හැටන් නැෂනල් බැංකුවෙන් Pink Drives හවුල්කාරීත්වය ඇති කාන්තා රියදුරන්ට ලීසිං සඳහා විශේෂ වරප‍්‍රසාද

Image 01

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන HNB, කාන්තා රියදුරන් සහ මගීන් සවිබල ගැන්වීම සඳහා ride-sharing (තම පුද්ගලික වාහනය කුලී රථයක් සේ භාවිතා කළ හැකි) යෙදවුමක් වන Pink Drives සමඟ අත්වැල් බැඳගත් අතර එමගින් කාන්තා රියදුරන්ට විශේෂ අඩු පොලී අනුපාත යටතේ ලීසිං, රක්ෂණ සහ කාඞ්පත් පැකේජ සඳහා අවස්ථාව ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා පැවසුවේ ”මෙමගින් කාන්තාවන්ට සහ ළමයින්ට ආරක්ෂිත හා වඩා පහසු ප‍්‍රවාහන ක‍්‍රමයක් සැලසෙන අතර, කාන්තාවන් සවිබල ගැන්වීමේ පුරෝගාමී මෙහෙවරට Pink Drives සමඟ හවුල් වීමට සහ සහයෝගය දැක්වීමට හැකිවීම ගැන HNB අප ආඩම්බර වනවා.” යනුවෙනි.

Pink Drives රියදුරන්ට විශේෂ අඩු පොලී ලීසිං පහසුකම් වලට අමතරව, නොමිලේම රු. මිලියන 4.5 ක් දක්වා වන ජීවිත රක්ෂණයක් සහ රු. 600,000 ක ස්වාභාවික මරණ රක්ෂණක් මෙන්ම පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස් ප්‍රෙස්ටීජ් ප‍්‍රයිම් ක්‍රෙඩිට් කාඞ්පතක් ද හිමි වනු ඇත. හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් විවෘත කර පවත්වා ගෙනයන කාන්තාවන්ට මෙම Pink Drives (ride-sharing platform) වේදිකාවට පිවිසිය හැකිය.

Pink Drives පුද්ගලික සමාගමේ නිර්මාතෘ /ප‍්‍රධාන විධායක නිලධාරී ෂොහාන් කුලසූරිය මහතා අදහස් දක්වමින් ”ආකර්ෂණීය පොලී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් අපගේ රියදුරන්ට, වඩා පහසු ලීසිං පහසුකම් ලබා දීමට HNB සමඟ හවුල් වීමට හැකිවීම ගැන අප අතිශයින් සතුටු වෙනවා. අපගේ සේවාවන් මගින් ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට ඔවුන්ගේ ගමනාන්තයට ආරක්ෂිතව ගමන් කිරීමේ පහසුකම ලබාදීමට අමතරව කාන්තා රියදුරන්ට කරදරයකින් තොර රැකියා ක‍්‍රමයක් ලබා දීමත් අරමුණු කර ගෙන තිබෙනවා” යනුවෙන් පැවසුවේය.

HNB සමඟ ගිණුම් විවෘත කර සක‍්‍රීය ලෙස පවත්වාගෙන යන කාන්තා රියැදුරන්ට Pink Drives ride-sharing වේදිකාවට ප‍්‍රවේශය විය හැකිය.

Pink Drives යනු කාන්තා හා ළමයින් සඳහා වන ශ‍්‍රී ලංකාවේ පළමු සහ එකම කාන්තාවන් විසින් පදවන කුලී රථ සේවාවයි. මෙම සේවාව මගින් කාන්තාවන් සවිබල ගන්වන අතර ආරක්ෂිත හා පහසු ගමන් බිමන් සඳහා සමාගම නවීන තාක්ෂණය උපයෝගී කර ගනී. මෙම සේවාව දැනට කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන අතර ඉදිරියේදී අනෙකුත් ප‍්‍රදේශවලද ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව