ශ්‍රී ලාංකික දෙමව්පියන් සඳහා Instagram මාර්ගෝපදේශය Meta එළිදක්වයි

Image 2

 



 

 

 

යෞවනයන්ට සහ යෞවන වියේ පසුවන දරුවන්ට  සුරක්ෂිතව අන්තර්ජාලය පරිහරණය කිරීමට සහ යහපත් සුබවාදී අත්දැකීම් ලබාදීම  අරමුණු කරගනිමින් Instagram සම්බන්ධයෙන් දෙමාපියන්ට නිසි මගපෙන්වීමක් ලබාදීම සදහා Instagram දෙමාපිය මාර්ගෝපදේශය හදුන්වාදීමට Meta පියවර ගෙන තිබේ. තොරතුරු හා තාක්ෂණ ඒජන්සිය, ජාතික තරුණ සේවා සභාව, Sarvodaya Fusion, හිතවතී සහ ළමා ආරක්ෂක බලකාය යන ආයතන සමග සහයෝගිත්වයෙන් මෙම මාර්ගෝපදේශය ප්‍රකාශයට පත් කර තිබේ.

UNDPආයතනයට අනුව රටේ ජනගහනයෙන් හතරෙන් එකක පමණ ප්මාණයක් වන පරිදි මිලියන 4.6කට වැඩි යෞවනයින් පිරිසක් ජීවත් වෙති. Instagram ලොව පුරා යොවුන් පරපුර අතර ඉතා ජනප්රිය වන අතර ඔවුහු තමන් කවුරුන්ද යන්න ප්කාශ කිරීමට සහ සිය රුචි අරුචිකම් අන්යයන් සමග බෙදා හදා ගනිමින් විවිධ සමාජ සමග සම්බන්ධවීමට මෙම මාධ්යය යොදා ගනිති.

යෞවනයින්ට ඔවුන්ගේ සැබෑ ස්වරූපය ප්කාශ කිරීමටත් ඔවුන්ගේ ජීවිතයට බලපාන සැබෑ ගැටලු අන්යයන් සමගින් බෙදාහදා ගැනීමටත් හැකි සුරක්ෂිත සහ සහාය ලැබෙන ස්ථානයක් බවට Instagram පත් කිරීමට අපට අවශ්යයි. යනුවෙන් ආසියා ශාන්තිකර කලාපයේ Instagram ප්තිපත්ති වැඩසටහන් කළමනාකරු ටාරා බේඩි මහත්මිය ප්කාශ කළාය. වඩා හොද ඩිජිටල් හැකියාවන්, විශ්වසනීය තොරතුරු වෙත ප්වේශය සහ මානසික සෞඛ් පිළිබද උපකාර සමූහ සමගින් සුරක්ෂිතව අන්තර්ජාලය පරිහරණය සහ යහ පැවැත්ම සම්බන්ධයෙන් තම දරුවන් සමග වඩා අර්ථවත් ලෙස කතා බහ කිරීමට දෙමාපියන්ට හැකියාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා

එසේම විශේෂයෙන්ම යොවුන් වියේ පසුවන පිරිස අරමුණු කරගනිමින් Take A Break ලෙසින් නව විශේෂාංගයක් Instagram විසින් හදුන්වාදෙනු ලැබ ඇති අතර ඔවුන් මෙම පහසුකම භාවිත කිරීමේදී කාලය ගත කරන්නේ කෙසේද යන්න පිළිබදව අවබෝධයෙන් තීරණ ගැනීමට එමගින් අවකාශ සලසා දෙයි. කිසියම් අයෙකු සැලකිය යුතු වේලාවක් දුරකථනයේ රැදී සිටින්නේ නම්, මෙම ඇප් එක මගින් ඔවුන්ට විවේකයක් ලබාගන්නා මෙන් දැනුම්දෙන අතර ඉදිරියේදී එම තත්ත්වය වලක්වා ගැනීම සදහා මතක් කිරීමක් (reminders) සකස් කරන ලෙස යෝජනා කරයි. නැවත මෙනෙහි කිරීම සහ නැවත සකස් කිරීම සම්බන්ධයෙන් සහාය ලබාගැනීම සදහා විශේෂඥයින්ගේ උපදෙස් එය පෙන්නුම් කරයි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්මසිංහ මහතා මෙම Instagram මාර්ගෝපදේශය නිර්මාණය කිරීම සදහා  Meta සමගින් ඇති කරගත් සහයෝගිත්වය අගය කළේය. අද කාලයේ අන්තර්ජාලය හා සමාජ මාධ් අපට නැතිවම බැරි මෙවලම් බවට පත් වෙලා. මේ අතරින් Instagram තරුණ ප්ජාවගේ සිතැඟියාවන් හා හැකියාවන් එළිදක්වන, නව සබදතා ගොඩනගාගන්නා මෙන්ම නව ව්යාපාරික අවස්ථා නිර්මාණය කරගන්නා මාධ්යයක් බවට පත් වෙලා. මම තරුණ ප්ජාව සමග නිරන්තරයෙන්ම කටයුතු කරන නිසා සමාජයට ධනාත්මක බලපෑමක් කිරීමට ඔවුන් සතු හැකියාව මම හොදින්ම දන්නවා.ඔවුන් නිසි මගපෙන්වීමක් සහිතව මේ පහසුකම් භාවිත කරන බව තහවුරු කිරීම අපගේ වගකීමක්. යනුවෙන් ඔහු ප්කාශ කළේය.

නවීන තාක්ෂණය ඉතා වේගයෙන් වෙනස් වෙනවා, වෙනස අපි වැළඳ ගත යුතුයි. සමාජ මාධ් මගින් විවිධ අවස්ථා ලබාදෙන වේදිකාවක්, යොවුන් පරපුරට එයින් ප්තිලාභ ලබාගත හැකියි.   අනාගත පරපුරේ දෙමාපියන්ට සහාය ලබාදීම සදහා Meta සමගින් අත්වැල් බැදගැනීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත් වන  අතර එමගින් සුරක්ෂිතව අන්තර්ජාලය භාවිත කරන අතරතුර නව අධ්යාපන අවස්ථාවන් අත්දැකීමට තම දරුවන්ට සහාය වීම සදහා අවශ් තොරතුරු  ඔවුන්ට ලැබෙනු ඇති. යනුවෙන්.” Sarvodaya Fusion හි සාමාන්යාධිකාරී මෛත්රී මල්වත්තේගොඩ මහත්මිය ප්කාශ කළාය

2020 වසරේදී Meta සිය We Think Digital වැඩසටහන ශ්රී ලංකාවේදී දියත් කරන ලද අතර  එමගින් ජනතාවට

 තම ඩිජිටල් හැකියාවන් වැඩිදියුණු කරගෙන වැඩි අවබෝධයකින් යුක්තව අන්තර්ජාලය පරිහරණව කිරීමට අවශ් සහාය ලැබුණි. මේ දක්වා මෙම වැඩසටහන තුළින් ශිෂ්යයින් සහ තරුණ පිරිස 35,000කට වැඩි පිරිසක් වගකිවයුතු ඩිජිටල් පුරවැසියන් බවට පත්කිරීම සදහා පුහුණුව ලබාදී තිබේ. ඊට අමතරව, ඩිජිටල් සාක්ෂරතාවය සම්බන්ධයෙන් වෘත්තීය සහ ගුරු පුහුණු වැඩසටහන් Meta ක්‍රියාත්මක කරයි.

යෞවනයින් සුරක්ෂිත කරන්නේ කෙසේදැයි දැනගැනීමට සහ ඔවුන්ට Instagram සම්බන්ධයෙන් සුබවාදී අත්දැකීම් ලබාදීමට ශ්රී ලාංකික දෙමාපියන් සදහා වන Instagram මාර්ගෝපදේශය ඩවුන්ලෝඩ් කරගන්න. සිංහල සහ දෙමළ භාෂාවලින් මෙය ලබාගත හැක.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව