සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප්‍රකට Great Place to Work® ඇගයුම විසින් සිදුකරන ලද ස්වාධීන විශ්ලේෂණයකට පසු සෙලින්කෝ ලයිෆ් සමාගම පිට පිටම දෙවන වසර සඳහාත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක් වී ඇත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා මෙම විශ්ලේෂණයේදී පසුගිය වසරේ ලබාගත් ලකුණු වලට වඩා මෙවර ලකුණු පහක් වැඩිපුර ලබාගෙන තිබීම කැපී පෙනේ.
මෙම විශ්ලේෂණය සිදු කිරීමට විශ්වාසවන්ත දර්ශක සමීක්ෂණයක් (Trust Index© Survey) මගින් මූලධර්ම පහක් (විශ්වාසවන්තභාවය, ගෞරවය, සාධාරණත්වය, අභිමානය සහ මිත්රශීලීභාවය) පදනම් කරගනිමින් සේවකයින්ගේ අත්දැකීම පිළිබඳව තක්සේරුවක් සහ සංස්කෘතික විගණන (Culture Audit©) කළමනාකරණ ප්‍රශ්නාවලියක් මගින් දැනට සිටින පිරිස්වල ක්‍රියාමාර්ග පිළිබඳව තක්සේරුවක් සිදුකරයි.
මෙම සමීක්ෂණයට සෙලින්කෝ ලයිෆ් සමාගමේ පූර්ණ කාලීන සේවකයින්ගෙන් 100% ක්ම සහභාගී වූ අතර ඔවුන් අනාවරණය කර තිබෙන්නේ සේවා ස්ථානයක් ලෙස සමාගම කෙරෙහි තිබෙන සමස්ත දැක්ම වඩාත් ධනාත්මක එකක් බවයි. ‘මගේ රාජකාරියට විශේෂ අරුතක් ඇත. මෙය රැකියාවක් පමණක් නොවෙයි,’ යන මෙම ප්‍රධාන සහ සංවේදී අදහසට ප්‍රමුඛත්වය ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.
මීට අමතරව, මෙම සමීක්ෂණය සඳහා සහභාගී වූවන්ගෙන් 85% කට වැඩි ප්‍රමාණයක් අසා තිබූ ගවේෂණාත්මක ප්‍රශ්න වලට ‘Great’ සහිත ‘Fair’ යන ඉහළ වර්ගීකරණයන් ලබාදී තිබෙන අතර සමාගමේ කළමනාකාරීත්ව කණ්ඩායමේ තීරණ පිළිබඳව සේවකයින් කෙතරම් ධනාත්මක විශ්වාසයක් තබා තිබෙනවාදැයි මෙයින් පිළිඹිබු වේ. මෙය සෙලින්කෝ ලයිෆ් වසර ගණනාවක් පුරා රඳවාගත් විශ්වාසය වෙනුවෙන් ලැබුණු සහතිකයක් වන අතර ඒ තුළින් මෙහෙයුම් සාර්ථකත්වයක්, සාර්ථක සේවක මැදිහත්වීමක් සහ ඉහළ පාරිභෝගික තෘප්තියක් ළඟාකර ගත්බව සමාගම සඳහන් කරයි.
Great Place to Work® විසින් 2020 වසර වෙනුවෙන් ප්රකාශනයට පත්කළ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතුරින් ‘ව්‍යාපාරික හැකියාව’ සහ ‘කළමනාකරණයේ සුපැහැදිලිතාවය’ යන ක්‍රමවේදයන් සඳහා සාමාන්‍ය අගයට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සෙලින්කෝ ලයිෆ් ලබාගෙන තිබේ. මීට අමතරව, සමාගමේ ‘කළමනාකරණ ස්ථාවරත්වය’ ‘අභිමානය’ සහ ‘විශ්වසනීයත්වය’ යන අංශද මෙහිදී සාපේක්ෂ වශයෙන් වර්ධනය වී තිබීම කැපී පෙනේ.
එසේම, ‘සමාගම සමග දිගුකාලයක් රැඳී සිටීම’ යන දර්ශකය තුළින් සෙලින්කෝ ලයිෆ් වඩාත් ශක්තිමත් ස්ථානයක සිටින බව Great Place to Work® විසින් මෙහිදී නිරීක්ෂණය කර තිබේ.
‘විශේෂයෙන්ම මෙවැනි කාලයක මෙම සහතිකකරණය අපට ඉහළ දිරිමත් කිරීමක් ලබාදෙනවා.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘ගෝලීය වසංගතය නිසා ව්‍යාපාර මුහුණ දුන් අභියෝග හමුවේ සේවකයින් දැඩි පීඩනයකට ලක්වුණා. සංචරණ සීමා තිබූ කාලයේදී සමාගම්වල මෙහෙයුම් කටයුතු කිරීමට උත්සාහ කිරිමේදී සේවකයින් පිළිබඳව ප්‍රමාණවත් සැලකිල්ල දැක්වීම මගහැරී යෑමේ ඉඩකඩ තිබුණා. නමුත්, මේ අසීරු කාලයේදී සෙලින්කෝ ලයිෆ් විශ්වාස කළේ සේවකයින්ගේ අභිවෘධිය ප්රමුඛ කාර්ය විදිහටයි.’
සෙලින්කෝ ලයිෆ් විසින් Great Place to Work® සඳහා සහභාගිවූ ප්‍රථම අවස්ථාවේදීම 2020 වසරේ ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක්වීමද කැපී පෙනේ.
Great Place to Work® ඉහළ විශ්වාසය සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයීම සඳහා ගෝලීය වශයෙන් නායකත්වය ලබා සිටී. විශිෂ්ට සේවා ස්ථාන දර්ශක සහ සේවා ස්ථාන සමාලෝචන ඇතුළු හිමිකාර ඇගයුම් මෙවලම්, උපදේශන සේවාවන් සහ සහතිකරණ වැඩසටහන් ඔස්සේ Great Place to Work® විසින් තිරසාර සහ පිළිගැනීමට ලක්වන සේවා ස්ථාන සංස්කෘතීන් පිළිබඳ විශේෂත්වයන්, ආකෘතීන් ආදිය ලබාදේ.
2021 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ්‍රී ලංකාව තුළ වඩාත්ම ප්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.
සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.