කොමර්ෂල් බැංකුව, Visa සමග එක්ව ශ‍්‍රී ලංකාවේ ගෙවීම් සහතිකකරණය තවත් ශක්තිමත් කරයි

EMV 3DS deployment

 




 

 

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිඞ්, ඩෙබිට් සහ පෙර-ගෙවුම් කාඞ්පත් මගින් සිදුකරන ගෙවීම් පිළිගැනීම සඳහා වීසා සමාගම සමග එක්ව ශ‍්‍රී ලංකාවේ පළමු වරට EMV 3DS වංචා වැලැක්වීමේ තාක්ෂණය හඳුන්වා දුන් පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ.

EMVCo විසින් නිකුත් කර තිබෙන ගෝලීය ක‍්‍රමවේදයක් වන අවශ්‍යතාවයක් වන EMV 3DS ආරක්ෂණය තුළින් ගෙවීම් ක‍්‍රියාවලියට අනවශ්‍ය බාධාවන් ඇතුළත් නොකරගනිමින් පාරිභෝගිකයා සහතික කිරීමට අවස්ථාව හිමිවන බව බැංකුව සඳහන් කරයි. මෙම වැඩිදියුණු කිරීමත් සමග එක්වරක් පමණක් ලබාදෙන රහස් වචනය (OTP) එවීමේ ක‍්‍රියාවලිය වඩාත් ශක්තිමත් සහ සුරක්ෂිත වන අතර ඒ තුළින් පාරිභෝගිකයාගේ පහසුව සහ ආරක්ෂාව  ශක්තිමත් වේ.

මෙම සහතික කිරීමේ ක‍්‍රියාවලියේදී ගනුදෙනුවක් වලංගුභාවයට පත්කිරීම සඳහා වෙළෙඳ නියෝජිතයා විසින් කාඞ්පත් නිකුත් කර තිබෙන ආයතනයට දත්ත ලබාදීම අවශ්‍ය වේ. මේ අනුව, බාධාවන් නොමැතිව සහ පේජ් රීඩිරෙක්ට්ස් ක‍්‍රියාවලිය මෙන්ම ගෙවීම කිරීමට පෙර තොරතුරු ඇතුළත් කිරීම අවම කරමින් ඉතාමත් වේගවත්ව සහතික කිරීමේ අවස්ථාව ලබාදෙමින් අවධානම අඩු මිලදීගැනීම් සිදුකිරීමට පහසුකම් සැලසීමට මෙහිදී බැංකුවට හැකියාව හිමිවේ. මීට අමතරව, කාඞ්පත් හිමියා විසින් අවධානමින් ඉහළ මිලදීගැනීමක් සිදුකරන විට කෙටි පණිවුඩයක් (SMS), ආරක්ෂණ ප‍්‍රශ්න සහ ඊ-මේල් වැනි අනිකුත් ක‍්‍රම මගින් අමතර සහතික කිරීමක් සිදුකරන ලෙස කාඞ්පත් හිමියාට දැනුම් දෙන අතර ඒ තුළින් වංචාවන් වැලැක්වීම සඳහා කටයුතු කර තිබේ.

‘ඩිජිටල් ගෙවීම් ගනුදෙනුවල ඉහළම ප‍්‍රමුඛතාවය ආරක්ෂිතභාවයයි. නමුත්, එය පාරිභෝගිකයින් අපහසුතාවයට පත්කරන සංකීර්ණ ක‍්‍රියාවලියක් නොවිය යුතුයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා පැවසීය. ‘මෙම EMV 3DS තාක්ෂණය මගින් අපට ඉතාමත් නවීන ආරක්ෂණ ක‍්‍රියාවලියක් හිමිවෙනවා. එහිදී, බාධාවන් ඉවත් කර කාඞ්පත් හිමියාගේ අවම දායකත්වයෙන් ඉතාමත් පහසුවෙන්, සුරක්ෂිතව සහ ඉතාමත් වේගවත්ව සහතිකකරණය සිදුකරනවා.’

වීසා සමාගමේ ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකාරිණී, අවන්ති කොළඹගේ මෙනෙවිය මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වූවාය. ‘ශ‍්‍රී ලංකාව තුළ ඊ-වාණිජ්‍යය කටයුතු ඉතාමත් වේගයෙන් වැඩි වෙනවා. පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් වාණිජ්‍යය ක්ෂේත‍්‍රයට බොහෝ නව පාරිභෝගිකයින් පැමිණ තිබෙනවා. මේ නිසා, මෙම ක්ෂේත‍්‍රයේ ඉහළ අත්දැකීමක් ලබාදෙන අතරම පාරිභෝගික සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමත් ඉතාමත් වැදගත්. පාරිභෝගිකයාට හිතැති ඩිජිටල් විසඳුම් සහ ඉතාමත් පහසු අන්තර්ජාල සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමට කොමර්ෂල් බැංකුවේ තිබෙන දැක්මත් සමග එහි ගනුදෙනුකරුවන්ට වීසා ආරක්ෂාව සහ ශක්තිය ලබාදීමට එක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වීසා ආරක්ෂාව EMV 3DS 2.0 ක‍්‍රියාවලිය මගින් ගොඩනගා තිබෙන අතර මෙමගින් පාරිභෝගිකයාට බාධාවකින් තොරව ඉතාමත් වේගවත්ව සහ පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදීගැනීමට අවස්ථාව ලබාදෙනවා.’

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව