Alumex 29 වැනි NCE අපනයන සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලබයි

Webp.net-resizeimage

 



 

 

 

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන සම්බන්ධ ප්‍රමුඛයා වන Alumex PLC, පසුගියදා පැවති 29 වන NCE අපනයන සම්මාන උළෙලේදී ‘යන්ත්‍රෝපකරණ හා සැහැල්ලු ඉංජිනේරු නිෂ්පාදන කාණ්ඩයේ මධ්‍යම පරිමාණ අංශය යටතේ රන් සම්මානයකින් පිදුම් ලැබී ය. 2022 ජනවාරි 21 දින පැවති මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ජාතික අපනයන මණ්ඩලය විසිනි. Hayleys සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන Alumex PLC හිමිකරගත් ප්‍රථම අපනයන සම්මානය මෙය වන අතර, රටේ ආර්ථිකයට Alumex වෙතින් ලැබෙන ප්‍රමුඛ පෙළේ දායකත්වයට මෙය මනා සාක්ෂියකි.

COVID-19 රෝග ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් 2021 වසර අපනයන ක්ෂේත්‍රයට බෙහෙවින් දුෂ්කර වසරක් විය. කෙසේ නමුත් එම ක්ෂේත්‍රය එම අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දී ඇති බවට මෙවර අපනයන සම්මාන උළෙල සාක්ෂි දරයි. ජාතික අපනයන මණ්ඩලය විසින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව පවත්වනු ලබන්නේ මෙරට අපනයනකරුවන්ගේ සාර්ථකත්වය මෙන්ම ඔවුන්ට අපනයන ක්ෂේත්‍රයට හා රටේ ආර්ථිකයට දක්වන දායකත්වය ඇගයීමට ලක්කිරීමේ අරමුණිනි.

“මේ සම්මානය හිමිවීම අපට මහත් ගෞරවයක්. මෙමගින් දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට විශිෂ්ටතම නිෂ්පාදන සැපයීමට අප තුළ ඇති උනන්දුව හා කැපවීම තවදුරටත් වර්ධනය වනවා. එමෙන්ම මෙය අපගේ වර්ධන ක්‍රමෝපායේ සාර්ථකත්වයට හා ජාත්‍යන්තර ඉල්ලුම සපුරාලීමට ඇති හැකියාවට මෙන්ම, ආචාරධාර්මික හා පරිසර හිතකාමී ක්‍රමවේදයන් ඔස්සේ අපනයන ක්ෂේත්‍රය හරිත අනාගතයක් වෙත රැගෙන යාමට අප දරන උත්සාහයේ සාර්ථකත්වයටද මනා සාක්ෂියක් ලෙසද හැඳින්විය හැකියි.” Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා පැවසී ය.

ඇලුමිනියම් නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණය හා පහසුකම් සහිත පුරෝගාමී සමාගමක් වශයෙන් 1986 වසරේදී Alumex PLC සමාගම ආරම්භ විය. මේ වනවිට එම සමාගම නව නිෂ්පාදන රාශියක් වෙළඳපොළට හඳුන්වා දෙමින්, මෙරට වාණිජ, කාර්මික, ගෘහස්ථ සහ ගෘහ නිර්මාණාත්මක ඇලුමිනියම් නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රමුඛතම නිෂ්පාදකයෙකු ලෙස කීර්තියක් දිනාගැනීමට සමත් වී තිබේ. එමෙන්ම එම සමාගම තිරසාරත්වය මෙන්ම ලොව පුරා ක්ෂේත්‍ර රැසක ඉදිරි ගමන සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීම වෙනුවෙන් කැපවී සිටී. 2019 වසරේදී ආරම්භ වූ එම සමාගමේ අපනයන කටයුතු මේ වනවිට සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, දැනටමත් ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කැනඩාව, ඉන්දියාව, කෙන්යාව, මාලදිවයින, නේපාලය, නවසීලන්තය, සීෂෙල්ස්, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලට Alumex නිෂ්පාදන අපනයනය කෙරේ. ඉදිරියේදී තවත් රටවල් රාශියක් වෙත තම නිෂ්පාදන අපනයනය කිරීමට Alumex PLC සැලසුම් කර ඇත.

මෑතකදී Alumex PLC හි ඇලුමිනියම් නිෂ්පාදන එකතුවට ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (Green Building Council of Sri Lanka – GBCSL) පරිසර හිතකාමී සහතිකකරණයද හිමි විය.

Alumex PLC යනු ජාත්‍යන්තර තලයේ දැවැන්ත ශ්‍රී ලාංකික සමූහ ව්‍යාපාරයක් වන Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමකි. එය ලොව කලාප 5 ක, එකිනෙකට වෙනස් ව්‍යාපාර ක්ෂේත්‍ර 16 ක් ආවරණය කරයි. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයුමට ඩොලර් මිලියන 600 කට අධික දායකත්වයක් ලබාදෙන සහ රටේ සමස්ත අපනයන ආදායමෙන් 4.2% ක ප්‍රතිශතයකට හිමිකම් කියන Hayleys සමූහ ව්‍යාපාරය තිරසාර නවෝත්පාදනයේ ප්‍රමුඛයෙකු වන අතර, ශ්‍රී ලාංකික ව්‍යාපාර ක්ෂේත්‍රයේ සාර්ථකම ව්‍යාපාර අතරින් එකක්ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN