ජනශක්ති ලයිෆ් ගෝලීය ප්‍රමිතීන් අභිබවා යමින් මාස 8ක් තුළ MDRT සුදුසුකම් ලැබූවන් 50 දෙනෙකු දායාද කරයි

Press Release image (1)

 




 

 

2021 මූල්‍ය වර්ෂයේ පළමු මාස 8ක කාලය තුළ සිය විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කරමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් එක්සත් ජනපද නිර්ණායකයන්ට MDRT සඳහා සිය සාමාජිකයන් 50 දෙනෙකු සුදුසුකම් ලැබූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ තුළින් සිය අලෙවි කණ්ඩායම් සතු ශක්තිමත් වෘත්තීයභාවය සහ ඉහළ වෘත්තීය ආචාර ධර්ම හා විශිෂ්ටත්වය වෙනුවෙන් ඔවුන් තුළ ඇති කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමටද ජනශක්ති ඉන්ෂුවරන්ස් සමත්ව ඇත. අලෙවි කණ්ඩායම තුළ පමණක් නොව සමස්ත ජනශක්ති සමාගම තුළින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු උසස් නිෂ්පාදන හා සේවාවන් ගනුදෙනුකරුවන් වෙත ලබා දීම වෙනුවෙන් සිදු කරන කැපවීමද මේ තුළින් මනාව පිළිබිඹු වේ.

මෙහිදී MDRT සුදුසුකම්ලත් ජනශක්ති සාමාජිකයන් බොහොමයක් ඒ සඳහා කිහිපවරක් සුදුසුකම් ලැබූ ප්‍රවීනයන් වීමද විශේෂත්වයකි. එම සුදුසුකම් ලැබූවන් අතුරින් උපදේශකයන් දෙදෙනෙකු MDRT හි ඉහළම ගෞරවණීය සම්මානය හිමි කරගෙන ඇත්තේ ඒ සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන් මෙන් 6 ගුණයක සුදුසුකම් සපුරා ලමිනි. ඊට අමතරව තවත් උපදේශකයින් 4 දෙනෙකු සුදුසුකම් ලැබීමේ නිර්ණායකයන් මෙන් 3 ගුණයක සුදුසුකම් සපුරා ලමින් MDRT හි ඉහළම ගෞරවය හිමිකර ගැනීමට සමත්ව සිටීම කැපී පෙනෙන කරුණකි. ජනශක්ති ඉන්ෂුවරන්ස් විසින් MDRT වෙත දායාද කළ වැඩිම සුදුසුකම්ලාභීන් ප්‍රමාණය ලෙසද මෙය සඳහන් කළ හැකිය. ජනශක්ති අලෙවි කණ්ඩායමේ නවතම වාර්තාවක් වන මෙය අනෙකුත් සමාගම් සඳහාද කදිම පූර්වාදර්ශයක් සපයනු නිසැකය. මෙම සුවිසල් ජයග්‍රහණය තව දුරටත් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යමින් 2021 වසර අවසන් වන විට MDRT සුදුසුකම් ලාභීන් 100 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීම ජනශක්ති ඉන්ෂුවරන්ස්හි අරමුණයි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව