සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 15’ යටතේ රත්තරන් සහ තෑගි වවුචර් සඳහා තවත් රක්ෂණ ඔප්පුහිමියන් තෝරා ගනියි

Webp.net-resizeimage

 



 

 

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහනේ දෙවන දිනුම් ඇදීම යටතේ රත්තරන් සහ තෑගි වවුචර් ලබාදීම සඳහා තවත් ජයග‍්‍රාහකයින් 176 දෙනෙකු පසුගියදා සමාගම විසින් තෝරා ගන්නා ලදී.

මෙම දිනුම් ඇදීමේදී පළමු ත්‍යාගය ලෙස රුපියල් මිලියනයක් වටිනා රත්තරන් යාපනය ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු දිනාගත් බව සමාගම සඳහන් කරයි. මේ අතර, කඳාන ප‍්‍රදේශයේ සහ ගම්පහ ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියන් දෙදෙනෙකු රුපියල් 250,000 ක් බැගින් රත්තරන් දිනාගත් අතර තවත් රක්ෂණ ඔප්පුහිමියන් තිදෙනෙකු රුපියල් 100,000 ක් බැගින් රත්තරන් දිනාගත්තේය. එසේම, තවත් රක්ෂණ ඔප්පුහිමියන් 20 දෙනෙකු රුපියල් 50,000 ක් බැගින් රත්තරන් සහ තවත් රක්ෂණ ඔප්පුහිමියන් 50 දෙනෙකු රුපියල් 25,000 ක් බැගින් රත්තරන් මෙහිදී දිනාගන්නා ලදී. මීට අමතරව, තවත් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් 100 දෙනෙකු  රුපියල් 10,000 ක් වටිනා ත්‍යාග වවුචර් 100 ක් ද දිනා ගත්තේය.

බේරුවල, මොණරාගල, බදුල්ල, පානදුර සහ දෙහිඅත්තකණ්ඩිය යන ප‍්‍රදේශ ඇතුළුව දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල ජීවත් වන මෙම ජයග‍්‍රාහකයින් සමාගමේ ශාඛා 127 ක් මගින් සේවාවන් ලබාගන්නා බව සමාගම සඳහන් කරයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ තුන්වන දිනුම් ඇදීම 2022 මාර්තු මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන මගින් 2022 අගෝස්තු මාසය අවසන් වනවිට මාස දෙකකට වරක් පත්වන දිනුම් ඇදීම් හයක් තුළින් රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට රුපියල් මිලියන 30ක් වටිනා රත්තරන් සහ ත්‍යාග වවුචර ප‍්‍රදානය කරන බව සමාගම පවසයි. 2020 වසරේ පැවැත්වූ ‘ෆැමිලිසවාරි’ 14 වන වැඩසටහනේ සිට මෙතෙක් ලබාදුන් විදේශීය සහ දේශීය සංචාර වෙනුවට කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පනවා තිබෙන සංචාරක සීමාවන් සහ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ හේතුවෙන් මේ ආකාරයෙන් රත්තරන් ලබාදීමට සමාගම තීරණය කළේය. රත්තරන් දිනාගැනීම සඳහා සුදුසුකම් ලැබීමට සෙලින්කෝ ලයිෆ් ගනුදෙනුකරුවන් තම ජීවිත රක්ෂණ සැලසුම ප‍්‍රවර්ධන කාල සීමාව තුළදී සක‍්‍රීයව පවත්වාගෙනයාම හෝ විශ‍්‍රාමික සැලසුමෙහි අවම ගිණුම් ශේෂයක් පවත්වාගෙන යායුතුය.

සේයාරුවෙන් දැක්වෙන්නේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා විසින් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාතාරීත්වය සමග මෙම දිනුම් ඇදීම ඉලෙක්ට්‍රොනිකව සෙලින්කෝ ලයිෆ් මූලස්ථානයේදී සිදුකරන ආකාරයයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව