SLT උසස් අධ්‍යාපන ආයතනයෙන් සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන්ට ජාත්‍යන්තර ඉංජිනේරු උපාධි පාඨමාලා

Webp.net-resizeimage




 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පුහුණු මධ්‍යස්ථානය වන SLT Training Centre (SLTTC), එක්සත් රාජධානියේ BTEC International Level 3 Foundation Diploma in Engineering (Level 3) පාඨමාලාව මෙරටට හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙම පාඨමාලාව, අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට වඩාත් ඉක්මනින් තම ඉංජිනේරු සිහින සැබෑ කරගැනීමට මහෝපකාරී වනු ඇත.

SLTTC යනු මෙරට සිසුන්ට සහනදායී මිල ගණන් යටතේ ඉහළ ප්‍රමිතියකින් යුත් උසස් අධ්‍යාපන අවස්ථා උදාකර දෙමින්, රටේ තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුවට පුළුල් මට්ටමේ දායකත්වයක් ලබාදෙමින් සිටින අධ්‍යාපන ආයතනයකි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව, අනාගතයේ ඉංජිනේරුවන් බවට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් වඩාත් ඉක්මනින් සපුරා ගැනීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් වෙනුවෙන් SLTTC ආයතනය International Level 3 Foundation Diploma in Engineering (UK) පාඨමාලාව හඳුන්වා දී තිබේ. මාස 6ක පාඨමාලාවක් වන මෙය, එම සිසු සිසුවියන්ගේ දැනුම හා අවබෝධය මෙන්ම වෘත්තීය කුසලතාද වැඩිදියුණු කරනු ඇත.

මෙම පදනම් පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිසු සිසුවියන්ට ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා SLTTC පිරිනමන පාඨමාලා අතරින් තමන්ට කැමති පාඨමාලාවක් තෝරාගත හැකි වේ. උදාහරණයක් ලෙස ඔවුන්ට ඩිජිටල් තාක්ෂණය, විදුලි සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාවන් සම්බන්ධ Pearson BTEC – Engineering Higher National Diploma (HND) පාඨමාලාව හෝ, එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක් වන University of Hertfordshire මගින් පිරිනමනු ලබන BEng (Hons) ඉංජිනේරු උපාධි පාඨමාලාව තෝරාගත හැක.

එක්සත් රාජධානියේ University of Hertfordshire හි BEng (Hons) ඉංජිනේරු උපාධි පාඨමාලාව පිරිනැමීම සඳහා දකුණු ආසියාව තුළ අවසර හිමි එකම ආයතනය SLTTC වීම විශේෂත්වයකි. Washington Accord හි සහතිකකරණය හිමි මෙම විශ්ව විද්‍යාලයට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියද හිමි වී ඇත. උසස් ප්‍රමිතියෙන් යුත් විශ්ව විද්‍යාල පාඨමාලා SLTTC හිදී සහනදායී ගාස්තු යටතේ හැදෑරීමට අවස්ථාව ලබා දී ඇති අතර, MSc පාඨමාලා සඳහාද අර්ධ ශිෂ්‍යත්ව ක්‍රම හඳුන්වා දී තිබේ. උපාධි පාඨමාලාවන් සාර්ථක ලෙස අවසන් කරන සිසුන්ට වසර 2 ක කාලයක් සඳහා එක්සත් රාජධානියේ රැකියාවන්හි නිරත වීමේ අවසරයද හිමි වනු ඇත.

Pearson BTEC HND in Digital Technology පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව මෙරට සිසුන් වෙත හිමිවන ප්‍රථම අවස්ථාව මෙයයි. එක්සත් රාජධානියේ Pearson ආයතනය පිරිනමන මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ, උපාධි මට්ටමට පෙර සිසුන්ට අවශ්‍ය කරන උසස් තත්ත්වයේ වෘත්තීය හා තාක්ෂණික දැනුම ලබාදීමේ අරමුණිනි.

මීට අමතරව, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට අවශ්‍ය නම් ව්‍යවහාරික තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව (Certificate in Applied Information Technology) හෝ විදුලි සංදේශ කාර්මික සහතික පත්‍ර පාඨමාලාව (Certificate in Telecommunication Technician) (NVQ 3 හෝ  4) සඳහා ලියාපදිංචි විය හැකි වේ. භෞතික විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණ ධාරාවන්ගෙන් උසස් පෙළ හැදෑරූ සිසුන්ට University of Hertfordshire හි BEng (Hons) Engineering උපාධි හැදෑරීමට අවස්ථාව ඇත.

තවද ජීව විද්‍යා හෝ භෞතික විද්‍යා ධාරාවන් යටතේ උසස් පෙළ සම්පූර්ණ කළ සිසුන්ට SLTTC මගින් පවත්වනු ලබන Pearson BTEC (Level 5) HND in Electrical and Electronics Engineering පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැකි වේ. Pearson BTEC HND in Business යනු උසස් පෙළ අධ්‍යාපනය සම්පූර්ණ කළ සිසුන්ට හැදෑරිය හැකි තවත් පාඨමාලාවකි. උසස් පෙළ විභාගයේදී දක්වන දක්ෂතා අනුව සිසුන්ට 30% ක් දක්වා ශිෂ්‍යත්ව පිරිනැමීමට SLTTC කටයුතු යොදා තිබේ. Pearson මගින් පිරිනමනු ලබන පාඨමාලා එම ආයතනයේ සමීප නිරීක්ෂණයට ලක්වන අතර, ඉහළම තලයේ සුදුසුකම් ලැබූ, ජාත්‍යන්තරව පිළිගත්, ප්‍රවීණ දේශක මණ්ඩලයක් විසින් පාඨමාලා මෙහෙයවීම සිදුකරනු ලබයි.

පසුගිය වසර කිහිපය තුළ SLTTC  හි උපාධි පාඨමාලා හැදෑරු සිසු සිසුවියන් අතරින් 10 දෙනෙකු ප්‍රථම පන්තියේ ගෞරව උපාධි හිමිකරගෙන තිබේ.

කෙරවළපිටිය අධිවේගී පිවිසුමේ සිට විනාඩි කිහිපයක දුරකින් පිහිටි වැලිසර නවීන අධ්‍යාපන පීඨයේදී SLTTC  හි ප්‍රධාන පාඨමාලා වලට අදාළ දේශන හා පුහුණු කටයුතු පැවැත්වීම සිසුන්ට ඉමහත් පහසුවක් වනු ඇත. පූර්ණ පහසුකම් සහිත විද්‍යාගාර, විශාල පුස්තකාලයක්, ආපනශාලාවක්, ක්‍රීඩා හා විනෝදාස්වාද පහසුකම් සහ නේවාසිකාගාර පහසුකම් ඇතුළු නවීන පහසුකම් රාශියක් එම පරිශ්‍රය තුළ පවතී. එමෙන්ම SLT ආයතනය තුළ මාස 6 ක පුහුණු කාලයක් හිමිවීම, මෙම සිසුන්ගේ අනාගත වෘත්තීය ජීවිතයට අතිශයින් වැදගත් වනු ඇත. එපමණක් නොව, පාඨමාලා ගාස්තු වෙනුවෙන් පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමටත්, එකවර ගෙවීමේදී 5% ක වට්ටමක් ලබාදීමටත් SLTTC ආයතනය පියවර ගෙන තිබේ.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව