ආකර්ෂණීය නිමාවක් හා මනා ක‍්‍රියාකාරීත්වයක් සහිත Galaxy Z Flip3 5G සමඟ ඔබේ විශිෂ්ටත්වය ලොවටම ප‍්‍රදර්ශනය කරන්න

Samsung_LOGO

 




ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සැපයුම්කරු වන සැම්සුන් ඔබේ සුරතට මනාව ගැලපෙන ආකර්ෂණීය නිමාවකින් යුත් Galaxy Z Flip3 5G ස්මාර්ට් ජංගම දුරකතනය හඳුන්වා දෙන ලදී. අද වන විට නව්‍ය තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් නව්‍යකරණ නිෂ්පාදනයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බැවින්, මෙම ස්මාර්ට් ජංගම දුරකතනය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද බෙහෙවින් ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ ඔවුන් වෙත සුවිසල් බලපෑමක් ඇති කරමිනි.

විවිධ වර්ණයන්ගෙන් මෙන්ම සුවිසල් තිරයකින් සුසැදි මෙම ස්මාර්ට් ජංගම දුරකනය තුළින් පරිශීලකයන් හට ඔවුන්ගේ අභිමානය ලොවට ප‍්‍රදර්ශනය කිරීමේ හැකියාව ලබා දෙන අතරම ජංගම දුරකතනයෙහි නම්‍යශීලී බව සහ බහු ක‍්‍රියාකාරී හැකියාවන් අනාගත පරම්පරාව වෙත විවිධ හැකියාවන් උරුම කර දෙනු නිසැකය.

එසේම පරිශීලකයන්ට ගැළපෙන ආකාරයේ ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් ලබා දෙන මෙම ආකර්ෂණීය නිෂ්පාදනය ඒ සඳහා  බොහෝ අවස්ථාවන් සහ උපක‍්‍රමයන් ද පරිශීලකයන් වෙත හිමි කර දෙනු ලබයි. එහිදී මද වේලාවක් ජංගම දුරකතනය භාවිත කිරීමෙන් අනතුරුව Samsung Galaxy Z Flip3 පිළිබඳ පාරිභෝගිකයන්ට දැන ගැනීමට අවැසි විස්තර පිළිබඳ මාර්ගෝපදේශයක් ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

Galaxy Z Flip3 හි පෙර හඳුන්වා දුන් මාදිලියට වඩා සිව් ගුණයක විශාලත්වයකින් යුත් අඟල් 1.9ක Super AMOLED තිරය එහි ආකර්ෂණීයත්වයේ ප‍්‍රමුඛතම සාධකය ලෙස පෙන්වා දිය හැකිය. ආවරණ තිරය සහ කැමරාව ජංගම දුරකතනයේ එක් පසෙකට වන්නට සරල ආකාරයෙන් නිමවා ඇති මෙම ස්මාර්ට් ජංගම දුරකතනය ඉතා අලංකාර වර්ණ 2ක පෙනුමකින් යුක්ත වන අතර එහි නිමාව මනාව දැකගත හැකි ආකාරයේ සුවිශේෂී ආවරණයකින්ද සමන්විත වේ.

එහි ඇති කළු පැහැයෙන් යුක්ත කොටස glossy පෙනුමකින්ද වර්ණවත් කොටස matte පෙනුමකින්ද යුක්ත වන අතර ජංගම දුරකතනය අතේ තබාගෙන සිටීමේදී එය ක‍්‍රියාත්මක කරන බොත්තම (power button) මහපට ඇඟිල්ලෙන් පහසුවෙන් ක‍්‍රියාත්මක කළ හැකි ආකාරයෙන් සකසා තිබීම පරිශීලකයන්ට වඩාත් පහසුවක් වනු ඇත. එහිදී ජංගම දුරකතනය fold කර ඇති විටදී පවා ආවරණ තිරය හා තවත් බොහෝ විශේෂාංග භාවිත කිරීමට හැකිවීමද තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

මනා පෙනුමක් මෙන්ම මනා පහසුවක් සළසන ස්මාර්ට් ජංගම දුරකතනයක් ලෙස මෙය නිර්මාණය කිරීමට සැම්සුන් සමාගමට හැකි වී ඇත්තේ Samsung Galaxy Z Flip3 මාදිලිය තව දුරටත් නව්‍යකරණයට ලක් කිරීමේ ප‍්‍රයත්නයෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව එම ස්මාර්ට් ජංගම දුරකතනයෙහි ඉදිරිපස, පිටුපස මෙන්ම අනෙකුත් සියලූ පැති ඉතා සියුම් ලෙස නිමවීමට ඔවුන් කටයුතු කර ඇත.

පරිශීලකයන්ට අවශ්‍ය කෝණයකින් ජංගම දුරකතනය fold කිරීමට හෝ දිග හැරීමට පෙර මාදිලියට වඩා සිහින් ආකාරයෙන් නිමවා ඇති එහි Hideaway Hinge දුවිලි හා වෙනත් අපද්‍රව්‍ය වලින් ද ආරක්ෂිත වන නිසා දුරකතනයෙහි ක‍්‍රියාකාරීත්වය මනාව තබා ගැනීමටද උපකාරී වේ.

නවතම Galaxy Z Flip3 හි ඇති තවත් විශේෂත්වයක් වන්නේ හිස් අවකාශයක් සහිත පරිශීලකයාගේ තත්වය මනාව පෙන්නුම් කළ හැකි ආකාරයෙන් දිනය වේලාව වැනි දේ අන්තර්ගතව තිබීමයි. එසේම සැකසුම් යටතේ ඇති විකල්ප මෙනුව වෙත පිවිසීම තුළින් පරිශීලකයන් හට විවිධ වේලාවන් දක්වන ආකාරයන්, වෝල් පේපර් සහ වර්ණයන් තෝරාගැනීමේ පහසුවද මෙහිදී උදා කර දී ඇත. තවද ජංගම දුරකතන තිරය තමන්ගේම ඡුායාරූපයකින් සරසා ගැනීම සඳහා  ඡුායාරූප අතරින් එකක් තෝරා ගැනීමට හෝ GIF කිරීමටද මෙහිදී හැකිවේ.

 




 

විශාල ප‍්‍රමාණයෙන් යුත් ආවරණ තිරය නව්‍ය විශේෂාගයන්ගෙන් පරිපූර්ණ වන අතර දුරකතනය දිග හැරීමකින් තොරව ප‍්‍රධාන මෙනුව භාවිත කළ හැකි මෙහි තිරය මත තට්ටු කිරීම තුළින් පමණක් power button, volume button වෙත පිවිසීමට මෙන්ම තවත් බෙහෝ විශේෂාංගයන් අත්විඳීමට හැකියාව උදා වනු ඇත. මෙහි ඇති තවත් සුවිශේෂී විශේෂාංගයක් වන්නේ පරිශීලිකයන්ට ඔවුන්ගේ notifications වෙත පහසුවෙන්  පිවිසීමට හැකිවීමයි. power button එබීමෙන් හා දකුණට ස්වයිප් කිරීම තුළින් පරිශීලකයන්ට ඔවුන්ගේ පණිවිඩ හා යෙදුම් පිළිබඳ     notifications පරීක්ෂා කිරීම සඳහා ද ආවරණ තිරය භාවිත කළ හැකිය. එසේම තිරය ටැප් කිරීම තුළින් Messages සහ notifications පේලි 8ක් දක්වා බලා ගැනීමේ හැකියාවත් ‘Open Application’ පහසුවෙන් ක්ලික් කිරීම තුළින් ප‍්‍රධාන තිරයේ ඇති app භාවිත කිරීමේ හැකියාවක් පරිශීලකයන්ට ඉමහත්  පහසුවක් අත් කර දෙනු ලබයි.

එසේම ආවරණ තිරයේ ඇති ඔබ නිතර භාවිත කරන විශේෂාංගයන් පහසුවෙන් භාවිත කිරීමට හැකි අතර තිරය වම් පසට ස්වයිප් කිරීම තුළින් සංගීතය, කාලගුණය, ඉයර්ෆෝන්, රෙකෝඩින් සහ තවත් බොහෝ සේවාවන් සළසා ගැනීමට ඉඩ හසර සළසනු ලබයි. ආවරණ තිරය මත Galaxy Buds2 ක‍්‍රියාත්මක කිරීමෙන් earbud හි Active Noise Cancelling හෝ Ambient Sound mode සක‍්‍රිය කිරීමේ හැකියාව උදාවේ.

ස්මාර්ට් දුරකතනය දිග හැරීමට හා කැමරාව සක‍්‍රිය කිරීමට යම් කාලයක් ගත වන බැවින් ඊට කදිම විසඳුමක් ලෙස හඳුන්වා දී ඇති Quick Shot විශේෂාංගය පරිශීලකයන් හට තවත් පහසුවක් වනු නොඅනුමානය. එහිදී කැමරාව ක‍්‍රියාත්මක කිරීම සඳහා  volume button දෙවරක් ක‍්‍රියාත්මක කිරීමෙන් පමණක් සිදු කළ හැකි වීම තවත් පහසුවක් ලෙස පෙන්වා දිය හැකිය. ඡුායාරූප ගැනීම සඳහා  අවශ්‍ය කෝණය ලබා ගැනීමට Cover Screen භාවිත කළ හැකි අතර ඔබගේ අත්ල තිරයට ප‍්‍රදර්ශනය කිරීම හෝ volume button ක‍්‍රියාත්මක කිරීම තුළින් පහසුවෙන් ඡුායාරූප ලබා ගත හැකි වේ.

මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ hinge සමඟ සාමාන්‍ය ජංගම දුරකතනයන් තුළ දැකිය නොහැකි අත්දැකීමක් Galaxy Z Flip3 විසින් ඔබ වෙත ගෙන එනු ලබයි. දුරකතනය fold කළ පසු රඳවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බැවින් දෑත් නිදහස්ව තබා ගැනීමට හැකි අතරම ඒ නිසාම Galaxy Z Flip3 හි Flex මාදිලිය පරිශීලකයන් වෙත වඩා පහසුවක් ළඟා කර දෙනු ලබයි.

දුරකතනයෙහි පහළ දකුණු කෙළවරෙහි ඇති බොත්තම ටැප් කිරීම තුළින් Auto framing විශේෂාංගය සක‍්‍රිය කිරීමේ හැකියාව ඇති අතර එය වීඩියෝ ලබා ගැනීමේදී වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇත. වීඩියෝ හෝ ඡුායාරූප ගනු ලබන ස්ථානය, පුද්ගලයින් හා ද්‍රව්‍ය සංඛ්‍යාව මත එම උපාංගය විසින්ම ඡුායාරූප හා වීඩියෝ ගත කිරීමේ සැකසුම් සිදු කරනු ලබයි. එහිදී දුරකතන තිරයේ ඉහළ දකුණු කෙළවරෙහි ඇති Dual Preview button ටැප් කිරීමෙන් ඡුායාරූපයට නගන දේ සහ පරිශීලකයා යන දෙකම එකවර වීඩියෝවේ පෙර දසුනක් ලෙස බලා ගැනීමට අවකාශ උදා වේ.

එසේම නිතර භාවිත කරන යෙදුම් (apps) වල යම් එකතුවක් ඇත්නම් ඒවා සැණෙකින් ක‍්‍රියාත්මක කිරීම App Pair විශේෂාගය භාවිත කළ හැකි අතර ඒ සඳහා ඔබ කළ යුත්තේ app divider මැද ඇති තිත් 3 ටැප් කර එහි දකුණු පස ඇති සළකුණ ටැප් කිරීමයි. Edge Panel හි ඔබ ගබඩා කර ඇති app මත ටැප් කිරීමෙන් එම බෙදුම් තීරය සැණෙකින් සක‍්‍රිය වනු ලබයි.

තමන් සිටින ප‍්‍රදේශය හෝ එහි ඇති කාලගුණික තත්වය නොසලකා හරිමින් පහසුවෙන් ස්මාර්ට් ජංගම දුරකතනය භාවිත කිරීමේදී එහි කල් පැවැත්ම අනිවාර්ය සාධකයක් විය යුතුය. Galaxy Z Flip3 පෙනුම මුල් මාදිලියට වඩා සිහින් හා සැහැල්ලූ වුවද බාහිර සාධකයන්ට වඩාත් ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර තිබීම එහි කල් පැවැත්මට වඩාත් උචිත වේ. ආමර් ඇලූමිනියම් හා Corning Gorilla Glass Victus ඇතුළු ශක්තිමත් මූල ද්‍රව්‍යයන්ගෙන් එහි ආරක්ෂාවට සුවිසල් ශක්තියක් සපයනු ලබන අතර ජංගම දුරකතනය නැමීමේදී හා දිග හැරීමේදීද ඊට සිදු විය හැකි හානිය අවම කරනු ලබයි. තමන්ගේ ජංගම දුරකතනය අහම්බෙන් හෝ බිම වැටුණහොත් ඊට කිසිදු හානියක් සිදු නොවන බවට පරිශීලකයාගේ විශ්වාසය තහවුරු කර ගැනීමට එය කදිම සාක්ෂියක් වනු ඇත.

වගකීම් සහගත හා විශ්වාසවන්ත සේවාවක් ලබා දීම වෙනුවෙන් සෑම Galaxy Z Flip3 ස්මාර්ට් ජංගම දුරකතන පෙට්ටියක්ම පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරන අතරම පාරිභෝගිකයන් කැමති වර්ණ හා සුවපහසුව සම`ගින් ජංගම දුරකතනය භාවිතයේ ප‍්‍රබෝධවත් බව ඔවුන් වෙත උදා කර දීමට සැම්සුන් නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව