කොමර්ෂල් බැංකුවේ ‘ඩබල් කෑෂ්’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට මුදල් ත්‍යාග

Double Cash remittance promo winners

කොමර්ෂල් බැංකුව විසින් වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් යන ගෝලීය මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත්කළ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ එම සේවාවන් මගින් කොමර්ෂල් බැංකුවේ ශාඛාවක් හරහා මුදල් පේ‍්‍රෂණ ලබාගත් ගනුදෙනුකරුවන් 16 දෙනෙකුට තම පේ‍්‍රෂණ මුදල් දෙගුණ කර ගැනීමේ අවස්ථාව ලබාදී තිබුණි. මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ නොවැම්බර් 15 වනදා අවසන් වූ සතිපතා දිනුම් ඇදීමේදී වෙස්ටර්න් යුනියන් හරහා පේ‍්‍රෂණ මුදල් ගෙන්වාගත් ගනුදෙනුකරුවන් 08 දෙනෙකු සහ මනිග‍්‍රෑම් හරහා පේ‍්‍රෂණ මුදල් ගෙන්වාගත් ගනුදෙනුකරුවන් 08 දෙනෙකු මෙම ජයග‍්‍රහණය ලබාගත් බවයි.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ කොමර්ෂල් බැංකුව විසින් රුපියල් 800,000 ක් දක්වා සමස්ත ත්‍යාග මුදල් ලබාදීමට ඉදිරිපත් කර තිබුණි. කොමර්ෂල් බැංකුව විසින් සිදුකළ ‘ඩබල් කෑෂ්’ ප‍්‍රවර්ධන වැඩසටහනේ මුල්ම ජයග‍්‍රාහකයින්ගෙන් කිහිප දෙනෙකු මෙම සේයාරුවේ දැක්වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව