N- Joy, Fresh Dry Technology සමඟින් කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

Webp.net-resizeimage

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පොල්තෙල් සන්නාමය වන N-Joy, නවීනතම නිෂ්පාදන ක‍්‍රියාවලියක් වන Fresh Dry Technology (FDT) අනුගමනය කරමින් පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ගෝලීය ප‍්‍රමිතීන් ද සහතික කරමිනි.

ආහාර සුරක්ෂිතතා ප‍්‍රමිතීන්හි ගෝලීය භාවිතයන් වෙත දැඩි ලෙස අනුගත වෙමින් නිෂ්පාදන ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීය කරන සහ අමුද්‍රව්‍ය සමඟ මානව සම්පත ස්පර්ෂ වීම අවම කරන එකම දේශීය සමාගම වන්නේ ද මෙයයි. RBD (පිරිපහදු කළ, විරංජනය කළ සහ සුවඳ ඉවත් කළ) ක‍්‍රියාවලියට යටත් නොවන ලෙස සනීපාරක්ෂකව, උසස් තත්වයේ පොල්තෙල් නිෂ්පාදනය FDT විසින් සහතික කරනු ඇත.

”N-Joy සන්නාමය දශක දෙකක කාලයක් පුරාවට සංවර්ධනය වෙමින් සාර්ථකත්වය කරා පැමිණියා. අපගේ දේශීය ගොවීන්ගෙන් ලබාගත් සාම්ප‍්‍රදායික පොල් ඉදිරියට ගෙන යමින්, අපි පාරිභෝගිකයින්ට කිසිදු රසායනික පිරිපහදුවකට යටත් නොවන ස්වභාවික නිෂ්පාදනයක් ලබා දුන්නා. අපගේ නව FTD තාක්ෂණය මඟින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව අපි දැන් පාරිභෝගිකයින්ට කිසිදු රසායනික ද්‍රව්‍යයකින් තොරව හොඳම තත්වයේ ස්වභාවික සහ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක් පිරිනමනවා.’’

”මෙවැනි නව තාක්ෂණයක් භාවිතා කරන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී සමාගම අපියි. අපි සෑම විටම ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, අද අපගේ පාරිභෝගිකයින්ට මෙම නිෂ්පාදනය ලබා දීමට හැකිවීම ගැන අපි සැබවින්ම සතුටු වෙනවා.” යනුවෙන් AadamjeeLukmanjee & Sons කළමනාකාර අධ්‍යක්ෂ මුර්තසා ලූක්මන්ජී මහතා පැවසුවේය.

පාරිභෝගිකයින් විසින් මෙම සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා N-Joy විසින් ‘’හරි පොල්තෙල් හඳුනාගන්න?” යනුවෙන් පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ අතර එමඟින් නිෂ්පාදනයේ QR කේතය තුළින් පාරිභෝගිකයින්ට සෑම බෝතලයකටම ජාත්‍යන්තරව පිළිගත් තත්ව සහතිකය හඳුනා ගැනීම සඳහා ප‍්‍රවේශය ලබා දෙයි.

”අපගේ නිෂ්පාදනය කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය අපට ඉතා වැදගත් වෙනවා. N-Joy පිරිසිදු පොල්තෙල් සෑම බෝතලයකම ඇති QR කේතය භාවිතා කරමින් අපගේ නිෂ්පාදනයේ නියම ගුණත්වය අවබෝධ කර ගැනීම සඳහා පාරිභෝගිකයින්ට අප ආරාධනා කරනවා. මෙම ප‍්‍රයත්නය සමඟින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වන අතර මෙම උත්සව සමයේදී අපගේ විශ්වාසවන්ත පාරිභෝගික පදනමට N-Joy පිරිසිදු පොල්තෙල් තුළින් වෙළෙඳපොලේ ඇති ඉහළම තත්වයේ පොල්තෙල් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බවට ප‍්‍රතිඥා දෙනවා.” යනුවෙන් N-Joy විකුණුම් සහ අලෙවි කළමනාකරු දුවින්ද්‍ර කෝරයා මහතා පැවසුවේය.

AadamjeeLukmanjee & Sons Group ශ‍්‍රී ලංකාවේ පිරිසිදු පොල්තෙල් පුරෝගාමී නිෂ්පාදකයා සහ අපනයනය කරන්නා වේ. N-Joy යනු රසායනික ක‍්‍රියාවලියකින් තොරව නිෂ්පාදනය කරන ලද ස්වභාවික තෙල් වර්ගයකි. මව් සමාගමේ වසර 150 ක පළපුරුද්දෙහි ආභාෂය ලබා ඇති N-Joy ISO 22000 තත්ව සහතිකය සමඟින් පිරිසිදු පොල්තෙල් පාරිභෝගිකයින්ට පිරිනැමීම වෙනුවෙන් වසර ගණනාවක් පුරාවට සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව