2021 නොවැම්බර් 10 කොළඹදී:
ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ඒකාබද්ධ මුහුදු ආහාර සමාගම වන තැප්‍රොබේන් සීෆුඩ්, ඇට්මන් සමූහය සමග සහයෝගිත්වයකට එළැඹෙන බව ප්‍රකාශයට පත්කර සිටියි.
ඇට්මන් සමූහය යනු ආසියානු රටවල වැඩි ප්‍රවණතාවයක් සහිත ආයෝජන අවස්ථා ඉලක්ක කරමින් ක්‍රමෝපාය සහයෝගිත්ව ගොඩනංවන, ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ කාර්යාල සමූහයක් පවත්වාගෙන යන සමූහ සමාගමකි. සත්කාරක ක්ෂේත්රය, විවේකී නිවාඩු ගත කිරීම්, කෘෂිකර්මාන්තය, දේපළ වෙළදාම් සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කිරීම සමාගමේ ව්‍යාපාරික කටයුතු වේ.
තැප්‍රොබේන් සීෆුඩ් යනු උසස් තත්ත්වයේ ප්‍රමිතිය, සාමාජීව වගකීම්, තිරසාරත්වය, විශ්වසනීයත්වය සහ සාර්ථකත්වය මත පදනම් වූ තිරසර සහ සාමාජීයව වගකීම් ඉටු කරන ජලජීවී වගා කර්මාන්තය තුළ ගෝලීය වශයෙන් ප්‍රමුඛයා බවට පත්වීමේ දැක්ම පෙරදැරි කරගත් සමාගමකි. ඉහළම ගුණාත්මක බව සහ මූලාශ්‍ර ප්රමිතීන් අනිවාර්ය කොට සලකන Whole Foods USA වැනි ප්රමුඛ පෙළේ වෙළඳනාම සඳහා උසස්තම තත්ත්වයේ මුහුදු ආහාර මෙම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබයි. එසේම පාස්චරිත නිල් කකුළුවන් (Blue Swimming Crab) සහ SPF වන්නමෙයි ඉස්සන් නිෂ්පාදනය සම්බන්ධයෙන් තැප්‍රොබේන් සමාගම ක්ෂේත්රයේ ප්‍රමුඛයා සහ පුරෝගාමියා වන අතර එය ශ්‍රී ලංකාවේ පළමු පරිසර-නිර්දේශිත ධීවර කර්මාන්තය මෙන්ම පෝක් සමුද්‍ර සන්ධියේ හා මන්නාරම් බොක්කේ සිදු කරන ආසියාවේ පළමු නිල් කකුළු ධීවර කර්මාන්තය වේ.
තිරසාරත්වය පෙරදැරි කරගත් තැප්‍රොබේන් සමාගම අනුමත ප්‍රමිතියෙන් යුත් ඇසුරුම් භාවිතය කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වන අතර සියලුම දේශීය හා ජාත්‍යන්තර නීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස ඇසුරුම් අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ට ද උපදෙස් ලබා දී තිබේ. ප්‍රජාව ශක්තිමත් කිරීමේ සිය වගකීම ඉටු කරන තැප්‍රොබේන් සමාගම, නිරන්තරයෙන්ම ක්ෂේත්රය තුළ ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ආචාරධර්ම වලට අනුකූලව කටයුතු කිරීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරන අතර පසුගිය වසර කිහිපය තුළ ආයතනයේ අතිනවීන සැකසුම් පහසුකම් වෙත සම්බන්ධිත සේවකයින්ගේ රැකියා සහ ජීවන තත්ත්වය, යහපැවැත්ම සහ තිරසර සංවර්ධනය කෙරෙහි විශාල වශයෙන් අවධානය යොමු කර තිබේ. සමාගම සිය වගකීම, හුදු ආයතනික සාමාජීය වගකීමක් පමණක් නොව, සාධාරණ සහ තිරසර ක්රමෝපායන්ට අනුකූල වූ පද්ධතියකින් සේව්‍යයාටත් සේවකයාටත් යන දෙපාර්ශවයටම ප්රතිලාභ ලැබිය හැකි මාර්ගයක් ලෙස දකියි.
“අපගේ ආයතනයේ ක්‍රමෝපාය ආයෝජකයෙකු ලෙසින් ඇට්මන් සමූහය සමග හවුල්කාරිත්වයකට එළැඹීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත් වෙනවා.” යනුවෙන් තැප්‍රොබේන් සීෆුඩ් ආයතයේ කළමනාකරණ අධ්යක්ෂ තිමති ඕ’රයිලි මහතා පැවසීය. “මෙම සහයෝගිත්වය සමගින් ආයෝජන මාවතේ තවදුරටත් ඉදිරියට යාමටත් අනාගතයේදී නව ක්‍රමෝපාය ආයෝජනකයින් සමග කටයුතු කිරීමටත් මෙන්ම ප්‍රධාන ක්‍රමෝපාය වෙළඳපොළ තුළ සමූහයේ සාර්ථකත්වය ඉහළට ගෙන යාමටත් හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මුහුදු ආහාර යනු විශිෂ්ට විකල්පයක් ලෙස ගෝලීය නැඹුරුතාවන් මගින් පෙන්නුම් කරන අතර මෙම පාරිභෝගික නැඹුරුතාවලින් ප්රතිලාභ ලැබීම සඳහා තැප්‍රොබේන් සීෆුඩ් නියමාකාරයෙන් ස්ථානගත වී ඇති බවට අපි විශ්වාස කරනවා. අපි මේ වන විටත් සම්පූර්ණ සැපයුම් දාම සාර්ථකව ඒකාබද්ධ කිරීම සඳහා 70%කට වැඩි ධාරිතාවයක් ආයෝජනය කර තිබෙනවා. තිරසාරත්වය සහ සදාචාරාත්මක මූලාශ්‍ර කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු කරමින්, තැප්‍රොබේන් සීෆුඩ් සහ ඇට්මන් සමූහය ඉදිරි කටයුතු සුබවාදී වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ” යනුවෙන් ඔහු සඳහන් කළේය.
මෙම ආයෝජනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නාදන් සිවගනනාදන් මහතා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාවේ ධීවර් කර්මාන්ත වෙළදපොලේ ප්රමුඛයෙකු වන තැප්‍රොබේන් සීෆුඩ් සමගින් එක්ව කටයුතු කිරීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් අපි ඇත්තෙන්ම සතුටු වෙනවා. ” තැප්රොබේන්හි මන්නාරමේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කිරීමට එක් වූ ඇට්මන් සමූහයේ කණ්ඩායම, එහි තිරසර ක්රමෝපායන් සහ විශේෂයෙන්ම යුද්ධය හේතුවෙන් වැන්දඹු වූ සහ ආබාධිත වූ පිරිස ඇතුළු ප්‍රදේශයේ ජනතාවට වන යහපත් බලපෑම සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වූහ. “මෙම ක්‍රමෝපාය ආයෝජනය මගින් තැප්රොබේන්හි පදනම ශක්තිමත් කරනු ඇති බවටත් සමාගමේ තිරසර පා සටහන් අලුත් වෙළඳපොළවල් වෙත ව්‍යාප්ත කළ හැකි වනු ඇති බවටත් අපි විශ්වාස කරනවා. ජලජීවී වගා කර්මාන්ත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සහතික කිරීමේ අධිකාරිය වන Best Aquaculture Practices (BAP) වෙතින් තැප්‍රොබේන් සමාගමට පසුගියදා 3* ගෞරව සම්මාන හිමි වුණා. මෙම සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 200ක් දක්වා වර්ධනය වීමේ මං තීරුවට ප්‍රවේශ වී සිටින අතර මෙම ගමනේදී තැප්‍රොබේන් සමගින් එක්ව යාමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් ඇට්මන් සමූහය ආඩම්බරයට පත් වෙනවා.” යනුවෙන් සිවගනනාදන් මහතා වැඩිදුරටත් පැවසීය.
2010 වසරේදී ස්ථාපනය කරන ලද තැප්‍රොබේන් සීෆුඩ් සමාගම, සැකසුම් පහසුකම් 15කින් සමන්විත වන අතර වයඹ සහ උතුරු පළාත්වල 2000කට වැඩි සේවක පිරිසක් මෙහි ඍජුව සේවයේ යෙදී සිටිති. මෙහි ඇති සුවිශේෂත්වයක් වන්නේඋතුරු පළාතේ ඇති සැකසුම් කර්මාන්තශාලාවේ ආරක්ෂක නිලධාරියාගේ පටන් අධීක්ෂක සහ කළමනාකරණ තනතුරු දක්වාත් සියලුම සේවා කටයුතු සිදු කරනු ලබන්නේ සිය පවුල පෝෂණය කරන යුද්ධයෙන් වැන්දඹු වූ කාන්තාවන් විසින් වීමය. එසේම මෙම සමාගම ස්ත්‍රී පුරුෂබව, ජාතිය හෝ ආගම වැනි තත්ත්වයන් නොලසකා සිය කර්මාන්තශාලා අවට සිටින සියලු දෙනාට සමාන අවස්ථා පිරිනැමීමේ දැක්ම අනුව යමින් විවිධ ආබාධ ඇති පුද්ගලයින්ට ද සේවය කිරීමේ අවස්ථාව උදා කර දී තිබේ. තැප්‍රොබේන් සීෆුඩ් සිය සාර්ථකත්වයේ කතාව ආරම්භ කරන ලද්දේ තිමති ඕ’රයිලි, ඩිලාන් ප්‍රනාන්දු සහ සත්‍යා රත්නායක යන කැපවීමෙන් කටයුතු කරන පැහැදිලි දැක්මක් ඇති නායකත්වය සමගිනි. තායි යුනියන්හි විධායක සභාපති චෙං නිරුටිනනොන් මහතා ද තැප්‍රොබේන් සීෆුඩ් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරයි. තායි යුනියන් යනු ජාත්‍යන්තර විශාලතම මුහුදු ආහාර සමාගමක් වන අතර එහි පරිපාලිත ආයතනයක් වන චිනක් ඔෆ් ද සී ෆ්රෝසන් ෆුඩ් යනු ඇමරිකානු වෙළදපොළට කකුළුවන් සහ ඉස්සන් ආනයනය කරන දැවැන්තම සමාගම වේ. එසේම FSSC 22000 ආහාර සුරක්ෂිතතා ප්‍රමිති සහතිකය සහ HACCP අවදානම් කළමනාකරණ පද්ධති සදහා සහතිකය ද සමාගම හිමි කරගෙන තිබේ.