රවේශ වීමට හැකියාව ලබා දෙයි. HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න සහ PPOD නිර්මාතෘ සහ සභාපති ස්ටීවන් ඒ. පෝල්රාජ් යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB SME සේවා සහ හවුල්කාරීත්ව පිළිබඳ ප‍්‍රධානී නිලූක ටී අමරසිංහ මහතා පැවසුවේ ”සාර්ථක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ව්‍යවසායකයෙකුට මූල්‍ය ආධාර සහ ආයෝජන ප‍්‍රාග්ධනයට වඩා බොහෝ දේ අවශ්‍ය බව HNB අප අවබෝධ කර ගත්තා. ව්‍යාපාරයක ප‍්‍රමාණය කුමක් වුවත් ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යයන් සරලව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම එම ව්‍යවසායකයාගේ හැකියාව මත රඳා පවතිනවා. HNB සිය සේවාදායකයාගේ දියුණුව පිළිබඳව සලකා බලන නිසා අපගේ SME ව්‍යවසායකයින් හට ඔවුන්ගේ SME ව්‍යවසායයන් සාර්ථකව ගොඩනැගීමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය මූලික ධාරිතා සංවර්ධන සැසි සහ උපදේශන සැපයීම සඳහා PPOD උපදේශන ආයතන සමඟ අත්වැල් බැඳගත් බව අපි ප‍්‍රකාශ කරන්නේ ඉතා සතුටින්.” යනුවෙනි.

මෙම සංවර්ධන වැඩසටහන හරහා පළමුවෙන්ම ව්‍යාපාර කළමනාකරණයේ මූලික අංශ ආවරණය කරන අතර පසුව විශේෂිත ව්‍යාපාරික කාර්යයන් පිළිබඳ සවිස්තරාත්මක සැසියක් පවත්වනු ඇත. මුදල් ගනුදෙනු කළමනාකරණය, ව්‍යාප්තිය සඳහා ආයෝජනය, දුර්වල බදු ගෙවීමේ ක‍්‍රමෝපායන්, දුර්වල ආයෝජන, තොරතුරු තාක්ෂණ භාවිතය යනාදී ගැටළු වලට අමතරව ගිණුම්කරණය, මූල්‍ය, බදු සහ තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත‍්‍ර ද එහිදී සාකච්ඡා කරනු ඇත.

ආරම්භක අදියර අවසන් වූ පසු ව්‍යාපාර සංවර්ධන සැලසුම් ගොඩ නැගීම සඳහා ව්‍යාප්තිය සහ අපනයනය, පහසුකම් වැඩිදියුණු කිරීම, මානව සම්පත් සහ ඵලදායිතා කළමනාකරණ ආයෝජන සහ ඒකාබද්ධ කිරීම් පිළිබඳව පාරිභෝගිකයින්ට අවබෝධයක් ලැබෙනු ඇත. ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මුදල් ගනුදෙනු කළමනාකරණය සහ එහි වැදගත්කම, අනුපාත විශ්ලේෂණය, ගිණුම්තැබීම සහ බදු පිළිබඳ මූලික සිද්ධාන්ත වැනි ප‍්‍රධාන සංකල්ප ද මෙහිදී සාකච්ඡා කරයි.

”බොහෝ ආයතනවලට ඊට සම්බන්ධ පුද්ගලයන් සහ ක‍්‍රියාවලීන් පිළිබඳ ගැටළු සඳහා සාධනීය පිළිතුරු ලබාදෙන ප‍්‍රමුඛ උපදේශන සමාගමක් ලෙස HNB සමඟ හවුල්වීමට ලැබීම අපට ගෞරවයක්. මූල්‍ය ප‍්‍රාග්ධනය යම් සංවිධානයක සාර්ථකත්වය සඳහා දැඩි ලෙස බපෑවත් එය සාර්ථකත්වය තීරණය කරන එකම නිර්ණායකය නොවේ. තිරසාර ව්‍යාපාරයක් ගොඩනැංවීම සඳහා ව්‍යවසායකයින්ට තම ධාරිතාව සහ කුසලතා වර්ධනය කර ගැනීමට සහය වීම වඩාත් වාසිසහගත වන අතර බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු අප සමඟ අත්වැල් බැඳගැනීම සැබවින්ම රට තුළ අපගේ මෙහෙවර ශක්තිමත් කිරීමක් ලෙස අප සලකනවා.” යනුවෙන් PPOD නිර්මාතෘ සහ සභාපති ස්ටීවන් ඒ. පෝල්රාජ් මහතා පැවසුවේය.

මෙම හවුල්කාරිත්වය මඟින් HNB හි SME ගනුදෙනුකරුවන්ට තමන්ට කැමති ඕනෑම භාෂාවකින් (සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි) හෝ මිශ‍්‍ර මාදිලියකින් ඉහත සඳහන් සංවර්ධන වැඩසටහන් සඳහා ප‍්‍රවේශය විය හැකි අතර HNB සමඟ මීට පෙර සාර්ථකව සැසි පවත්වා ඇති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහ පුරෝගාමීන් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ඇත.

මෙම ධාරිතා සංවර්ධන වැඩසටහන සම්බන්ධ වැඩි විස්තර HNB හි නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව